
ලබන වසරේ දැඩි නියඟයක් - කාලගුණයෙන් අනතුරු අඟවයි
මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වැසි ලැබුන ද ලබන වසරේ (2024) යල කන්නයේ දැඩි නියඟයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අංශවලට අනතුරු අඟවා තිබේ.
යල කන්නයේ වගා කටයුතු ලබන වසරේ (2024) මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න පවසන්නේ ලබන වසරේ යල කන්නයේදී දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් කළමනාකරණය කර ගැනීම පිළිබඳව කාලගුණික අංශ විසින් දැනුවත් කර ඇති බවය.
එම තත්ත්වය මත මෙවර මහ කන්නය කල් ඇතිව ආරම්භ කරන ලෙසත් ජලය ආරක්ෂා කර ගන්නා ලෙසත් ගොවීන් කල් ඇතිව දැනුවත් කළ බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
මෙම වැඩපිළිවෙළ හරහා ලබන වසරේ යල කන්නයේ වගා කටයුතු සඳහා වැව්වල යම් ජල ප්‍ර්‍රමාණයක් හෝ ඉතිරි කර ගැනීමේ සැලසුමක් පවතින බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, එල් නිනෝ බලපෑම මත සාමාන්‍යයෙන් ජනවාරි සිට වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ දේශගුණික විපර්යාස) අනූෂා වර්ණසූරිය ද පවසයි.
කෙසේ වෙතත්, එල් නිනෝ තත්ත්වය යටතේ වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවන නමුත් කෙටි කාලීන අඩු පීඩන කලාප ඇතිවී යම් යම් කාලවලදී වැසි ඇතිවීමේ ඉඩකඩ පවතින බවද ඇය පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
