රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.
උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන් පිළිගැනීමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති අවස්ථාවේදීය.
උන් වහන්සේ එහිදී මෙසේද පැවසූහ.
‘දේශපාලන පක්ෂවල ඇතැම් ක්‍රියාකාරකම් නිසා කලකිරීම් ඒ කලකිරීම කොච්චරද කියනවා නම් ඔබතුමියලට විශාල බලයකින් බලයට පත්වෙන්න අවස්ථාව ලැබුණේ.
විශ්වාසයක් ඇතිව තමයි අපි ඔබතුමියලව මේ රටේ ජනතාව බලයට පත් කරගත්තෙ. බලයට පත් කරගෙන දැන් යම් කාලයක් ගත වෙනවා ජනතාව විශ්වාසය පළුදු වෙමින් පවතිනවා මේ රජය ගැන.
ජනතාවට දීපු පොරොන්දු ජනතාවගේ බලාපොරොත්තු ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න ඕන. හැබැයි මේ විදිහට පහළට යන්න බෑ. ඔවුනොවුන් අතර විශ්වාසය තහවුරු වෙන විදිහට මේ රජයේ ඉදිරියට යන්න ඕන කියන එක අපි කතා කරන්න කැමතියි.
මේක හරියන්නේ නෑ කියන වචනය එළියට නොයන විදිහට රජයේ පවත්වා ගැනීම වගකිවයුත්තන්ගේ ලක්ෂණයක්.
දෙවෙනි කාරණය රජයක් වුනහම නීති ගරුක වෙන්න ඕනේ. නීතියෙන් පිට පැනලා කරන ක්‍රියාදාමයන් පිළිබඳව අපිට අහන්න ලැබෙනවා.
ඒ නිසා මම කියන්න කැමතියි කන්ටේනර තුන්සිය ගානක් නීති විරෝධීව එළියට ආවා කියලා කතා කරනවා. ඒක නීත්‍යනුකූලයි හැබැයි මේක නීත්‍යානුකූලයි කියන එක පැහැදිලි කරන්න ඕන.
රටේ ගිවිසුම් ඇති කරලා තියෙනවා පහුගිය කාලේ ඒ ගිවිසුම් නීත්‍යානුකූලයි මෙන්න මේවා ගිවිසුම් කියලා රටට එළි කරන්නට ඕනේ.
ඒ වගේම රජයේ කරන පත්වීම් ඒ පත්වීම් තුළ දේශපාලනය තියෙන්නට හොඳ නෑ.
තුන්වෙනි කාරණය තමයි තමන්ගේ අදහසින්ම පාලනය කරන්න යන්න එපා. අනිත් අය කියන හොඳ නරක විවේචනය අනිත් අයගේ අදහස් අහලා ඒවටත් කන්දෙන්න ඕන.
අපිම හරි කියන තීරණය ගියොත් වැඩිකල් යන්න බෑ හුඟක් ඉක්මනින්ම වැටෙනවා.
තව අවුරුදු හතරකට වැඩි කාලයක් අපි බලන් ඉන්නවා ඒ වැඩේ හරියටම කරන්නට කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි