
ඖෂධ 182ක් ගෙන්වූ කැබැනට් පත්‍රිකාව සී.අයි.ඩී.යට දෙන්න යැයි නියෝග
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කළේය.
එහි දී විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සියලු කැබිනට් පත්‍රිකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එමෙන්ම භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, භාණ්ඩාගාරයේ අතිරේක ලේකම්වරු දෙදෙනෙක්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන කමිටු සභාපති සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශ ලබාගත යුතු බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කර ඇත.
කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළ අතර, විමර්ශනවලට අදාළව භාණ්ඩාගාර ලේකම් ඇතුළු නිලධාරීන් 06 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට ද අවසර ලබා දී ඇත.
එමෙන්ම මෙම සිදුවීමට අදාළව විදෙස් ගමන් තහනමට ලක්ව ඇති වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි රත්නකුමාර හේරත් මහතා තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කෙරුණු අපේක්ෂිත ඇප ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ප්‍රතික්ෂේප කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
