
ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමයි..
ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙනතුරු පමා කරන ලෙස තානාපති කාර්යාලය දැනුම් දී ඇති අතර මෙම නිවේදනය ශ්‍රී ලංකාව බලා පිටත්ව යන පිරිස් වෙතද වලංගු බවද සඳහන් කර තිබේ.
එමෙන්ම ඊශ්‍රායලය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර සියලු කාර්යාලය හා වැඩබිම්වල කටයුතු ද නවතා දමා ඇති බවද තානාපති කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සිය ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති අතර සතුරු පාර්ශ්වයන්ගෙන් ඉල්ල විය හැකි ප්‍රහාර හමුවේ ආරක්ෂිතව සිටින ලෙසද එරට වෙසන ශ්‍රී ලාංකිකයින්ගෙන් තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.
තවද සියලු ප්‍රවාහන කටයුතු නවතා දමා ඇති බවත් හදිසි අවස්ථාවක ගිලන් රථ සේවා ක්‍රියාත්මක කර ඇති බවත් තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවත් තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
