කොටියාගේ ශරීරය සාදා අවසන්.. ඉතිරිවී ඇත්තේ පණ පිඹීම පමණයි.. සත්‍ය සෙවීම හා ප්‍රතිසන්ධාන කොමිසම් පනත සහ ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීමේ පනත ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්න එපා - ඒකීය රාජ්‍යය සහ රණවිරුවන් සුරැකීමේ සංවිධාන එකමුතුව මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලත
රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ හා ජන සංහාර චෝදනා එල්ල කිරීම සහ දඬුවම් කිරීම සඳහා නීති පැනවීම මගින් ආරක්ෂක හමුදා දුර්වල කර ඒකීය රාජ්‍ය බෙදා වෙන් කිරීමට කටයුතු කිරීම වැළැක්වීම පිළිබඳව "මාතෘභූමි සුරක්‍ෂා"නමින් ලිපියක් මගින් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරු සහ අනු නායක හිමිවරුන් දැනුවත් කිරීම "ඒකීය රාජ්‍යය සහ රණවිරුවන් සුරැකීමේ සංවිධාන එකමුතුව" මගින් අද දින සිදු කළහ.
මෙහෙදි අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ,මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේ,මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි මාහිමිපාණන් වහන්සේ,අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහා ලේඛාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ,ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතූ පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, පූජ්‍ය මහවෙල රතනපාල හිමිපාණන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලා බැහැ දැකීම සඳහා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ ආභයතිස්ස හිමි, හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිනිය , රියර් අද්මිරාල් ඩි.කේ.පි.දසනායක මහතා ,වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, නිමල් ලියනගේ මහතා, නීතිඥ දර්ශන් වීරසේකර මහතා , වැනි ජාතික සංවිධාන ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ මෙන්ම ජනසංහාර චෝදනා එල්ල කිරීම සහ දඩුවම් කිරීම වෙනුවෙන් මේ වන විට පනත් 7ක් සම්මත කර ඇති බවත්, එලෙසම ක්‍රියාත්මක කිරීම සඳහා වන තවත් පනත් දෙකක් මේ වන විට ඉදිරිපත්වී ඇති බවත් මෙහිදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අස්ගිරි මහා නායක හිමියන් දැනුම්වත් කරමින් පැවසූහ.
සත්‍ය සෙවීම හා ප්‍රතිසන්ධාන කොමිසම් පනත සහ ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීමේ පනත මොනම හේතුවක් මත හෝ ක්‍රියාත්මක නොකරන ලෙස රජයට උපදෙස් ලබා දෙන්නැයි මැදගොඩ අභයතිස්ස හිමියන් මෙහිදී මහා නායක හිමිපාණන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියහ.
මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ මියගිය කොටියාගේ ශරීරය මේවන විට සාදා අවසන් බවත්, පනතින් පණ පිඹීමට පමණක් ඉතිරිවී ඇති බවත්, එසේ පණ පිඹීමක් සිදුවුව හොත් එදාට ජනාධිපතිටවත්, පාලකයින්ටවත්, ඊළඟට පැමිණීමට සිටින නායකයන්ටවත් මෙරට ජීවිත්වීමට හැකි වාතාවරණයක් ඉතිරි නොවන බවත් ය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි