ආණ්ඩුව, ඉන්දියානු සහ IMF න්‍යායපත්‍රයට යට වෙලා.. ඇමරිකානු අධිරාජ්‍යවාදී උපායමාර්ගය හමුවේ නිහඬයි.. මැදපෙරදිග පුපුරා යන්නේ අධිරාජ්‍යවාදී බල කඳවුරු අතර බලු පොරයයි - කුමාර් ගුණරත්නම්
මැදපෙරදිග අධිරාජ්‍යවාදි යුද්ධය සහ එහි දේශපාලනය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් 2025 ජුනි 26 දින පස්වරු 1.00ට නුගේගොඩ දී පැවැත්වූ බව වාර්තා වේ.
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්.
” මේ වෙද්දී ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රමුඛ කරගෙන යුද උන්මාදයක් පැතිරෙමින් යනවා. පහුගිය කාලෙම ඊශ්‍රායලය ජන සංහාරක යුද්ධයක් පලස්තීනයට විරුද්ධව ක්‍රියාත්මක කරමින් යනවා. ඒ මෙලෙච්ඡ යුද්ධය පිටුපස ඇමරිකානු හස්තය ක්‍රියාත්මක වුණ බව පැහැදිලියි. මේක කාලයක් තිස්සේ පැවති ඇමරිකානු අධිරාජ්‍යවාදී උපායමාර්ගයේම බල වුවමානාවන් විදිහට තමයි අපිට පැහැදිලි කරගන්න වෙන්නේ. අපි දන්නවා ට්‍රම්ප් ජනාධිපති වීමත් එක්ක චීනයට එරෙහි වෙළඳ යුද්ධයක් ආරම්භ කළා. ඒක එළියට ආවේ තීරු බදු ප්‍රතිපත්තියක් විදිහට. චීනය විතරක් නෙවෙයි රටවල් ගණනාවකට එරෙහිව තමයි මේ අසාධාරණ තීරුබදු පණවන්න පටන් ගත්තේ. ඒ නිසා මේක තීරුබදු ප්‍රතිපත්තියකට වඩා ඔවුන්ගේ බිඳ වැටෙමින් යන ආර්ථික බලය පවත්වාගෙන යාමේ අරමුණක් බව පැහැදිලියි. බිඳ වැටෙමින් යන ඇමරිකානු ආර්ථික බලය සහ ඩොලරයේ ආධිපත්‍යය පවත්වාගෙන යාම තමයි මේක පිටුපස තියෙන කතාව.
අපි දන්නවා ඇමරිකානු ආර්ථිකය අද වෙද්දි බිඳ වැටෙමින් යන තත්වයක් තමයි තියෙන්නේ. ඒ අතර චීන ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් යනවා. බිඳ වැටෙමින් යන තමන්ගේ ආර්ථික බලය පවත්වාගෙන යාමටත් චීනයේ ආර්ථික බලය දුර්වල කිරීමත් මේ වෙලාවේ ඇමරිකානු න්‍යායපත්‍රයේ කොටසක්. මේ චීනයට එරෙහිව වෙළඳ යුද්ධයේදී ඇමරිකාවට මැදපෙරදිග කලාපයේ බලය අත්‍යාවශ්‍යයි. මොකද ආර්ථික වර්ධනයේදී ඉන්ධන කියන්නේ අත්‍යාවශ්‍යය සාධකයක් වගේම තමයි මැදපෙරදිග කලාපය කියන්නේ විශාල වෙළඳපොලක්. මෙන්න මේ කතාවත් එක්ක තමයි ඇමරිකාවේ ඇහැ මැදපෙරදි කලාපයට යොමු කරමින් ඉන්නේ. මීට පෙරත් මේ විදිහටම ඇෆ්ගනිස්තානයට වගේම සිරියාව වගේ රටවලත් ඇමරිකානු මැදිහත්වීම් වුණා. අන්තිමට යුද්ධය එක්ක ඒ රටවල් බිමටම සමතලා කරලා ඒවගේ ඇමරිකානු රූකඩ රාජ්‍යන් ඇති කරලා තමයි ඒ යුද උන්මාදය නැවත්තුවේ. මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්ම වෙන ඇමරිකානු බලල් අත නෙතන්යාහු ප්‍රමුඛ ඊශ්‍රායලය අරහා පලස්තීනයට සහ ඉරානයට එරෙහිව දියත් වෙන්නෙත් ඒ වැඩපිළිවෙළේම දිගුවක්. නමුත් ඒ මැදිහත් වීමෙන් එහාට ගිහිල්ලා මේ වෙද්දි ඇමරිකාව ඉරානය ඍජු ප්‍රහාර එල්ලකිරීමට පවා කටයුතු කරමින් ඉන්නවා. මේ තත්වය ඉතාම භයානකයි. අපි කියන්නේ නෑ මේ ඉරානය පලස්තීනය ප්‍රමුඛ මැදපෙරදිග රටවල ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ පාලනයන් ක්‍රියාත්මක වුණා කියලා. ඒ රටවල පවා ඒකාධිපති අන්තගාමී ලක්ෂණ අපි දැක්කා. නමුත් මේ වෙලාවේ ඇමරිකානු වැඩපිළිවෙළ ඒ අන්තගාමීත්වයට දූෂිත පාලනයට එරෙහි ඇත්ත වුවමානවකින් කෙරෙන මැදිහත් වීමක් නෙවෙයි.
මෙතනදි අපි මතු කරන ඊලග වැදගත් කාරණය තමයි මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩුවේ මැදිහත් වීම. ලංකාවෙ ආණ්ඩුව කරන ජාතික ජන බලවේග ආණ්ඩුව මේ යුද්ධයට එරෙහිව තීරණාත්මක ප්‍රකාශයක් කිරීමට පවා අපොහොසත් වෙමින් ඉන්නවා. අඩුම තරමින් මිනීමැරු ඊශ්‍රායලේ නම පවා නොකියා ඉන්න ඔවුන් පරිස්සම් වෙනවා. මේක ඉතාම කණගාටුදායක තත්වයක්. මොකද ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට සහ ඉන්දියානු මැදිහත්වීම්වලට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සඨන් කළ ඉතිහාසයක්. නමුත් අද ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් පලස්තීන සහයෝගිතා ව්‍යාපාරයේ සභාපති වෙලා ඉන්න තත්වයක් ඇතුලෙත් පලස්තීනයේ ඊශ්‍රායලය සහ ඇමරිකාව කරමින් යන මෙලෙච්ඡ යුද්ධය හෙළා දකින්න එක වචනයක් කියන්නෑ. අද වෙද්දි ගාසා තීරයේ දරුවන් සහ කාන්තාවන් දහස් ගණනින් සමූල ඝාතනය වෙලා ඉවරයි. නමුත් ආණ්ඩුව අද ඉන්දියානු සහ IMF න්‍යායපත්‍රයට යට වෙලා මේ යන ගමන ඇතුළේ අපිට පේනවා ඔවුන් ඇමරිකානු අධිරාජ්‍යවාදී උපායමාර්ගය හමුවේ නිහඬ වෙමින් ඉන්නවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි හිතන්නේ අද මැදපෙරදිග පුපුරා යන අධිරාජ්‍යවාදී බල කඳවුරු අතර බල පොරය නැවත්වීම සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් ජනතා මැදිහත් වීමක් අවශ්‍යයි. මොකද මේ ධනේශ්වර පාලන තන්ත්‍රය කිසිඳු අයුරකින් මේ යුද උන්මාදය නතර කරන්නේ නෑ. අද වෙද්දි ඇමරිකාව ක්‍රියාත්මක කරන චීනය වටලෑමේ එහෙම නැත්තං ආර්ථික අතින් චීනය දුර්වල කිරීමේ උපායමාර්ගයේ අරමුණ සම්බන්ධ වෙන්නේ ඔවුන්ගේ ප්‍රාග්ධන කතාවත් එක්ක. ඒ අතරම තමයි රුසියාව යුක්‍රේනයට එරෙහිව ක්‍රියාත්මක කරන මෙලෙච්ඡ යුද්ධයත් අඩුවෙන් තක්සේරු කල යුතු නෑ. මේ සියලු මෙලෙච්ඡ යුද්ධයන්ට එරෙහිව ජනතා මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ ජනතා බලය ගොඩ නැගීමට එකතුවෙන්න කියලා අපි සියලුම රටවල්වල පීඩිත ජනතාවට සහ ප්‍රගතිශීලි බලවේගවලට ආරාධනා කරනවා. "
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..