Plug Base එකක් 72,000ට සියළු ප්‍රා.ලේ. කාර්යාලවලට… කෝටි පහක කොන්ත‍්‍රාත්තුවක් ඉෂාරට..
රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්ලග බේස් එක බැගින් සවි කිරීමට එකක් රුපියල් 72000ක මිලකට ප‍්‍රකට ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතාගේ සමාගමකට රුපියල් කෝටි පහ ඉක්මවූ කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව ජන අරගල ව්‍යාපාරය සඳහන් කරයි.
ඒ සඳහා ඉදිරිපත් වූ අනෙක් අඩු මිල ඉදිරිපත් කිරීම් සියල්ල අතහරිමින් මෙම මිලට ලබා දී ඇති බව එම සංවිධානයේ වසන්ත මුදලිගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
"2025 04 29 දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය මගින් ටෙන්ඩර් කැඳවීමක් සිදුකරලා තියනවා. E හැදුනුම්පත එහෙම නැත්තං ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමෙන් පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල මේ හැදුනුම්පත හඳුනාගැනිම සඳහා ඉඳිකරන යුනිට් එකක් සඳහා විදුලිය ලබාගනීමට අවශ්‍ය පල්ග් බේස් එකක් ඉඳිකර ගැනීමට තමයි මේ ටෙන්ඩර් කැඳවීම කරලා තියෙන්නේ . ඒ සඳහා ඔවුන් ප්ලග් අටක් තියෙන වයර් කෝඩ් එකක් එය බිත්තියට සවි කිරීම සඳහා ප්ලග් ටොප් එකක් සහ ආවරණය කිරීම සඳහා ප්ලාස්ටික් බොක්ස් එකක් සහිත සම්පූර්ණ කට්ටළයක් තමයි ඇණවුම් කරලා තියෙන්නේ. ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල සඳහා මෙවැනි බොක්ස් 700ක් මේ ඕඩරයට ඇතුලත්. අපිට තියන තොරතුරු අනුව මේ සඳහා ආයතන 8ක් ලංසු ඉදිරිපත් වුණා. මේ ආයතන රුපියල් 5890, රුපියල් 25,000, රුපියල් 83,000, රුපියල් 18,300 රුපියල් 72,517 වගේ විවිධ මිළගණන් මේ සඳහා ඉදිරිපත් කරලා තියනවා. සාමාන්‍ය ක්‍රියාවලිය අනුව මෙවැනි ටෙන්ඩර් කැඳවීමකදී අඩුම ලංසුව ඉදිරිපත් කරන හොඳම තැනට තමයි අදාළ ටෙන්ඩරය ලබා දෙන්නේ.
නමුත් දැන් ආණ්ඩුව මේ ටෙන්ඩරය ලබාදීලා තියෙන්නේ රුපියල් 72,517ක ලංසුව ඉදිරිපත් කරපු බ්‍රවුන්ස් එනිජිනියරින් කියන සමාගමට. මේ බ්‍රවුන්ස් එනිජිනියරින් සමාගම අයිති පුද්ගලයා තමයි ඉෂාර නානායක්කාර. අපි දන්නවා ඔහු පහුගිය කාලේ මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයින් සමග බොහොම කිට්ටු සම්බන්ධතා පැවත්වුවා.
අදාළ ටෙන්ඩරය අනුව රුපියල් 72,517 ගණනේ ප්ලග් බොක්ස් 700ක් සඳහා රුපියල් ලක්ෂ 507ක් ඉෂාර නානායක්කාරගේ සමාගමට ගෙවන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. අපි සාමාන්‍යෙන් විදුලි උපකරණ විකුණන තැනකට ගිහිල්ලා බැලුවා මෙවැනි ප්ලග් බොක්ස් එකක් හදාගන්න කොච්චර විතර මුදලක් වැය වෙයි ද කියලා. ප්ලග් බේස් 8ට රුපියල් 5600යි. වයර් මීටර් 5ට රුපියල් 1000යි ප්ලග් ටොප් එකක් රුපියල් 400යි ප්ලාස්ටික් පෙට්ටියක් රුපියල් 4000යි. මෙන්න මේ විදිහට මේ සම්පූර්ණ කට්ටලයම රුපියල් 11,000කට හදාගන්න පුලුවන්. දැන් මේගොල්ලෝ කියන විදිහට ඒ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට මේ කට්ටළය ප්‍රවාහනය කරන්න යන වියදමත් මේකට ඇතුළත් එතකොට ලංකාවේ දුරම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය විදිහට යාපනය ගත්තත් රුපියල් 20000කින් ප්‍රවාහණ කටයුතු කරන්න පුලුවන්. එතකොට අවම රුපියල් 31,000කින් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක් දක්වා වුණත් මේ ප්ලග් බොක්ස් එකක් ප්‍රවාහණය කරන්න පුලුවන්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි