
දැවැන්ත තෙල් හා ගෑස් නිධියක් පොළොව යට තියාගෙන ලෝකෙට ණය වෙවී පිටරටවලින් ණයට තෙල් ගන්නවා... චීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන් - උදය ගම්මන්පිල
දැවැන්ත තෙල් හා ගෑස් නිධියක් පොළොව යට තියාගෙන අපි ලෝකෙට ණය වෙවී හූල්ල හූල්ල පිටරටවලින් ණයට තෙල් ගනිමින් ජීවත් වන බවත්, ඇස්තමේන්තු කළ විට මණ්නාරම් ද්‍රෝණියේ පමණක් ඩොලර් බිලියන 300 වටින තෙල් සහ ගෑස් නිධියක් පවතින බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ 2024 විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"අයවැය විවාදය පුරාම අපිට ඇහුවෙ මේ විදේශ විනිමය අර්බූදය ගැන. අපේ ආනයන කරන්න ප්‍රමාණවත් ඩොලර් නෑ. අපේ අපනයන ආදායමෙන් ආනයන වියදම දරන්න බෑ. ඒ නිසා තමයි අපි මේ දැවැන්ත ණය කන්දක උරුමක්කරුවන් වුණේ. ඒ ණය ගෙවා ගන්න බැරිව අපි බංකොලොත් උනේ. අපේ ආනයන වියදම වැඩියි. අපනයන ආදායම අඩුයි කියලා අපි කතා වෙනවා. අපේ අපනයන වියදමෙන් සමහර මාස වල දී 25%ට වඩා වැය කරන්න සිද්ධ වෙන්නේ බලශක්ති ආනයනය කරන්න. එනම් ඛනිජ තෙල්, ගල් අඟුරු, ගෑස් මේ තුනට යනවා 25% ක ට වැඩියෙන්. හැබැයි මේ හමාස් ක්‍රියාකලාපයෙන් තෙල් මිල ලෝක වෙළෙඳ පොළේ වැඩි වෙනකොට අපි හඬා වැටෙනවා. අපි බියෙන් සලිත වෙනවා. ආයෙත් විදුලි කපන්න වෙයිද ? ආයි තෙල් පෝලිං එයිද ? අපිට ඩොලර් මදි වෙයිද ? කියන බය අපිට ඇති වෙනවා.
හරිනම් අපි තෙල් මිල ඉහළ යනකොට සැණකෙළි පවත්වන්න ඕන ජාතියක්. ඇයි ඒ ? මහා දැවැන්ත තෙල් හා ගෑස් නිධියක් අපේ පොළොව යට තියාගෙන අපි මේ ලෝකෙට ණය වෙවී හූල්ල හූල්ල පිටරටවලින් ණයට තෙල් ගනිමින් ජීවත් වෙනවා. මණ්නාරම් ද්‍රෝණියේ පමණක් ඇස්තමේන්තු කරල බැලුවම ඩොලර් බිලියන 300 වටින තෙල් සහ ගෑස් නිධියක් තියෙනවා. මා මේ ගැන පාර්ලිමේන්තුවට ලිඛිතව ඉදිරිපත් කලා. අපේ ආණ්ඩුවේ ණය ඩොලර් බිලියන 36යි. සමස්ථ ණය ඩොලර් බිලියන 53. මහපොළොව යට අපි තියාගෙන ඉන්නේ ඩොලර් බිලියන 300 ක්. ඕකෙන් බාගයක් ආණ්ඩුවට ලැබුණත් ඩොලර් මිලියන 150ක් අපිට තියෙනවා. අපේ ණය සියල්ලම ගෙවලා චීනේ වගේ අපිට අනිත් රටවලට ණය දෙන තත්වෙට එන්න පුලුවන්.
අපේ දේශසීමාව එහා පැත්තේ ඉන්දියාව තෙල් ගන්නවා. පසුගිය වසර 75ටම අපිට එක කරගන්න බැරි වුණා. මම ඇමැති ධුරය දැරුවේ මාස 18යි. ඒ කෙටි කාලය තුළදී මේ වැඩේට අත ගැහුවා. අවුරුදු 75ක් කරගන්න බැරි වුනු වැඩයට අතගැහුවා. අපි ඛණිජතෙල් නියාමනයට 2021 අංක 20 දරන පනත ගෙනාවා. ඛණිජතෙල් සම්පත් සංවර්ධන අධිකාරියක් හැදුවා. තෙල් ඉංජිනේරුවන් තුන්දෙනෙක් විදේශ රටවලින් ලංකාවට ගෙනවිල්ලා ඒ තනතුරු වලට පත්කලා. ස්භාවික වායු ප්‍රතිපත්තියක් හැදුවා. ඒ වගේම මේ ඛණිජතෙල් සංවර්ධණයට අදාල සිතියම හැදුවා.. තව ගොඩක් ලොකු ලයිස්තුවක් තිබෙනවා. අවාසනාවට මේ වැඩේ ඉස්සරහට යනව වගේ මට පේන්නේ නැ.
ඇමතිතුමාත් රාජ්‍ය ඇමතිතුමාත් ජවයක් තියෙන තරුණ ඇමතිවරු. මම එතුමන්ලාටත් කිව්වා මම දන්න දේකින් මම එතුමන්ලාට උදව් කරන්නම් ස්වේඡාවෙන් අනේ මේ තෙල් සම්පත ඉක්මනින් ගොඩ ගන්න කියලා. එතුමන්ලාට මේ කාර්යය ඉටු කරගන්න හැකියාව අවස්ථාව සහ බාධාවන් තොර වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා."
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
