හිටපු ජනාධිපතිවරුන් නඩත්තුවට ලක්ෂ 1100 ක බජට්ටුවක් වෙන්කරලා
හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියගේ නඩත්තුව සහ ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් රුපියල් ලක්ෂ 1100 ක් ලබන වසරේදී වෙන් කිරීමට 2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබන වර්ෂයේදී වැය කිරීමට අපේක්ෂා කරන මුදල 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 45 ක පමණ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි.
මේ අනුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 292 බැගින්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 157ක්ද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියට රුපියල් ලක්ෂ 68ක්ද ලබන වසරේදී වෙන් කෙරෙන බව මහාචාර්යවරයා කීවේය.
හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනාට සහ ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට 2022 වර්ෂයේ අයවැයෙන් පොදුවේ වෙන්කර ඇත්තේ රුපියල් ලක්ෂ 757 ක මුදලකි.
මේ වර්ෂයේදී එම මුදල ලක්ෂ 844 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පවසන වසන්ත අතුකෝරළ මහතා හිටපු ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදල ලබන වර්ෂයේදී ලක්ෂ 1100 ක් දක්වා ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර ඇතැයිද ප්‍රකාශ කළේය.
-ලංකාදීප -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..