
මොහාන් ද සිල්වා ඔස්ට්‍රේලියාවේ සිට ක්‍රීඩා ඇමැතිට කතා කරලා... ක්‍රිකට් ආයතනය මුදල් කොල්ල කෑ හැටිත් කියලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා වූ මොහාන් ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඔස්ට්‍රේලියාවේ සිට තමාට කතා කොට ශ්‍රී ලංකා ක්‍රිකට් හරිමඟට ගැනීමට නිසි ක්‍රමවේදයක් නැති බවත්, හැම තැනම මුදල් ආයෝජන මුවාවෙන් මුදල් කොල්ලකා ඇති බවත් පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
දූෂිතයින් යළි බලයට ඒම වැළැක්වීමට නම් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා හැර නව නිලධාරී මණ්ඩලයක් පත්කළ යුතු බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.
ඊයේ (25) මල්වතු මහනාහිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්මින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,
"මේ කණ්ඩායම එක තැනක එකතුවෙලා කතා කරලා තියෙනවා...'අපිට මේකෙන් එළියට යන්න වුණොත් අවුරුදු 15ක් හිරේ ඉන්න වෙන්නේ' කියලා. එකනේ ක්‍රිකට් එකේ ලේකම්වරයා ඉල්ලා අස් වුණේ. මොහාන් ද සිල්වා ඉල්ලා අස්වෙලා ඔස්ට්‍රේලියාවේ ඉදලා කතා කරලා මට කිව්වා. 'මම බැලුවා මේක හරිමඟට ගන්න නිසි ක්‍රමවේදයක් නෑ. හැම තැනම මුදල් ආයෝජන මුවාවෙන් මුදල් කොල්ලකාලා. මේ තත්ත්වයන් නිසා මම ඉල්ලා අස් වුණා.' කියලා තමයි ඔහු කිව්වේ.
මොනවා කරත් අන්තිමේට මුන් ටිකම බලයට එනවා. ඒ එන්නේ කොහොමද දිස්ත්‍රික් සංගම්. මහනුවර සංගමයේ පැටිකිරිය මම කියන්න අවශ්‍ය නෑනේ. මම අභියෝගය කරනවා මහනුවර සංගමය විගණනය කරන්න කියලා. ඒ වගේ තමයි ගොඩක් තැන්වල තත්ත්වයත්. ඒ නිසා මේ ටික විසුරුවා හරින්න ඕනේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
