News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල-ඉරාන යුද්ධය නැවැත්වීමට වහා මැදිහත් වන ලෙස අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයට ලිපියක්..

Jun 25, 2025 at 06:26 AM
|

ඊශ්‍රායල ඉරාන යුද්ධය නැවැත්වීමට වහා මැදිහත් වන ලෙස අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය වෙත ලිපියක් භාරදීම දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය විසින් ඊයේ(24) දින සිදුකරන ලදී.

එම ලිපිය මගින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති බවට පත්වීම සඳහා අමෙරිකාව ලෝකයේ වෙනත් කලාපවල යුද්ධ වලට මැදිහත් නොවීම වැනි සටන් පාඨ යොදා ගත්ත ද, ඒවා ක්‍රියාවට නංවා නොමැති බවයි.

අදාළ ලිපිය පහළින්..

ගරු තානාපති තුමිය,

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය.

මගින්,

ගරු ජනාධිපති,

ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා,

ධවල මන්දිරය,

නිව්යෝක්,

අමෙරිකාව.

ගරු ජනාධිපති තුමනි,

ඊශ්‍රායල ඉරාන යුද්ධය නැවැත්වීමට වහා මැදිහත් වන ලෙස කරනු ලබන ඉල්ලීමයි

මේ වන විට ඊශ්‍රායල ඉරාන ගැටුම අතිශය තීරණාත්මක අවධියකට පැමිණ තිබේය යන නිගමනය සමඟ ඔබ තුමා එකඟ වනු ඇතැයි අපි විශ්වාස කරමු. 

ඔබගේ රට ,ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් තුන මැදිහත්ව  ඉරානය විසින් යුරේනියම් බල ගැන්වීම පිළිබඳ දින 60ක කාල සටහනකට අනුව කළ සාකච්ඡා අවසන් වී දිනක් ඇතුළත ඊශ්‍රායලය විසින් ඉරානයට දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවේය. ඒ අනුව ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පෙර සූදානමකින් සිටි බවට පවතින ලෝක ජන මතය බැහැර කළ නොහැකි බව ඔබ තුමාද පිළිගන්නවා ඇතැයි අපි විශ්වාස කරමු.

ඊශ්‍රායල නායකත්වය ඉරානයට පූර්ව අනතුරු ඇඟවිමේ ප්‍රහාරයක් දියත් කළ බව කියා සිටියත්, ඉරානය විසින් න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමේ අද්දර සිටින බවට ඊශ්‍රායල බලධාරින් එල්ල කරන චෝදනාව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. ඒ බව තහවුරු කිරීමට ඇති ප්‍රභලතම සාක්ෂිය වන්නේ පසුගිය මාර්තු මාසයේදී, ඔබ තුමාගේ රාජයයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් අමෙරිකානු සෙනෙට් බුද්ධි කමිටුවක් ඉදිරියේ සාක්ෂි දෙමින්, ”ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන්නේ නැති බවත්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි 2003 දී ඔහු විසින් අත්හිටුවන ලද න්‍යෂ්ටික අවි වැඩසටහනට අවසර දී නොමැති බවත්” අමෙරිකානු බුද්ධි ප්‍රජාව තක්සේරු කරන බව අවධාරණය කිරීම මගිනි. ඒ අනුව, ඊශ්‍රායලයේ ප්‍රකාශ සරල ප්‍රකාශයන් ලෙස සැලකීමට නොහැක්කේ, ඔබ තුමාගේ රාජ්‍යය විසින් ඉරාකයේ ජනාධිපති සදාම් හුසේන් සතුව මහා විනාශකාරී අවි ඇති බවට 2003 දී සිදු කළ ප්‍රකාශ සහ ඊශ්‍රායලය විසින් සිදු කළ ප්‍රකාශ සමාන වන බැවිනි.

ඔබ තුමාට සිහිපත් කළ යුතු වඩාත් වැදගත්ම කාරණය වන්නේ, ඔබ තුමා අමෙරිකා එක්සත් ජනපදයේ නියමුවා වීම සඳහා පැවැති ජනාධිපතිවරණයේදී වර නැංවූ සටන් පාඨ අතර යුක්රේන- රුසියා යුද්ධය නැවැත්වීමට මැදිහත්වීම, අමෙරිකාව ලෝකයේ වෙනත් කලාපවල යුද්ධ වලට මැදිහත් නොවීම වැනි සටන් පාඨ ලෝක ජනයාගේ ආකර්ෂනය දිනා ගැනීමය. එලෙසම අහිමි වී ඇති අමෙරිකානු අභිමානය යථාවත් කිරීමට මැදිහත් වනවා යැයි පැවසීමද ලෝක ජනයාගේ ආකර්ෂණය දිනාගත් බවද අවධාරණය කරමු. එහෙත් ඔබ තුමා යුක්රේන-රුසියානු යුද්ධය නැවැත්වීමට මේවන තෙක් කිසිදු සාධනීය පියවරක් ගෙන නැත.

එපමණක් නොව ඔබගේ පූර්වගාමී ජනාධිපතිවරයා කියුබාවට එරෙහිව පනවා තිබූ සමහර සම්බාධක ඉවත් කළද ඔබ තුමා අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වී සිදු කළ පළමු රාජකාරි අතරට කියුබාවට දැඩි සම්බාධක පැනවීමටද කටයුතු කරනු ලැබුවේය. ඔබ තුමා වෙනත් අමෙරිකානු ජනාධිපතිවරයෙකුට වඩා ලෝක සාමය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවට ලෝක ජනයා තුළ ගොඩ නැගුනු අපේක්ෂාව කියුබාව සහ යුක්රේනය කෙරෙහි ඔබ තුමාගේ මැදිහත්වීම විසින් වනසා දමා තිබෙන බව පෙන්වා දීමට කැමැත්තෙමු. 

ඒ අනුව ලෝක ජනයා ඔබ තුමා කෙරෙහි තැබූ විශ්වාසය මෙන්ම අමෙරිකානු ජනයා ඔබ තුමා යුද්ධ වලට පැටලෙන නායකයෙකු නොවන බවට තැබූ විශ්වාසය තහවුරු කිරීමේ මහඟු අවස්ථාව දැන් ඔබ තුමාට ලැබී ඇත. ඒ අනුව ඊශ්‍රායල ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වීම ඒ සඳහා ඔබ තුමාට තිබෙන හොඳම අවස්ථාවක් බව පෙන්වා දීමට කැමැත්තෙමු. අවසාන වශයෙන් ඊශ්‍රායලයේ අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති ෂිමොන් පෙරෙස්  වරක් ප්‍රකාශ කළ ආකාරයට ”සැබෑ ජයග්‍රහණය සාමයේ අස්වැන්න නෙළීමට මිස තවත් යුද්ධයක බීජ සඳහා නොවේ.” යන ප්‍රකාශය ඔබ තුමා වෙත සිහිපත් කරමු. මැද පෙරදිග ඉතිහාසයේ ඇතිවූ බොහෝ මිලිටරි ගැටුම් ආරවුල් සමනය කර නැත. ඒ වෙනුවට, එම ගැටුම් නව ගැටුම්  බවට පරිවර්තන්ය කිරීම සඳහා තව තවත් බීජ රෝපණය කර ඇත. ප්‍රචණ්ඩත්වයේ සහ ගැටුම්වල විෂම චක්‍රය කලාපයේ රටවල් අතර බෙදීම් ගැඹුරු කර ඇති අතර, ආරවුල් සාමකාමීව විසඳා ගැනීමේ මාවත වඩ වඩාත් දුෂ්කර වී තිබේ. ලේ වැගිරීම් සහ කැලඹීම් වලින් මිදීමට නම්, ”ඔබේ අසල්වැසියා හිඟන්නෙකු විය යුතුය” යන පැරණි වැඩවසම් මානසිකත්වය අතහැර දමා පොදු, පුළුල්, සහයෝගී සහ තිරසාර නව ආරක්ෂක දැක්මක් වැළඳ ගත යුතුය යන්න අවධාරණය කරමු. ඒ සඳහා ඔබගේ දායකත්වය අති විශාල බව දැඩිව අවධාරණය කරමු.

ස්තුතියි,

මෙයට විශ්වාසී,

උවිඳු විජේවීර ,

දෙවන පරපුර.

සම්බන්ධිත පුවත් | Related News

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.
කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.