පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටකළ බහාලුම් ගැන CIDයට ප්‍රකාශයක් දෙන්න ගිය විමල් එළියට ඇවිත් හෙළිකරපු සුවිශේෂී හෙළිදරව්ව මෙන්න.. (වීඩියෝ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ විමර්ශන ඒකකය විසින් ”ශ්‍රී ලංකා වරාය වෙත ආනයනය කරන ලද බහාලූම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව ශ්‍රී ලංකා රේගුව මඟින් නිදහස් කිරීම” සම්බන්ධව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද දින එම ඒකකයට කැඳවා තිබිණි.
ඒ අනුව ඒ මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඒකකය හමුවට ගොස් තම ප්‍රකාශය ලබාදීම සිදුකරන ලදී.
පසුව පිටතට පැමිණි විමල් වීරවංශ මහතා පවසා සිටියේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට අයත් එක්ස් ෆෝ ලංකා ආයතනයට අයත් බහාලුම් කන්ටේනර් මේ තුළ තිබූ බව තමා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළ බවත්, පසුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා තමා එම ආයතනයත් සමග දැන් සබඳතාවක් නැති බව ප්‍රකාශ කර තිබූන ද එම ආයතනයට අයත් කන්ටේනර් කිසිවක් මෙහි නොතිබූ බවට ඔහු සඳහනක් කර නොතිබූ බවත් ය.
එමෙන්ම රෝහණ විජේවීර චරිතාපදානය ගැන චිත්‍රපටයක් කිරීම සඳහා මුදල් යෙදවූ සහ ජනතා විමුක්ති පෙරමුණේ පසුගිය මැතිවරණ සමයේ වේදිකා නිර්මාණය කිරීමට සම්පූර්ණයෙන් මුදල් යෙදවූ අමෙරිකාවේ දැනට වාසය කරන පුද්ගලයකුට අයත් එතනෝල් කන්ටේනර් ප්‍රමාණයක් ද මේ අතර තිබූ බවට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනාවරණය කළ බවත් ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි