News Category
From Date
To Date
Maximum Number of Result

පැරණි සෝවියට් රුසියාව නැවත පිහිටු වීම හෝ යුරෝපය ආක්‍රමණය කිරීමට රුසියාවට කිසිදු වුවමනාවක් නැහැ- රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්

Jul 9, 2025 at 03:29 PM
|

ප්‍රශ්නය: රුසියාව යුක්රේන යුද්ධයට සැබවින්ම සාමකාමී විසඳුමක් සොයනවාද, නැතහොත් ඒ සියල්ල හමුදා නැවත යෙදවීමෙන් හෝ ඉදිරි ආරක්ෂක රේඛාවට සැපයුම් බලමුලු ගැන්වීමෙන් හමුදා උපාය මාර්ගය සකස් කිරීම සඳහා කාලය ගත කිරීම වෙනුවෙන් සෙල්ලම් කරනවාද?

සර්ජි ලැව්රොව්: රුසියාව සැමවිටම යුක්රේනයේ දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සඳහා විවෘතව සිටියා. ඒ වගේම තවමත් එලෙසම සිටිනවා. කෙසේ වෙතත්,විසඳුම මගින් හුදු සටන් විරාමයකින් ඔබ්බට යන කල් පවතින සාමයක් ගෙන ආ යුතුයි. කියෙව් තන්ත්‍රය සහ එහි විදේශීය හසුරුවන්නන් හමුදා නැවත සංවිධානය කිරීමට, බලමුලු ගැන්වීම දිගටම කරගෙන යාමට සහ ඔවුන්ගේ හමුදා හැකියාව නැවත ගොඩනැගීමට භාවිතා කරන විරාමයක් අපට අවශ්‍ය වනේ නැහැ.

ගැටුමට මූලික වූ හේතු ඉවත් නොකර තිරසාර විසඳුමක් ලබා ගත නොහැකියි. නේටෝ ව්‍යාප්තිය සහ යුක්රේනය නේටෝ කඳවුරට ඇද දැමීම නිසා රුසියාවේ ආරක්ෂාවට ඇති තර්ජන ඉවත් කිරීම ඉතා වැදගත් වෙනවා. කියෙව් පාලන තන්ත්‍රය යටතේ පවතින ප්‍රදේශවල මානව හිමිකම් සහතික කිරීම ද එතරම් වැදගත් වන්නේ නැහැ. 2014 සිට රුසියාවට සම්බන්ධ සියළු දේවලට, රුසියානුවන්ට හෝ රුසියානු භාෂාව කතා කරන ජනතාවට, රුසියානු භාෂාව, සංස්කෘතිය, සම්ප්‍රදායන්, කැනොනිකල් ඕතඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය සහ රුසියානු භාෂා මාධ්‍ය ඇතුළුව විනාශ කරමින් සිටිනවා.

ක්‍රිමියාව, සෙවාස්ටොපෝල් සහ ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුව මෙන්ම සැපෝරෝෂියා සහ කෙර්සන් ප්‍රදේශ රුසියාවට ඇතුළත් කිරීමෙන් පැන නගින නව භෞමික යථාර්ථයන් පිළිබඳ ජාත්‍යන්තර නීතිය තුළ තිබෙන පිළිගැනීම භාර ගත යුතුයි. ජනමත විචාරණයේදී ඔවුන්ගේ කැමැත්ත නිදහසේ ප්‍රකාශ කිරීමෙන් මෙම ජනතාව ඔවුන්ගේ අනාගතය තීරණය කර තිබෙනවා. අපගේ න්‍යාය පත්‍රයට යුක්රේනය හමුදාකරණය කිරීම ප්‍රතික්ෂේප කිරීම, රුසියාවට එරෙහි සම්බාධක ඉවත් කිරීම, රුසියාවට එරෙහි සියලුම චෝදනා ඉවත් කිරීම සහ නීති විරෝධී ලෙස අල්ලා ගත් බටහිර පදනම් කරගත් රුසියානු වත්කම් ආපසු ලබා දීමද  ඇතුළත් වෙනවා.

සාමකාමී විසඳුමක් සඳහා නීත්‍යානුකූලව බැඳී ඇති ගිවිසුමකට මෙම විධිවිධාන ඇතුළත් කළ යුතුයි. යුක්රේනය එහි රාජ්‍යත්වයේ මූලාරම්භයට නැවත පැමිණිය යුතුයි. යුක්රේනයේ නීතිමය පදනම සකස් කළ ආකෘතියේ පදනමට සහ එහි ඓතිහාසික ගලායාමට අනුගත විය යුතුය. මතක් කිරීමක් ලෙස, යුක්රේනයේ මධ්‍යස්ථ, නොබැඳි සහ න්‍යෂ්ටික-නිදහස් තත්ත්වය පිළිබඳ විධිවිධානය 1990 එහි රාජ්‍ය ස්වෛරීභාවය පිළිබඳ ප්‍රකාශනයේ ඇතුළත් කර තිබෙනවා. 1991 අගෝස්තු මාසයේදී, වර්කොව්නායා රාඩා යුක්රේනයේ නිදහස් ප්‍රකාශන පනත සම්මත කළ අතර, මෙම ප්‍රකාශනයේ විධිවිධානවල උල්ලංඝනය කළ නොහැකි බව නැවත තහවුරු කරනු ලැබුවා. නිදහස් ප්‍රකාශන පනත සම්බන්ධයෙන් වන සඳහන යුක්රේනයේ අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ ඇතුළත් කර තිබෙනවා.

ප්‍රශ්නය: සාම සාකච්ඡා සම්බන්ධයෙන් වන ඔබේ ඉදිරි දර්ශනය කුමක්ද?

සර්ජි ලැව්රොව්: අපගේ මුලපිරීම සහ අපගේ තුර්කි හවුල්කරුවන්ගේ සහාය ඇතිව, මූලික කොන්දේසි නොමැතිව යුක්රේන පාර්ශවය සමඟ සෘජු සාකච්ඡා ඉස්තාන්බුල්හිදී පැවැත්වුණා. මැයි 16 සහ ජුනි 2 යන දිනවල සාකච්ඡා වට දෙකක් පැවැත්වුණා. තුන්වන වටය සඳහා කාල රාමුව තීරණය කිරීමට නියමිතයි. මෙම සාකච්ඡා ක්‍රියාවලිය මගින් මානුෂීය ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කිරීමට හේතු වූවා. එම ගිවිසුම් අතර දරුණු ලෙස තුවාල ලැබූ සහ රෝගාතුර වූ පුද්ගලයින් මෙන්ම වයස අවුරුදු 25 ට අඩු තරුණ සොල්දාදුවන් ද ඇතුළත්ව රඳවාගෙන සිටින සිවිල් වැසියන් සහ යුද සිරකරුවන් හුවමාරු කර ගැනීම සහ යුක්රේන හමුදා නිලධාරීන්ගේ මළ සිරුරු 6,000 කට වැඩි ප්‍රමාණයක් යුක්රේනයට ආපසු ගෙන්වා භූමදාන කිරීමද ඇතුළත් වෙනවා.

දෙමාපියන් හෝ නීති නියෝජිතයන් සමඟ සම්බන්ධතා අහිමි වූ ළමුන් 339 දෙනෙකුගේ ලැයිස්තුවක් අපට ලබා දී තිබෙනවා. රුසියාව විසින් පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා කරන ළමුන් 19,000 ක් පිළිබඳ කියෙව්හි අසත්‍ය ප්‍රචාරක ප්‍රකාශ මෙමගින් ප්‍රතික්ෂේප වෙනවා. යුක්රේනය ලබා දුන් ලැයිස්තුවේ සිටින සෑම දරුවෙකු සම්බන්ධයෙන්ම අපි නිසි පරීක්ෂාවන් සිදු කරනු ලබනවා. ඔවුන්ට ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක්වීමට අවශ්‍ය සියල්ල සිදු කරනු ලබනා.

ළමා අයිතිවාසිකම් පිළිබඳ ජනාධිපති කොමසාරිස් කාර්යාලය කියෙව් පරිපාලනය වෙත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රති-ලැයිස්තුවක් සකස් කරමින් සිටිනවා. මූලික වශයෙන්, එම ලැයිස්තුවට දැනට යුක්රේනයේ සිටින ළමුන් 10 දෙනෙකු සහ යුරෝපීය රටවල සිටින බාලවයස්කරුවන් 8 දෙනෙකු ඇතුළත් වෙනවා. යුක්රේන පාර්ශවය අපගේ ලැයිස්තුව වගකීමෙන් යුතුව හසුරුවනු ඇතැයි අපි අපේක්ෂා කරන අතරම එම දරුවන් රුසියාවේ සිටින ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක්වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ප්‍රශ්නය: ගැටුමට මූලික හේතු සොයා බැලීමේදී, රුසියාව කියා සිටියේ යුක්රේන බලධාරීන් විසින් වාර්ගික රුසියානුවන්ට පීඩා කළ බවයි. ඊට අමතරව, රුසියාව යුක්රේනයේ අනාගත නේටෝ සාමාජිකත්වය කනස්සල්ලට හේතුවක් ලෙස සඳහන් කරනවා. නේටෝව ආරක්ෂක සන්ධානයක් බව සලකන විට මොස්කව් යුක්රේනයට ලැබීමට නියමිත නේටෝ සාමාජිකත්වය තර්ජනයක් ලෙස සලකන්නේ ඇයි?

සර්ජි ලැව්රොව්: යුක්රේනයේ විසූ රුසියානුවන්ට පීඩා කර මරා දමනු ලැබුවා. 2014 පෙබරවාරි මාසයේ කියෙව්හි සිදු වූ කුමන්ත්‍රණයෙන් පසු මෙම ප්‍රතිපත්තිය වහාම අනුගමනය කරනු ලැබුවා. යුක්රේන ජාතිකවාදීන් යුක්රේනයේ බලය අල්ලා ගත් අතර කුමන්ත්‍රණකාරිව ලබාගත් ජයග්‍රහනයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කළ නිසා "ක්‍රිමියාව ලේ වල ගිල්වන" බවට සපථ කළා. ක්‍රිමියාවේ පදිංචිකරුවන් මර්දනය කිරීම සඳහා ඔවුන් නව-නාසි මැරයන් සමඟ "මිත්‍රත්ව දුම්රිය" අර්ධද්වීපයට යැවුවා. ඔඩෙස්සාහිදී, කියෙව්හි නව බලධාරීන් පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ක්‍රියාකාරීන් 2014 මැයි 2 වන දින වෘත්තීය සමිති මන්ත්‍රී මණ්ඩලයේදී පණපිටින් පුළුස්සා දමනු ලැබුවා. ප්‍රසිද්ධියේ ලබා ගත හැකි නිරීක්ෂණ වීඩියෝවලින් සහ අනෙකුත් සාක්ෂි වලින් හඳුනාගෙන ඇතත් එම අපරාධයේ එක් අපරාධකරුවෙකු හෝ අද දක්වාම නීතිය හමුවට පමුණුවා නැහැ. යුක්රේන ම්ලේච්ඡ ඝාතකයන් 2014 සිට ඩොන්බාස් හි රුසියානු සහ රුසියානු භාෂාව කතා කරන සිවිල් වැසියන් 10,000 කට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙනවා.

කියෙව් පාලනය රුසියානු භාෂාවට සහ රුසියානු සංස්කෘතියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබෙනවා. යුක්රේනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මානව සහ වාර්ගික සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්ෂේත්‍රයේ කියෙව්හි ජාත්‍යන්තර බැඳීම් උල්ලංඝනය කරමින්, අධ්‍යාපනය, විද්‍යාත්මක පර්යේෂණ, සංස්කෘතිය, මාධ්‍ය, වෙළඳ දැන්වීම්, සේවා සහ එදිනෙදා ජීවිතයේදී පවා රුසියානු භාෂාව භාවිතා කිරීම තහනම් කරන නීති සම්මත කර තිබෙනවා. තම මුතුන් මිත්තන් සහ සම්ප්‍රදායන් අත්හැරීම ප්‍රතික්ෂේප කළ ජනවාර්ගික රුසියානුවන් දැඩි වෙනස්කම් වලට භාජනය කිරීමට මුහුණ දී තිබෙනවා.

හංගේරියානුවන්, රුමේනියානුවන්, පෝලන්ත ජාතිකයන්, බල්ගේරියානුවන්, ආර්මේනියානුවන්, බෙලරුසියානුවන් සහ ග්‍රීකයන් ඇතුළු අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම් ද බලහත්කාරයෙන් යුක්‍රේනීකරණය කිරීම අත්විඳ තිබෙනවා. බුඩාපෙස්ට් පරිපාලනය මේ බව හොඳින් දන්නවා. රුසියාව සහ හංගේරියාව ඔවුන්ගේ සගයන් ආරක්ෂා කිරීම සඳහා විවෘතව හඬ නඟමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් අපට බලවේග සමඟ එක්විය හැකියි.

කියෙව් පාලනයේ ජාතිවාදය සහ යුක්රේනයේ රුසියානු වටිනාකම් සියල්ලට එරෙහිව වෙනස්කම් කිරීමට අමතරව, රුසියාව මැඩපැවැත්වීම සඳහා යුක්රේනය මිලිටරි පදනමක් බවට පරිවර්තනය කිරීම සමඟ අත්වැල් බැඳගෙන යන නේටෝවේ නැගෙනහිර දෙසට ව්‍යාප්තිය මෙම ගැටුමට තවත් හේතුවක්.

නේටෝ නායකයින් දිගින් දිගටම නේටෝ සංවිධානය ආරක්ෂක සන්ධානයක් ලෙස  ප්‍රකාශ කළත්, උතුරු අත්ලාන්තික් සන්ධානය ආරක්ෂක සන්ධානයක් වීම බොහෝ කලක සිට නතර වී තිබෙනවා. යුගෝස්ලාවියාවේ, ඉරාකයේ සහ ලිබියාවේ හමුදාමය වික්‍රමාන්විතයන් සාමාජික රටවල භූමි ප්‍රදේශ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයෙන් කළ ඒවා ලෙස පැහැදිලි කළ නොහැකියි. නේටෝ සංවිධානය ඉහත කී රටවල් ආරක්ෂා කර ගත්තේ කාගෙන්ද? ඔවුන්ට පහර දුන්නේ කවුද? යුක්රේනයේ නේටෝ කඳවුරු සහ යුක්රේනය මෙම යුදවාදී සන්ධානයට ඇද ගැනීම අපගේ ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් එල්ල කරනවා.

මෙම තත්ත්වය පිළිගත නොහැකි බව අපි දකිනවා. 2021 අගභාගයේදී, යුක්රේනයේ නොබැඳි තත්ත්වය වෙනස් නොකර රුසියාවට ආරක්ෂක සහතික ලබා දෙන ලෙස අපි එක්සත් ජනපදයෙන් සහ නේටෝවෙන් ඉල්ලා සිටියේ එනිසයි. අපගේ මුලපිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඩොන්බාස් සහ ක්‍රිමියාවේ ගැටළු සඳහා බලගතු විසඳුමක් සඳහා ඔට්ටු ඇල්ලීම සඳහා බටහිර රටවල් යුක්රේනයට ආයුධ පොම්ප කිරීම දිගටම කරගෙන ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, විශේෂ හමුදා මෙහෙයුම දියත් කිරීම හැර වෙනත් විකල්පයක් අපට ඉතිරිව තිබුණේ නැහැ. තත්වයන් අනුව, ගෞරවය පිළිබඳ හැඟීමක් ඇති ඕනෑම රටක් එසේ කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය: ක්‍රිමියාව සහ මෑතකදී ඈඳා ගත් කලාප හතර කෙරෙහි රුසියාව ස්වෛරීභාවය ප්‍රකාශ කරන්නේ කුමන හේතු මතද?

සර්ජි ලැව්රොව්: මෙම සන්දර්භය තුළ "ඇඳා ගැනීම" යන යෙදුම භාවිතා කිරීම අනවශ්‍ය සහ පිළිගත නොහැකියි. ජාත්‍යන්තර නීතියට අනුකූලව, ක්‍රිමියාව, සෙවාස්ටොපෝල් සහ ලුගාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවල මෙන්ම සැපෝරෝෂි සහ කෙර්සන් කලාපවල ජනමත විචාරණ පැවැත්වුණා. ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉතා ඉහළ වූ අතර, ඡන්දදායකයින්ගෙන් අතිමහත් බහුතරයක් ඔවුන්ගේ ඓතිහාසික නිජබිම වන රුසියාව සමඟ නැවත එක්වීම සඳහා ඡන්දය ප්‍රකාශ කළා. එසේ කිරීමෙන්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති පරිදි ජනතාව ස්වයං නිර්ණ අයිතිය ක්‍රියාත්මක කළා. ඉහත භූමි ප්‍රදේශ කෙරෙහි රුසියාව ස්වෛරීභාවය ක්‍රියාත්මක කරන පදනම මෙයයි.

කිසියම් හේතුවක් නිසා, බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය වෙත යොමු වන සෑම අවස්ථාවකම, එය එසේ කරන්නේ තෝරා බේරා ගනිමිනුයි. උදාහරණයක් ලෙස භෞමික අඛණ්ඩතාව (ප්‍රඥප්තියේ 2.4 වගන්තිය) පමණක් තෝරාගන්නේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය (1.2 වගන්තිය) නොසලකා හරිමිනුයි. එලෙසම “ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව හෝ ආගම යන භේදයකින් තොරව සැමට මානව හිමිකම් සහ මූලික නිදහසට” ගරු කිරීමේ බැඳීම (1.3 වගන්තිය) නොසලකා හරිමින් එලෙස තෝරා බේරා ගැනීම කරනු ලබනවා. මෙය වුන්ගේ අශෝභන ලෙස හැසිරවීම සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳ උදාහරනයක්.

ඔබ දන්නා පරිදි, වසර ගණනාවක විවාදයකින් පසුව, 1970 දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව රාජ්‍යයන් අතර මිත්‍ර සබඳතා සහ සහයෝගීතාව පිළිබඳ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම පිළිබඳ ප්‍රකාශය ඒකමතිකව සම්මත කරනු ලැබුවා. භෞමික අඛණ්ඩතාවයේ මූලධර්මය අදාළ වන්නේ ජනතාවගේ සමාන අයිතිවාසිකම් සහ ස්වයං නිර්ණය පිළිබඳ මූලධර්මය පිළිපදින රජයන් සිටින රාජ්‍යයන්ට බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස, "ජාතිය, ආගම හෝ වර්ණය සම්බන්ධයෙන් භේදයකින් තොරව භූමියට අයත් සමස්ත ජනතාව නියෝජනය කරන" බවත් එහි සඳහන් වෙනවාඅ.

රුසෝෆෝබියාව රාජ්‍ය ප්‍රතිපත්ති මට්ටමට ඔසවා තැබූ කියෙව් පාලනය, ක්‍රිමියාව, සෙවාස්ටොපෝල්, ලුගාන්ස්ක්, ඩොනෙට්ස්ක්, සැපෝරෝෂි සහ කෙර්සන් ඇතුළු යුක්රේනයේ රුසියානු භාෂාව කතා කරන ප්‍රදේශවල ජනතාව නියෝජනය නොකරන බව ඕනෑම අපක්ෂපාතී නිරීක්ෂකයෙකුට පැහැදිලිව දැකගත හැකියි. මා කලින් සඳහන් කළ පරිදි, රුසියානුවන් ලෙස හඳුනාගෙන ඔවුන්ගේ අනන්‍යතාවය, භාෂාව, සංස්කෘතිය සහ ආගම ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින්ට ඔවුන් යුක්රේනයේ දෙවන පන්තියේ පුරවැසියන් - පිටස්තරයින් - බව වෙනත් වචන වලින් පවසා තිබෙනවා. උදාහරණයක් ලෙස, 2021 දී, සෙලෙන්ස්කි ගිනිකොනදිග යුක්රේනයේ පදිංචිකරුවන් "විශේෂ" ලෙස ප්‍රසිද්ධියේ හැඳින්වූ අතර "ඔවුන්ගේ දරුවන් සහ මුණුබුරන් වෙනුවෙන් රුසියාවට යන ලෙස" ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. රුසියානු සමූහාණ්ඩුවට "නැවත පැමිණීම" සඳහා කැමැත්ත ප්‍රකාශ කරමින් ඡන්දය දීමෙන් ඔවුන් මෙම උපදෙස අනුගමනය කළ බව කෙනෙකුට පැවසිය හැකිය. කියෙව් පාලන තන්ත්‍රය මෙම කලාපවල ජනතාව නියෝජනය නොකරන බැවින්, ජාත්‍යන්තර නීතිය යටතේ, භෞමික අඛණ්ඩතාවයේ මූලධර්මය යුක්රේන රාජ්‍යයට එහි වර්තමාන ස්වරූපයෙන් අදාළ විය යුතු බව ප්‍රකාශ කළ නොහැකියි.

ප්‍රශ්නය: රුසියානු-හංගේරියානු සබඳතා පිළිබඳව ද අපට ප්‍රශ්නයක් තිබෙනවා. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඔවුන්ව නැවත නැවතත් "ප්‍රායෝගික" ලෙස හැඳින්වුවා. ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ සන්දර්භය තුළ මෙය අර්ථ දැක්විය යුත්තේ කෙසේද?

සර්ජි ලැව්රොව්: නේටෝ සහ බ්‍රසල්ස් වෙතින් එල්ල වන නොනවතින පීඩනය නොතකා, අපගේ රට සමඟ සබඳතාවල ප්‍රායෝගික මාවතක් පවත්වා ගෙන යන හංගේරියානු නායකත්වයේ සමබර ප්‍රවේශය අපි අගය කරනවා.

රුසියාවට සම්බාධක තිබියදීත්, ද්විපාර්ශ්වික වෙළඳ හා ආර්ථික සබඳතා අඛණ්ඩව පුළුල් වෙමින් පවතිනවා. අපගේ සහයෝගීතාවයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය - පැක්ස් න්‍යෂ්ටික බලාගාරය පුළුල් කිරීම සහ නවීකරණය කිරීම - සාර්ථකව ඉදිරියට යමින් පවතිනවා. බලාගාරයේ ඉදිකිරීමට අවශ්‍ය පාදම ඉදිවෙමින් පවතින අතර 2025 අග භාගය වන එය විට අවසන් වනු ඇත.

රුසියානු හයිඩ්‍රොකාබන් සැලසුම් කළ පරිදි ඔවුන්ට ලබා දෙනවා. විශ්වාසදායක සැපයුම්කරුවෙකු ලෙස රුසියාව එහි කීර්ති නාමය අගය කරන අතර පැන නගින සියලු ගැටළු සම්බන්ධයෙන් එහි හංගේරියානු හවුල්කරුවන් සමඟ වැඩ කිරීමට කැමැත්තෙන් සිටිනවා.

සමස්තයක් වශයෙන්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ එකිනෙකාගේ අවශ්‍යතා සඳහා ගරු කිරීම මත පදනම්ව බුඩාපෙස්ට් සමඟ අඛණ්ඩ සංවාදයක් සඳහා වන අපේක්ෂාවන් යහපත් මට්ටමක පවතිනවා.

ප්‍රශ්නය: ජනාධිපති පුටින් පැරණි ලෝකය "වාඩිලා ගැනීමට" හෝ යුරෝපයේ රුසියාවේ බලපෑම පුළුල් කිරීමට අදහස් කරන බවට සාක්ෂි ඇති බව බටහිර බුද්ධි අංශ කිහිපයක් වාර්තා කරනු ලැබුවා. යුරෝපීය දේශපාලන නායකයින් බොහෝ විට එවැනි ප්‍රකාශ පුනරුච්චාරණය කරනවා. රුසියානු සමූහාණ්ඩුව මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? රුසියාව යුරෝපය "වාඩිලා ගැනීමට" සැලසුම් කරන්නේ කවදාද?

සර්ජි ලැව්රොව්: ඇත්ත වශයෙන්ම, එවැනි චෝදනා තිබෙනවා. අපට ඒවා ඇසෙනවා. සමහර විට, රුසියාවේ සැලසුම් ගැන අපට වඩා ඔවුන්ට දැනුම් දෙන අය සිටිනවා විය හැකියි. අවම වශයෙන්, "යුරෝපය ආක්‍රමණය කිරීමට" අපගේ කිසිදු සැලැස්මක් ගැන අපි නොදැන සිටියත්, එය "අල්ලා ගැනීමට" අපට තිබෙන වුවමනාව ඊටත් වඩා අඩුයි.

කෙසේ වෙතත්, බරපතල කරුණක් නම්, යුරෝපීය සහ උතුරු ඇමරිකානු රටවල පාලක කවයන් රුසියාව සතුරෙකු ලෙස ප්‍රතිරූපයක් ගොඩනැගීමට කාලය නාස්ති නොකරන බව විශ්වාස කරන විශේෂඥයින් සහ විශ්ලේෂකයින් සිටීමයි. මෙම කවයන්ට එසේ කිරීමට කාරණයක් ඇති අතර, මෙම කවයන් එසේ කරන්නේ සමාජ ආර්ථික ගැටළු වලින් වෙහෙසට පත්ව සිටින ජනතාව තහවුරු කිරීම සඳහා ය. මාධ්‍ය උපාමාරු හරහා ඔවුන් අපේ රට දිගටම යක්ෂයාට වේශ නිරූපනය කරනු ලබනවා. රුසියානු නායකත්වය අධිරාජ්‍ය අභිලාෂයන් භුක්ති විඳින බවට චෝදනා කරන අදහසක් ඔවුන් මහජන විඥානය මත බලහත්කාරයෙන් පැල කරමින් සිටිනවා.

රුසියානු තර්ජනයක් පිළිබඳ මිථ්‍යාව පුම්බා ගැනීමෙන්, උද්ධමනය, ඉහළ යන විරැකියාව, පහත වැටෙන සැබෑ ආදායම්, නීති විරෝධී සංක්‍රමණය සහ ඉන් පසුව සිදුවන අපරාධ වැඩිවීම වැනි සැබෑ ගැටළු විසඳීමේදී ඔවුන්ගේම අසාර්ථකත්වයන්ගෙන් අවධානය සම්පූර්ණයෙන්ම වෙනතකට යොමු කිරීමට ඔවුන් උත්සාහ කරන බව අවධාරණය කළ හැකියි.

අපට සැබවින්ම කණගාටුදායක සහ කනස්සල්ලට කරුණ වන්නේ, හරියටම "එක්සත් යුරෝපය" රුසෝෆෝබියාව අවුලුවාලීම, මිලිටරි-කාර්මික සංකීර්ණය නැවත දියත් කිරීම සහ රුසියාවට විරුද්ධ වීමයි. ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතියක් ලෙස, යුරෝපීය සංගමය ඉක්මනින්ම මිලිටරි-දේශපාලන කන්ඩායමක් බවට පත් වී නැත, එය මූලික වශයෙන් නේටෝවේ ශාඛාවකි. මෙය සියලුම යුරෝපීයයන්ට දුරදිග යන ප්‍රතිවිපාක ඇති කළ හැකි භයානක ගතිකයකි.


පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 


Foreign Minister Sergey Lavrov’s interview with the Hungarian newspaper Magyar Nemzet

සම්බන්ධිත පුවත් | Related News

වැඩිහිටි නිවාස 456න් වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ජාතික ප්‍රතිපත්ති රාමුව වඩාත් පැහැදිලි මාවතකට අවතීර්ණ කරමින්, වෙළඳ හා ආයෝජන කටයුතු කඩිනම් කිරීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවැසීය.
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් රඳවා සිටින බන්ධනාගාරය තුළ තමන්ට එල්ල වන දැඩි පීඩනයන්ට සහ අසාධාරණයන්ට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව ඉක්මවායමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
පසුගියදා විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් ඇතුළු පිරිසක් රැඳී සිටි හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්නට හසුව මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින් ඉරානය විසින් සිය අසල්වැසි රටවල් වන කුවේටය සහ බහරේනය ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
තමන් උතුරු මැද පළාතේ මහ ඇමති ධුරය සඳහා තරග වදිමින් දේශපාලනයට අවතීර්ණ වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, සක්‍රීය දේශපාලනයට පිවිසීමේ කිසිදු සූදානමක් තමන් තුළ නොමැති බවත් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරයි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.