News Category
From Date
To Date
Maximum Number of Result

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

Jun 6, 2025 at 12:35 PM
|

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසන්නේ මෙලෙස පැමිණෙන පුද්ගලයන් අතර ඉන්දියාවෙ පුරවැසිබව ගත් අය, රෝහිණ්‍යා, ඇෆ්ගන් සහ පාකිස්තාන් සරණාගතයන් ද සිටිය හැකි බවත් ය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පවසයි,

"අපිට තොරතුරු ලැබිලා තියෙනවා එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව.  තමන්ගේ ජන කොටස තුළින්ම මතුවුණ ත්‍රස්තවාදයෙන් බැට කෑ දෙමළ ජනතාවට නැවත ඔවුන් ජිවත්වු මවුරටට, ගම් බිම් වලට එන්න තිබෙන අයිතියට අපි ගෞරව කල යුතුයි. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය නිසි පරිදි ලබාදිය යුතුයි. නමුත් මේ ආණ්ඩුව ඉන්දියාව, ඩයස්පොරාව සහ දෙමළ අන්තවාදි දේශ්පාලඥයන් ඉදිරියේ දක්වන බියගුලු හැසිරීම නිසා මේ ක්‍රියාවලිය ඉතා අවධානයකින් කල යුතුබව අපි කියනවා. 

මේ වන විට පලාලි, කන්කසන්තුරේ ගුවන් සහ නාවික ගමනාගමනයන් විවෘත වෙලා තියෙනවා. මේ සරණාගතයන් ලංකාවට එන්නේ මේ තැන් වලින් නම්   , ඒ තැන් වල ආගමන විගමන කටයුතු නිසි පරිදි වන බව තහවුරු විය යුතුයි. 

වෙනත් රටක අවුරුදු ගණනක් පදිංචි වුවෙක් නැවත ගෙන්වා ගැනීමේදි පොලිස් වාර්තා සහ සෞඛ්‍ය වාර්තා ලබා ගැනීම මහජන ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැදගත්. ඒ වගේම තමයි ඉන්දියාව ළගඳි ඔවුන්ගේ පුරවැසි නීතීය සංශෝධනය කලා. ඒ අනුව ලංකාව බංගලාදේශය සහ පාක්ස්‍ථානයෙන් ඉන්දියාවට පැමිණි බෞද්ධ, කිතුණු, හින්දු බැතිමතුන්ට අවුරුදු 6ක් ඇතුලත පුරවැසිබව ලබා ගන්න පුළුවන්. එතකොට මේ අය අතර ඉන්දියාවෙ පුරවැසිබව ගත් අයත් ඉන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවට ප්‍රශ්නයක් වෙලා තියෙන රෝහිණ්‍යා, ඇෆ්ගන් සහ පාකිස්තාන් සරණාගතයන් එන්න පුළුවන්. මේ ගැන අපි පරික්ෂාකාරි විය යුතුයි.

බදුරදීන්ලා විල්පත්තුව  කැලේ කැපුවේ මෙහෙම ආපු අය වෙනුවෙන් . ඒ අයගෙ චන්දෙන් තමයි පාර්ලිමේන්තුවට ගියේ. මේකේ කණගාටුදායක තත්වය තමයි දෙමළ සරණාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන උනන්දුවෙන් අබමල් රේණුවක් තමන් උපන් රටේ සරණාගතයන් බවට පත්වු සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ. උතුරේ සහ නැගෙනහිර ත්‍රස්තවාදය නිසා පලා ගිය සිංහල ජනතාව පදිංචි කිරිමට කීසිදු පියවරක් ආණ්ඩුව අරගෙන නෑ. සිංහල ජනතාවගේ විශ්වාසය  දිනා ගැනීමකින් තොරව කල්පවතින සංහිදියාවක් ඇතිකරන්න බෑ. එහෙම සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ආණ්ඩුව හෝ සංහිඳියා කාර්යාලය කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඉඩම් නිරවුල් කිරිමේ ආඥ්ඥා පනත යටතේ   යාපනය දිස්ත්‍රික්කයේ අයිතිය තහවුරු කල නොහැකි ඉඩම් පවරා  ගැනීමට ගෙනාපු 2025/03/28 සහ අංක 2430 චක්‍රලේඛය ආණ්ඩුව සුමන්තිරන්ගේ තර්ජනයට බයේ අකුල ගත්තා. ලැජ්ජයි. මේ ආණ්ඩුව සුමන්තිරන්ට ඩයපොරාවට බයයි. සුමන්තිරන් කියන්නේ අපේ පාර්ලිමේන්තුව හදන නීතියක් යාපනයේ ඉඩම් වලට අදාළ වෙන්න බෑ කියලා. දෙමළ ජනතාවට කොළඹ ඉඩම් ගන්න තියෙන අයිතිය සිංහල මිනිස්සුන්ට යාපනයේ නැති වෙන්නේ කොහොමද? තේසවලාමේ වගේ වාර්ගික නීති අහෝසි නොකොට අව්‍යාජ සංහිදියාවක් ඇති කරගන්න බෑ. සිංහල මිනිස්සු ඉස්සරහා සිංහ සෙයියාවෙන් කෑ ගැහුවට සුමන්තිරන් ලා ඉස්සරහා බලු කෙඳිරියක්වත් නෑ. මෑතකදි තිස්ස විහාරය සම්බන්ධයෙන් සාකච්ඡාවකට ගිය අපේ කණ්ඩායමකට බුද්ධශාසන ඇමති චණ්ඩි පාර්ට් එකක් දාලා තිබුණා යාපනේ පැත්ත පළාතේ යන්න එපා කියලා.  දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වුන රටක හිනිඳුමට බුද්ධ ශාසන ඇමති වෙන්න හිමිකමක් නැ. ශ්‍රද්ධාවක් නැති මිනිහෙක් කොහොමද බුද්ධ ශාසන ඇමති වෙන්නේ . යාපනයේ යනවද වෙන කොහෙ හරි යනවද තීරණය කරන්නේ බෞද්ධ ජනතාව. පොසොන් පෝයට යාපනයේ යන්නේ දහා දාහාක් ද ලක්ෂයක් ද කියන එක ආණ්ඩුවට තීරණය කරන්න බෑ. පොසොන් පෝයට සිල්ගන්නේ තිස්ස විහාරයේද  නැද්ද කියන බෞද්ධ ජනතාව තීරණය කරයි."

මෙහිදී දේශප්‍රේමී ජාතික බලවේගයේ විධායක සභික ඓශ්චර්‍ය ගුණරත්න අධිකාරි මහතා ද අදහස් දක්වන ලදී.


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.
ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.
රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.
දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.
දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.
සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.
කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ප්‍රධාන පුවත්

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදල් යන සංකල්පය බදු දැලෙන් නිදහස්ව මුදල් භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම සඳහා භාවිතා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා නගයි.

රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

පසුගිය රණවිරු සැමරුම සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය පිළිබඳව ජනතාවගේ සැකසංකා වර්ධනය වීමක් පෙන්නුම් කරන පසුබිමක ආණ්ඩුව විසින් අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ ක්‍රියාදාමය කරළියට පැමිණ ඇති බවත්, අධිකරණ පද්ධතියේ ඇති කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ගෙනෙන දෙයක් ලෙස මතුපිටින් පෙන්නුවද මෙම අභිචෝදක කාර්යාලය ගෙන ඒමේ ඇත්ත අරමුණ එය නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.

22 වන ෂැංග්‍රි-ලා සංවාදයේදී චීනය සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා කළ "චීන තර්ජනය" ආඛ්‍යානය අතිශයෝක්තියට නැංවූ නිෂේධාත්මක අදහස් දැක්වීම්වලට ප්‍රතිචාර වශයෙන්, චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන ෂැං ෂියාඕගැං ඉරිදා ප්‍රකාශ කළේ ෂැංග්‍රි-ලා සංවාදයේදී ආරවුල් ඇති කිරීමට, ගැටුම් ඇති කිරීමට සහ ආත්මාර්ථකාමී අවශ්‍යතා ලුහුබැඳීමට එක්සත් ජනපදය පුරුදු වී සිටින බවයි. එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශ ගැඹුරින් මුල් බැසගත් ආධිපත්‍යවාදී තර්කනය, හිරිහැර කිරීමේ හැසිරීම සහ සීතල යුද්ධ මානසිකත්වයෙන් පිරී තිබුණි.

රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු

සයිබීරියාව සහ ඈත පෙරදිග ඇතුළු රුසියානු කලාප පහක හමුදා ගුවන් තොටුපළවල්, කියෙව් විසින් සංවිධානය කරන ලද "සම්බන්ධීකරණ ඩ්‍රෝන් ප්‍රහාර" වලට ඉලක්ක වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(01) පැවසීය

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.