
බෞද්ධ ඉගැන්වීම්වල විස්තර කර ඇති 'සෞඛ්‍ය සත්කාර සහ උපාය මාර්ග' ගැන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ විශේෂ දේශනයක් ඉන්දියාවේ දී
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් "බෞද්ධ ඉගැන්වීම්වල විස්තර කර ඇති සෞඛ්‍ය සත්කාර සහ උපාය මාර්ග" යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් ඉන්දියාවේ නව නාලන්දා මහාවිහාරයේ සප්තපර්නි ශ්‍රවණාගාරයේදී, ඊයේ (24) දින පවත්වා තිබේ.
බෞද්ධ සාහිත්‍යයේ සඳහන්, පුද්ගලයකුගේ මානසික හා කායික සෞඛ්‍යය යන මාතෘකාව යටතේ මෙම දේශනය පවත්වා ඇති අතර, සමබර හා කාර්යක්ෂම ජීවන රටාවක් ගතකිරීමට පුරාණ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමෝපායන් බෞද්ධ ඉගැන්වීම්වල බහුලව පවතින බව ද උන්වහන්සේ එහිදී පෙන්වා දී තිබේ.
බෞද්ධ ඉගැන්වීම තුළ කායික රෝග ජය ගැනීමට මෙන්ම මානසික දුර්වලතා සඳහා භාවනාවට ද හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඊට අමතරව යහපත් ජීවන රටා සහ යහපත් ආහාර රටා මෙන්ම, යහපත් හැසිරීම් තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් නිර්මාණය කරගත හැකි බවයි උන්වහන්සේ මෙහිදී පෙන්වා දී ඇත්තේ.
උපකුලපති මහාචාර්ය රාම්නක්ෂත්‍ර ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දේශනය පැවැත් වී ඇති අතර, ඔහුගේ දේශනය තුළ ද මානසික හා සෞඛ්‍ය විෂය පිළිබඳ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳව විස්තර කර තිබේ.
සෞඛ්‍ය සේවාව මිනිස් ජීවිතයේ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයක් බවත්, ශරීරය, ආහාර රටාව සහ මානසික තත්ත්වය සමතුලිතව තබා ගැනීම සඳහා සවිස්තරාත්මක හා විද්‍යාත්මක ක්‍රියාමාර්ග බෞද්ධ ග්‍රන්ථවල සාකච්ඡා කෙරෙන බවත් ඔහු විසින් පෙන්වා දී තිබේ.
මේ පිළිබඳව ඉන්දියාවේ පළවන "Sahara News" පුවත්පතේ පළ වූ විශේෂ වාර්තාව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
