
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව පාර්ශ්වයෙන් කරුණු හෙළිදරව් කිරීමක් සිදු නොකර ඇති පසුබිමක, මෙම ගිවිසුම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දෙන්නැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් තොරතුරු නිළධාරීවරයාගෙන් ඉල්ලා සිටීමේ දී මෙම ඇතැම් ගිවිසුම් බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ඒ එ මහතා වෙත පසුගිය දිනෙක ලිපියක් මගින් දන්වා තිබිණි.
ආරක්ෂක අමාත්‍යංශය විසින් තමන් වෙත මෙම තොරතුරු ලබා නොදෙන ලෙස දන්වා ඇති බවත් තොරතුරු නිලධාරිවරයා එම ලිපියෙන් දැනුම් දී තිබිණි
එම කරුණු සනාථ කරමින් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ලිපියක් මගින් දන්වා තිබුනේ ගිවිසුම් 2කට අදාළ තොරතුරු ලබාදීම තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ පනතේ විධිවිධාන යටතේ බවයි.
එබැවින් ඊට අදාළව සිදුකළ අභියාචනය ප්‍රතික්ෂේප කරන බවද එම ලිපිය මගින් දන්වා තිබේ.
කෙසේවුවද, ආණ්ඩුව මෙම ගිවිසුම් සම්බන්ධයෙන් මෙසේ කරුණු හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරන වාතාවරණයක, මෙම ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ජාතික සංවිධාන විසින් ගොනු කරනු ලැබු පෙත්සම ඊයේ (5) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැනීම ද සිදුවිය.
මෙහි පැමිණිලි පාර්ෂවය වෙනුවෙන් ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය අසෝක කමලදාස, නිතිඥ නුවන් බැල්ලන්තුඩාව, ශමේන්ද්‍ර වික්‍රමආරච්චි, චමින්ද ප්‍රියදර්ශන යන මහත්වරුන් එහිදී ඉදිරිපත් වූ අතර, මෙම ගිවිසුම් අත්සන් කර තිබෙන ආකාරය අනුව මාස තුනකට පසුව මෙම ගිවිසුම්වලට එරෙහිව අධිකරණයේ කරුණු දැක්වීමට නොහැකි හෙයින් මාස තුනකට පෙර මෙම නඩුව විභාගයට ගතයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් නීතිපති දෙපාර්තුමේන්තුවට මෙහිදී දැනුම් දෙන ලදී.
ඒ අනුව ඉතා නුදුරේදීම මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතව තිබේ.
මේ අතර, උද්ගත වී ඇති මෙම වාතාවරණය සම්බන්ධයෙන් කරුණු දක්වමින් බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ සමයේ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබීමේ දී එවකට ජේ.ආර් ජයවර්ධනගේ ආණ්ඩුව පවා මෙබඳු ලෙසින් හැසිරී නොමැති බවය.
එකල ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව නැගීසිටි ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩු බලය දරණ ජනතා විමුක්ති පෙරමුණ දැයි දැඩි ප්‍රශ්නාර්ථයක් මතුවන බවත් ඔවුහු පවසති..
මෙම ගිවිසුම් ජනතාවගෙන් සැඟවීමට ආණ්ඩුව විසින් උත්සාහ දරන්නේ ඉන්දියා විසින් සිදුකරන බලපෑමට යටත්වී බවත්, මෙම ගිවිසුම් හරහා ඉන්දියාව තම ආධිපත්‍ය මෙරට තුළ ක්‍රියාත්මක කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළට මේවන විටත් අවතීර්ණ වී ඇති බවත් එම පාර්ශව පෙන්වා දෙයි.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන යටතේ තොරතුරු ඉල්ලා සිටීම පිළිබඳ අභියාචනය සම්බන්ධයෙන් තීරණය දැනුම් දීම සඳහා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත එවූ ලිපිය පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
