News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් එක් රාත්‍රියකදී නිමාවට ?

Jun 23, 2025 at 01:18 PM
|

අපේ රට කුඩා වුවත්, ලෝකයේ සිදුවන, සිදුවීම් ගැන දැනගැනීම අපට ඉතා වැදගත්. මන්දයත්, මේවා අපේ ජීවිත වලට සෘජුවම බල නොපෑවද, ලෝක දේශපාලනයේ සහ භූ-දේශපාලනයේ සිදුවන වෙනස්කම් අවසානයේ අපටත් බලපාන නිසයි. එහෙත් බහුතරය මේ සිදුවීම් ඔහේ මතුපිටින් කියවනවා පමණයි. ඒත් මේවා ගැඹුරින් විශ්ලේෂණය කිරිමෙන් අපටත් බොහෝ දෑ ඉගෙනගත හැකියි.

"සූන් ට්සු" (Sun Tzu) යනු පුරාණ චීන යුද උපාය මාර්ගිකයෙක්. ඔහුගේ "යුද කලාව" (The Art of War) නමැති ග්‍රන්ථය අදටත් ලෝකයේ ප්‍රමුඛ පෙළේ නායකයින්, ව්‍යාපාරිකයින් සහ යුද විශේෂඥයින් විසින් අධ්‍යයනය කරනු ලබනවා. එහි මූලිකම සංකල්පයක් වන්නේ, සටනකින් තොරව ජයග්‍රහණය කිරීමයි. 

එනම්, සතුරාගේ ශක්තිය හඳුනාගෙන, ඔහුගේ දුර්වලතා උපයෝගී කරගෙන, සෘජු ගැටුමකින් තොරව ඉලක්කය සපුරා ගැනීමයි. ඔබ සමහර විට සූන් ට්සු ගැන හා ඔහුගේ පොත අසා තිබුණත්, එහි ඇති ගැඹුරු අදහස් ගැන දැනගන්නට ලැබී නැති වෙන්න පුළුවන්..

පුරාණ චීනයේ අධිරාජ්‍යයෙකු වූ හෝලු (Ho Lu) අධිරාජයාට සූන් ට්සුගේ යුද උපක්‍රම ගැන අසන්නට ලැබුණි. ඔහු සූන් ට්සු කැඳවා, ඔහුගේ 'න්‍යායන්' පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසීය, එවිට සූන් ට්සුට ඒ සදහා බලය ලබාගෙන, අධිරාජයාගේ අන්තඃපුරයේ සිටි කාන්තාවන් 180 දෙනෙකු රැගෙන එන ලෙස අණ කළේය..

ඔවුන් එහි කැදවා ගෙන ආ පසු සූන් ට්සු මෙම කාන්තාවන් කණ්ඩායම් දෙකකට බෙදා, අධිරාජයාගේ ප්‍රියතම උපභාර්යාවන් දෙදෙනා ඔවුන්ගේ නායිකාවන් ලෙස පත් කළේය. ඉන්පසු ඔහු ඒ නායිකාවන්ට සරල හමුදා විධානයන් කිහිපයක් කියන ලෙස අණ කළේය. ඒ අනුව ඔවුන් දෙදෙනා,

"දකුණට හැරෙන්න," 

"වමට හැරෙන්න," 

"ඉදිරියට යන්න." යැයි කීහ. 

එහෙත් කණ්ඩායම් දෙකේම කාන්තාවන් මේවා විහිළුවට ගෙන සිනාසෙන්නට පටන් ගත්හ. සූන් ට්සු නැවතත් උපදෙස් ලබා දී,

"ඔවුන් ඔබේ උපදෙස් නිසි ලෙස තේරුම් ගත්තේ නැතැයි සිතමි" යැයි පවසා, නැවතත් විධානයන් ලබා දෙන ලෙස අණ කළේය. නමුත් එවිටත් ඔවුන් සිනාසෙන්නට වූහ. මේ අවස්ථාවේදී සූන් ට්සු මෙසේ පැවසීය. 

"විධානයන් පැහැදිලි නොවේ නම්, වරද සෙන්පතියාගේ ය. නමුත් විධානයන් පැහැදිලි වූ පසුත්, භටයින් කීකරු නොවන්නේ නම්, වරද නායකයින්ගේ ය." එසේ පවසා, ඔහු නායිකාවන් දෙදෙනාවම මරණයට පත් කිරීමට නියෝග කළේය. අධිරාජයා මේ ගැන විරෝධය පෑවත්, සූන් ට්සු ඔහුගේ තීරණය වෙනස් කළේ නැත. 

නව නායිකාවන් පත් කළ පසු, සූන් ට්සු නැවතත් විධානයන් ලබා දුන්නේය. මෙවර, කාන්තාවන් නිශ්ශබ්දව, කිසිදු පැකිලීමකින් තොරව විධානයන් ක්‍රියාත්මක කළහ. එවිට සූන් ට්සු අධිරාජයාට පැවසුවේ, 

"ඔබේ හමුදා දැන් පුහුණු වී ඇත" කියාය..

මෙම කතාවෙන් සූන් ට්සු අපට උගන්වන්නේ විනයෙහි වැදගත්කම හා ඔබේ වචන කිසිවකු ගණන් නොගන්නේ නම් එය සුළුකර නොසිතන ලෙසයි . ඕනෑම කණ්ඩායමක, ආයතනයක හෝ රටක සාර්ථකත්වයට විනය අත්‍යවශ්‍ය වේ. නායකයෙකුට තම විධානයන් පැහැදිලිව ලබා දිය හැකි විය යුතු අතර, ඒවා ක්‍රියාත්මක නොවන විට දැඩි තීරණ ගැනීමට ද පසුබට නොවිය යුතුය. 

"සූන් ට්සු" තම යුද කලාවේදී නිතරම අවධාරණය කළ තවත් කරුණක් තමයි, යුද්ධයකට යාමට පෙර සතුරා ගැන මෙන්ම තමා ගැනත් හොඳින් දැන සිටිය යුතු බව. 

"ඔබ සතුරා ගැන දැනගෙන, ඔබ ගැනත් දැන සිටින්නේ නම්, ඔබ සටන් සියයක් වුවත් බිය විය යුතු නැත. ඔබ ඔබ ගැන දැනගෙන, සතුරා ගැන නොදන්නේ නම්, ඔබ දිනන සෑම සටනක්ම ඉදිරියේදී  පරාජය වීමට සිදුවනු ඇත, ඔබ ඔබ ගැනත්, සතුරා ගැනත් නොදන්නේ නම්, සෑම සටනකදී ඔබට පරාජය වීමට සිදුවනු ඇත!"

ඔහු මෙය හුදු උපදේශයක් ලෙස දුන්නේ නැත. සූන් ට්සු සතුරාගේ භූමි ප්‍රදේශය, ඔවුන්ගේ ශක්තීන් සහ දුර්වලතා, ඔවුන්ගේ සෙන්පතීන්ගේ ගතිගුණ, ඔවුන්ගේ සැපයුම් මාර්ග, සහ ඔවුන්ගේ සදාචාරය පවා හොඳින් අධ්‍යයනය කළ යුතු බව පැවසීය. එලෙසම, තමාගේම හමුදාවේ ශක්තීන්, දුර්වලතා, සම්පත් සහ හැකියාවන් ගැනත් නිවැරදි අවබෝධයක් තිබිය යුතු බව අවධාරණය කළේය. 

මෙයින් සූන් ට්සු අපට උගන්වන්නේ තොරතුරුවල සහ දැනුමේ අගයයි. එය ව්‍යාපාරයක්, විභාගයක්, ක්‍රීඩාවක් හෝ ඕනෑම අභියෝගයක් විය හැක, අප අපගේ තරඟකරුවන් ගැනත්, අපේම ශක්තීන් සහ දුර්වලතා ගැනත් හොඳින් දැන සිටිය යුතුයි. නිවැරදි තොරතුරු සහ විශ්ලේෂණයකින් තොරව ගන්නා තීරණ බොහෝ විට අසාර්ථක වීමට හේතු වේ. 

සටනකින් තොරව ජයග්‍රහණය කිරීම හෙවත් ප්‍රඥාවේ උච්චතම අවස්ථාව මේ තමයි, සූන් ට්සුගේ දර්ශනයේ මූලිකම සංකල්පය, එනම් හැකි නම් සටනකින් තොරව ජයග්‍රහණය කිරීමයි. "උසස්ම විශිෂ්ටත්වය වන්නේ සටන් නොකර සතුරාගේ ප්‍රතිරෝධය බිඳ දැමීමයි." 

මෙයින් අදහස් කළේ සතුරාට පහර දීමෙන් වැළකී සිටීම හෝ බියගුලු වීම නොවේ. ඒ වෙනුවට, සතුරාගේ මනසට බලපෑම් කිරීම, ඔවුන්ගේ සදාචාරය බිඳ දැමීම, ඔවුන්ගේ සම්පත් කපා හැරීම, සහ ඔවුන්ව ව්‍යාකූල කිරීම වැනි උපක්‍රම භාවිතා කිරීමයි. සූන් ට්සු විශ්වාස කළේ, සෘජු ගැටුමකින් තොරව සතුරාට යටත් වීමට සැලැස්වීම සැබෑ ප්‍රඥාවේ සලකුණ බවයි. මන්දයත්, යුද්ධය යනු සම්පත් නාස්තියක් වන අතර, එයින් සිදුවන්නේ හානියක් පමණි. සටනකින් තොරව ජයග්‍රහණය කිරීමෙන් මිනිස් ජීවිත, සම්පත් සහ කාලය ඉතිරි කර ගත හැක. 

මේ කතාව අපිට උගන්වන්නේ ප්‍රඥාවේ සහ දුරදක්නා නුවණෙහි වැදගත්කමයි. ජීවිතයේදී අපිට ගැටුම් ඇතිවෙන අවස්ථා තියෙනවා. සමහර විට අපිට හිතෙන්න පුළුවන් ගැටුමට මුහුණ දෙන එක තමයි එකම විසඳුම කියලා. නමුත් සූන් ට්සු අපිට කියා දෙන්නේ, ගැටලුවකට මුහුණ දෙන හොඳම ක්‍රමය එය ඇතිවීම වළක්වා ගැනීම බවයි. 

ව්‍යාපාරයේදී, පවුල් සබඳතාවලදී හෝ ඕනෑම පුද්ගලික ගැටලුවකදී, ගැටුම් උග්‍ර කර ගැනීම වෙනුවට බුද්ධිමත් උපක්‍රම වලින් එය විසඳා ගැනීමට උත්සාහ කිරීමෙන් අපට විශාල ජයග්‍රහණ ලබාගත හැකියි. ඊට අමතරව, අසාධාරණයක් වෙන්න කලින්, හෝ ගැටලුවක් ලොකු වෙන්න කලින්, අපිට ඥානවන්තව ඒක වළක්වා ගන්න පුළුවන් නම්, ඒක තමයි ලොකුම ජයග්‍රහණය..

ඉරාන යුද්ධයේ දී සිදුවන බොහෝ සිදුවීම් "සූන් ට්සු" දර්ශනයට සමීපයි. සැලසුම් කළ, මනෝ විද්‍යාත්මකව සතුරා බිඳ හෙලන උපක්‍රම, මාධ්‍ය සංදර්ශන එහි පිරි තිබෙනවා! මේ ගැන කියද්දි මට මතක් වෙන චරිතයක් ඉන්නවා ඒ ජෝර්ජ් ඕවල්, ඔහු 20 වැනි සියවසේ ජීවත් වුණු, ලෝකයේ භයානක පැති ගැන තීක්ෂ්ණව දැකපු කෙනෙක්. එයාගේ අදහස් අදටත් අතිශයින්ම අදාළයි.  

ජෝර්ජ් ඕවල් කියන්නේ එරික් ආතර් බ්ලෙයාර් (Eric Arthur Blair) කියන නමින් ඉන්දියාවේ, බෙංගාලයේ ඉපදුණු කෙනෙක්. ඒ කාලේ ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබුණේ. එයා හැදුණේ වැඩුණේ එංගලන්තයේ. ඕවල්ගේ ජීවිතේ අත්දැකීම් හරිම විවිධයි. එයා පොලිස් නිලධාරියෙක් විදියට බුරුමයේ වැඩ කළා. ඒ අත්දැකීම් එයාට යටත් විජිත පාලනයේ සහ බලයේ ස්වභාවය ගැන ගැඹුරු අවබෝධයක් දුන්නා. පසුව එයා පැරිස් සහ ලන්ඩන් වල අන්ත අසරණ ජීවිත ගත කරන මිනිස්සු එක්ක ජීවත් වුණා. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට සහභාගී වුණා. මේ හැම අත්දැකීමක්ම එයාගේ ඇස් ඇරියා. ඕවල් දැක්ක දෙයක් තමයි, ස්පාඤ්ඤයේදී යුද්ධය ගැන මාධ්‍යවල පළවන වාර්තා සත්‍යයෙන් කොයිතරම් දුරස්ද කියලා එයාට තේරුණා...

යුද්ධයක් නැති තැන්වල යුද්ධ ගැනත්, සටන් සිදුවුණු තැන්වල ඒ ගැන නිශ්ශබ්දතාවයත් එයා දැක්කා. වීරයන්ව බියගුල්ලන් විදියටත්, බියගුල්ලන්ව වීරයන් විදියටත් හඳුන්වන හැටි එයාට පෙනුණා. මේ සිදුවීම් නිසා එයා තේරුම් ගත්තා "සත්‍යය" කියන එක කොයිතරම් පහසුවෙන් විකෘති කරන්න පුළුවන්ද කියලා. බලය තියෙන අයට ඕන විදියට ඉතිහාසය පවා ලියන්න පුළුවන් බව එයාට වැටහුණා. මේ තත්ත්වය "ඒකාධිපතිවාදයට"  මඟ පාදන බව එයා තදින්ම විශ්වාස කළා.. ඒ නිසා ඕවල් ලෝකයට දුන්න ලොකුම අනතුරු ඇඟවීම් දෙක තමයි එයාගේ "සතුන්ගේ ගොවිපළ" (Animal Farm) සහ "1984" කියන පොත් දෙක. මේවා තාමත් මිලියන ගණන් මිනිස්සු කියවනවා.

සතුන්ගේ ගොවිපළ (Animal Farm)

මේක හරි සරල කතාවක් වගේ පෙනුණත්, ඇත්තටම ඒක අද ලෝකය ගැන ලියවුණු රූපක කතාවක් (allegory). ගොවිපළක ඉන්න සත්තු තමන්ව පෙළා පීඩා කරන මිනිස්සුන්ට විරුද්ධව විප්ලවයක් කරනවා. ඒ අය හිතනවා තමන්ට වඩා හොඳ ලෝකයක් හදාගන්න පුළුවන් කියලා. මුලදී හැම දෙයක්ම හොඳින් සිදුවනවා වගේ පෙනුණත්, පාලනය අතට ගත්ත ඌරන් ටික ටික මිනිස්සුන්ටත් වඩා නරක වෙනවා. සත්තු හදාගත්ත නීති ("සියලු සතුන් සමානය") ටික ටික වෙනස් වෙලා "සියලු සතුන් සමානය, එහෙත් සමහරු අනිත් අයට වඩා සමානය" වගේ දේවල් බවට පත්වෙනවා. අන්තිමට මිනිස්සුයි, ඌරොයි අතර වෙනසක් නැති වෙනවා. මේ කතාවෙන් ඕවල් පෙන්නලා දෙනවා ඕනෑම රෙජීම් වේන්ජ් එකක් කොයිතරම් පහසුවෙන් තමන් මුලින් සටන් කළ දේටම විරුද්ධව යන තැනකට එන්න පුළුවන්ද කියලා. බලය අතට ගත්තම ඒක කොයි තරම් පහසුවෙන් දූෂණය වෙන්න පුළුවන්ද කියලා...

අවසන් වශයෙන් ලෝක භූ දේශපාලනය බොහෝ විට අපට ප්‍රහේලිකාවක්. ඔවුන්ගේ තීරණ පිටුපස විවිධ හේතු තිබිය හැකියි. සමහර විට අපට නොපෙනෙන බොහෝ දේවල් තිබිය හැකියි. එහෙත් ඕනෑම යුද්ධයකදී තවමත් 'The Art of War' වලංගු බව ඔබට පෙනේවි. එය ඔබේ ජීවන අරගලයටත් අදාළයි.

I hope you've found this article helpful. Follow me Sagara Diyagama for more.

- සාගර දියගම 

(අන්තර් ජාලයෙන් උපුටා ගැණිනි.)

සම්බන්ධිත පුවත් | Related News

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.