ආණ්ඩුවේ ප්‍රධානම සති අන්ත පුවත්පතෙන් “බෝර්න් අගේන්” නිකායට සුපිරි ප්‍රචාරණයක්..
ආණ්ඩුවේ ප්‍රධාන සති අන්ත පුවත්පතකින් දිවැසිවරයකු ලෙස පෙනීසිටිමින්, ජනයා මුලාකරන බවට චෝදනා එල්ලි වී ඇති ජෙරම් ප්‍රනාන්දු නමැති “බෝර්න් අගේන්” නිකාය ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයාට විශාල ප්‍රචාරණයක් ලබාදීම හරහා සමාජයට සිදුවන අනර්ථය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
පහත දක්වා ඇත්තේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවූ සටහනකි.
ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් හි සතිඅග ඉරිදා සිළුමිණ පුවත්පත විසින් දිවැසිවරයෙකු ලෙස පෙනී සිටින ජෙරම් ප්‍රනාන්දු ගේ ජීවිත කතාව සතිපතා ගෙනෙමින් තිබේ.
මෙවර එහි ඉඩ වෙන්කොට තිබෙන්නේ ජෙරම් ප්‍රනාන්දු ගේ බිරිඳ පාස්ටර් මෙලනි ප්‍රනාන්දු වෙනුවෙනි.
ජෙරම් ප්‍රනාන්දු ගේ මූලිකත්වයෙන් දියත්ව ඇති බෝර්න් අගේන් නිකාය සම්බන්ධව පසුගිය සමයේ ප්‍රබල විරෝධයක් රට පුරා පැවතිණ.
ඒ සමයේ විපක්ෂයේ ඇතැමුන් චෝදනා කර සිටියේ ජනතාව ලෙඩක් දුකක් වැළඳුණු කළ වෛද්‍යවරයෙකු වෙත නොගොස් දිව්‍යමය බලයෙන් රෝග සුවපත් කරන බව පවසා මිනිස් ජීවිත අනතුරේ හෙළන මෙවැනි මිත්‍යාවන් හිස ඔසවා ක්‍රියාත්මක වන්නේ එවකට ආණ්ඩු වල ප්‍රධානීන් මෙවැනි නිකායන් වෙතින් මූල්‍යමය වාසි ලබන නිසා බවය.
කෙසේවෙතත් ජාතික ජනබලවේගය ආණ්ඩුවද සිය රාජ්‍ය මාධ්‍ය තුළද බොර්න් අගේන් නිකායට මෙසේ ඉඩහසර දී තිබේ.
කිසියම් අයෙකු ගේ ආගමික විශ්වාසයන් සම්බන්ධ අයිතිය අපට ගැටළුවක් නොවන අතර ඒ සඳහා වන අනුලංඝනීය අයිතිය අපද පිළිගනිමු. නමුත් ජීවිතය අවධානමේ හෙළන සහ මනස විකෘති කරන ක්‍රියාවන් නම් අපි ප්‍රතික්ෂේප කරන බවද අවධාරණය කරමු.
එබැවින් ආගම ලෝකෝත්තර සුවය පිණිස තබාගෙන රෝගයක් වැළඳුණහොත් ඊට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට තරම් සාමාන්‍ය දැනුම ප්‍රතික්ෂේප නොකර ලෞකික ජීවිතය පරිස්සම් කරගන්නා ලෙස ඔබෙන් ඉල්ලමු.
මේ වචන ටික හෝ අපි ඔබට ලිව්වේ ආණ්ඩුව ජාතික ජනබලවේගය වුවත්, රට අනුරට දුන්නත් ඔබේ පරිස්සම ඔබ විසින් රැකගන්නට සිදුව ඇති යථාර්ථය පෙන්වාදීමට මිස කාගේවත් ආගමික විශ්වාසයක් මත යකා නැටීමේ කිසිඳු අදහසකින් නොවන බවද අවධාරණය කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..