News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු

Jun 2, 2025 at 12:58 PM
|

සයිබීරියාව සහ ඈත පෙරදිග ඇතුළු රුසියානු කලාප පහක හමුදා ගුවන් තොටුපළවල්, කියෙව් විසින් සංවිධානය කරන ලද "සම්බන්ධීකරණ ඩ්‍රෝන් ප්‍රහාර" වලට ඉලක්ක වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(01) පැවසීය. යුක්රේන ජන මාධ්‍ය ප්‍රහාරය රුසියානු උපායමාර්ගික ගුවන් සේවා ඉලක්ක කරගත් ප්‍රධාන මෙහෙයුමක් ලෙස හැඳින්වීය. එහෙත් මොස්කව් පරිපාලනයට අනුව, බොහෝ ප්‍රහාර මැඩපවත්වන ලද අතර, සමහරක් ද්‍රව්‍යමය හානි සිදු වූ නමුත් කිසිදු ජීවිත හානියක් සිදු නොවීය.

ඉලක්ක

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව ප්‍රහාරයට ලක්වූ  ගුවන් තොටුපළවල් උතුරේ මර්මන්ස්ක් කලාපයේ, මධ්‍යම රුසියාවේ ඉවානෝවෝ සහ රියාසාන් කලාපවල, සයිබීරියාවේ ඉර්කුට්ස්ක් කලාපයේ සහ ඈත පෙරදිග අමූර් කලාපයේ පිහිටා ඇති ඒවා වේ.

යුක්රේන ජන මාධ්‍යවලට අනුව, රුසියානු ගුවන් තොටුපළවල් වල රුසියානු Tu-95 සහ Tu-22M උපායමාර්ගික බෝම්බ හෙලන යානා මෙන්ම ඇ-50 පූර්ව අනතුරු ඇඟවීමේ සහ පාලන ගුවන් යානයක්, ප්‍රහාරයට ලක්වූ අනෙකුත් ගුවන් යානා අතර වේ. කෙසේ වුවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මෙම තොරතුරු තහවුරු කර නොමැති අතර, ගුවන් තොටුපළවල ස්ථානගත කර ඇති ගුවන් යානා වර්ග හෙළි නොකිරීමට වග බලාගෙන ඇත.

යුක්රේන රුසියානු ගැටුම උත්සන්න වීමෙන් වසර තුනකට වැඩි කාලයකට පසු කියෙව් හමුදා සයිබීරියාවේ සහ ඈත පෙරදිග පිහිටා ඇති රුසියානු යටිතල පහසුකම් ඉලක්ක කරගත් පළමු අවස්ථාව මෙය වේ.

ප්‍රහාර

සියලුම ප්‍රහාර සඳහා "පළමු පුද්ගල දෘෂ්ටිය (PFV)" තාක්ෂණය යොදා භාවිතා කරන කමිකාසේ ඩ්‍රෝන යානා භාවිතා කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසූ අතර, අවම වශයෙන් සමහරක් ගුවන් තොටුපළවල් වලට ආසන්නව පිහිටි ප්‍රදේශවලින් ප්‍රහාරය දියත් කර ඇති බවද පැවසීය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය "කියෙව් පාලනය" "ත්‍රස්තවාදී ප්‍රහාර" සිදු කරන බවට ද චෝදනා කළේය.

යුක්රේන සහ රුසියානු මාධ්‍යවලට අනුව, ඩ්‍රෝන යානා ප්‍රහාරයට ලක්වූ ගුවන් තොටුපළවල් අසල නවතා තිබූ ට්‍රක් රථ රැගෙන පැමිණි බහාලුම් වලා පටවා තීබී ඇත. සමහර අන්තර්ජාල රූපවාහිනී නාලිකාව ඉර්කුට්ස්ක් කලාපයේ එක් කන්ටේනරයකින් මිනිසුන් රහිත ගුවන් වාහන (UඇV) කිහිපයක් පියාසර කරන ආකාර්ය පෙන්වන වීඩියෝවක් ප්‍රචාර්ය කිරීමට කටයුතු කර තිබේ.එම වීඩියෝවේ අදාල ට්‍රක් රථය පිටුපසින් දුරින් දුම් පිඹින අයුරු දක්නට ලැබේ. එලෙසම වීඩියෝවේ වෙඩි තැබීමේ ශබ්ද ද ඇසෙන අතර, සාක්ෂිකරුවෙකු කියා සිටියේ පොලිස් නිලධාරීන් කුඩා අවි භාවිතා කරමින් ඩ්‍රෝන යානයක් බිම දැමීමට උත්සාහ කළ බවයි.

එලෙසම තවත් වීඩියෝවක දැක්වෙන්නේ ට්‍රක් රථයකින්  පියාසර කරන ඩ්‍රෝන යානාවලට ගල්වලින් පහර දීමට උත්සාහ කරන පිරිසක් සිටින බවයි. වීඩියෝව ඉර්කුට්ස්ක් කලාපයේ දී පටිගත කර තිබෙන බවද පැවසේ.

https://t.me/shot_shot/81818

ඔපරේෂන් ස්පයිඩර්වෙබ්

මෙම ප්‍රහාර "උපායමාර්ගික ගුවන් සේවා" ඉලක්ක කරගත් සහ ස්පයිඩර්වෙබ් යන කේත නාමයෙන් හඳුන්වන යුක්රේන ප්‍රධාන මෙහෙයුමක කොටසක් වූ බව යුක්රේන ජන මාධ්‍ය ආයතන කිහිපයක් යුක්‍රේන දේශීය ආරක්ෂක සේවයේ (SBU) මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කළහ.

රුසියානු ගුවන් තොටුපළවල් පහක සිතියම් ලෙස පෙනෙන සිතියම් දෙස බලමින් එහි ප්‍රධානියා වන වාසිලි මැලියුක්ගේ ඡායාරූපයක් ප්‍රකාශයට පත් කිරීමෙන් මෙහෙයුම පිටුපස තමන් සිටින බව SBU සිටින බව තහවුරු කළේය. රුසියානු කෲස් මිසයිල රැගෙන යන ගුවන් යානා බල ඇණියෙන් තුනෙන් එකක් පමණ ප්‍රහාරවලට ගොදුරු වූ බව SBU පවසා සිටියේය.

යුක්රේන ජන මාධ්‍යවලට අනුව, ඩ්‍රෝන යානා චංචල බහාලුම් ක්‍රමයෙන් රුසියාවට ප්‍රවාහනය කරන අතරතුර, SBU වසර එකහමාරකට වැඩි කාලයක් මෙහෙයුම සූදානම් කළේය. මෙම මෙහෙයුම යුක්රේනයේ ව්ලැඩිමීර් සෙලෙන්ස්කි විසින් පෞද්ගලිකව අධීක්ෂණය කරන ලද බව ද කියනු ලැබේ. ඔහුට අනුව ප්‍රහාර සඳහා UAV 117 ක් භාවිතා කර තිබේ.

https://t.me/shot_shot/81819

පසු විපරම

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ප්‍රහාර සාර්ථකව මැඩපැවැත්වූ අතර කිසිදු හානියක් හෝ ජීවිත හානියක් සිදු නොවීය. මර්මන්ස්ක් සහ ඉර්කුට්ස්ක් කලාපවල, ප්‍රහාර හේතුවෙන් සමහර ගුවන් යානා ගිනි ගැනීමට හේතු වූ බව එය තවදුරටත් පැවසීය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ප්‍රහාරය හේතුවෙන් ඇති වූ ගින්න වහාම නිවා දමන ලද අතර  කිසිදු ගුවන් යානයක් අහිමි වීමක් වාර්තා වී නැත.

යුක්රේන ජන මාධ්‍ය කියා සිටියේ මෙහෙයුමේදී උපායමාර්ගික බෝම්බ හෙලන යානා කිහිපයක්ද ඇතුළුව ගුවන් යානා 40 ක් පමණ හානි වූ බවයි. රුසියානු බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මේ දක්වා කර නැත. 

විමර්ශනය

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ප්‍රහාර පිටුපස සිටින සමහර සැකකරුවන් රඳවාගෙන ඇති නමුදු අත්අඩංගුවට ගත් අයගේ සංඛ්‍යාව හෝ ඔවුන්ගේ අනන්‍යතාවයන් හෙළි කර නැත.

සමහර  පුවත්පත් වාර්තා වලට අනුව, රුසියානු විමර්ශන බලධාරීන් ප්‍රහාරවලට සම්බන්ධ ට්‍රක් රථ හඳුනාගෙන ඇති අතර මේ වන විට ඒවායේ රියදුරන්ගෙන් ප්‍රශ්න කරමින් සිටී. රුසියානු OSINT විමර්ශකයින් දකුණු යූරල් හි පිහිටි රුසියාවේ චෙල්යාබින්ස්ක් කලාපයේ ඇති ගබඩාවකදි ඩ්‍රෝන යානා සොයා ගත් බවද පැවසේ.

අසාර්ථක ප්‍රහාරය

ඩ්‍රෝන යානා පටවා ගත් එක් ට්‍රක් රථයක් එහි ගමනාන්තයට ළඟා වීමට අපොහොසත් වූ බව රුසියානු ටෙලිග්‍රෑම් නාලිකා වාර්තා කළේය. අමූර් කලාපයේ මාර්ගයේ ගමන් කරමින් සිටියදී වාහනය ගිනිගෙන අවසානයේ පුපුරා ගිය බව පිපිරීමේ මොහොත පෙන්වීම දැක්වෙන වීඩියෝවක් ප්‍රකාශයට පත් කරමින් එම නාලිකා වාර්තා කළේය.

ප්‍රහාරයට දිනකට පෙර මෙම සිදුවීම සිදුවී ඇති බව සමහර පුවත් වාර්තා පවසයි. කන්ටේනරයක් ගිනි ගැනීමෙන් පිපිරීමක් ඇති වූ බවද එම වාර්තා වැඩිදුරටත් පැවසුවේය.එම වාර්තා වලට අනුඅ සිද්ධියේදී ට්‍රක් රථයේ රියදුරු මිය ගොස් තිබේ. 

https://t.me/shot_shot/81820

කාලය

ඉස්තාන්බුල්හි රුසියානු සහ යුක්රේන නියෝජිතයින් අතර නියමිත සාකච්ඡාවලට දිනකට පෙර මෙම ප්‍රහාරය එල්ල විය. 2022 වසන්තයේ දී කියෙව් ඒකපාර්ශ්විකව සාකච්ඡාවලින් ඉවත් වීමෙන් පසු වසර තුනක් තිස්සේ ඇණහිට තිබූ මෑතකදී නැවත ආරම්භ කරන ලද සෘජු සාකච්ඡාවල දෙවන වටය දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබුණි.

පසුගිය මාසයේ පළමු වටයේ සාකච්ඡාවලදී දෙපාර්ශ්වයෙන් යුද සිරකරුවන් 1,000 ක් සම්බන්ධ කර ගනිමින් ප්‍රධාන සිරකරුවන් හුවමාරුවක් පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ විය. මැයි මාසයේ ඇති කරගත් ගිවිසුමක කොටසක් ලෙස අද(01) ඔවුන් සාම යෝජනා හුවමාරු කර ගැනීමට අපේක්ෂා කර තිබුණි.

ගැටුම අවසන් කිරීම සඳහා ගන්නා අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් නොතකා, යුක්රේනය මෑත සතිවලදී රුසියාවට ඩ්‍රෝන් ප්‍රහාර සැලකිය යුතු ලෙස වැඩි කර තිබේ. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මීට පෙර මෙම ප්‍රහාර විස්තර කළේ සාම ක්‍රියාවලිය අඩපණ කිරීමේ උත්සාහයක් ලෙසයි.

බලධාරීන් විස්තර කළ පරිදි, රුසියාවේ පාලම් දෙකක් විනාශ වී දිනකටත් අඩු කාලයකට පසුව මෙම ප්‍රහාර එල්ල විය. බ්‍රයන්ස්ක් කලාපයේ, පාලමක් දුම්රිය මාර්ගයකට කඩා වැටීමෙන් හත් දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 69 දෙනෙකු තුවාල ලැබූ බව ආණ්ඩුකාරවරයා පැවසීය. පැය කිහිපයකට පසු, ඊයේ, කර්ස්ක් කලාපයේ දුම්රිය පාලමක් ගමන් ගන්නා භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මතට වැටී රියදුරු සහ සහායකයින් දෙදෙනෙකු තුවාල ලැබීය.

රුසියානු විමර්ශන කමිටුව පාලම් දෙකම පුපුරුවා හැර ඇති බව පැවසූ නමුත් ප්‍රහාර පිටුපස සිටින කිසිදු සැකකරුවෙකු නම් නොකළේය. රුසියානු සෙනෙට් සභික ඇන්ඩ්‍රි ක්ලිෂාස් මෙම සිදුවීම් දෙකටම කියෙව් පරිපාලනයට දොස් පැවරීය.

Ukrainian strike on Russian airfields: What we know so far

සම්බන්ධිත පුවත් | Related News

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.
දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සැකකරු අද (4) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇත.
පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරි නුවන් ධර්මරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වි තිබේ.
හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී රත්රන් කිලෝ පනස් පහක පමණ ප්‍රමාණයක් විමර්ශන අංශවලින් සොයා ගෙන ඇතැයි දැන ගන්නට තිබේ.
අලුතෙන් පිහිටුවන ලද ප්‍රාදේශීය සභාවක පලමුදා පැවති උත්සවය අවසානයේදී ජාතික ගීය වෙනුවට ‘රට අනුරට’ ගීතය වාදනය කර ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චිත‍්‍රාල් ප‍්‍රනාන්දු මහතා පවසයි.
සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරා බදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම මඟින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
නොමිලේ ලැබෙන සුළං බලය, සූර්ය බලය සහ ජල විදුලි බලය නතර කර, ඒ වෙනුවට ඩීසල් සහ ගල් අඟුරු යොදාගනිමින් විදුලි බල මණ්ඩලයට චේතාන්විතවම පාඩුවක් සිදුකර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදල් යන සංකල්පය බදු දැලෙන් නිදහස්ව මුදල් භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම සඳහා භාවිතා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා නගයි.

රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

පසුගිය රණවිරු සැමරුම සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය පිළිබඳව ජනතාවගේ සැකසංකා වර්ධනය වීමක් පෙන්නුම් කරන පසුබිමක ආණ්ඩුව විසින් අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ ක්‍රියාදාමය කරළියට පැමිණ ඇති බවත්, අධිකරණ පද්ධතියේ ඇති කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ගෙනෙන දෙයක් ලෙස මතුපිටින් පෙන්නුවද මෙම අභිචෝදක කාර්යාලය ගෙන ඒමේ ඇත්ත අරමුණ එය නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.

22 වන ෂැංග්‍රි-ලා සංවාදයේදී චීනය සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා කළ "චීන තර්ජනය" ආඛ්‍යානය අතිශයෝක්තියට නැංවූ නිෂේධාත්මක අදහස් දැක්වීම්වලට ප්‍රතිචාර වශයෙන්, චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන ෂැං ෂියාඕගැං ඉරිදා ප්‍රකාශ කළේ ෂැංග්‍රි-ලා සංවාදයේදී ආරවුල් ඇති කිරීමට, ගැටුම් ඇති කිරීමට සහ ආත්මාර්ථකාමී අවශ්‍යතා ලුහුබැඳීමට එක්සත් ජනපදය පුරුදු වී සිටින බවයි. එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශ ගැඹුරින් මුල් බැසගත් ආධිපත්‍යවාදී තර්කනය, හිරිහැර කිරීමේ හැසිරීම සහ සීතල යුද්ධ මානසිකත්වයෙන් පිරී තිබුණි.

රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු

සයිබීරියාව සහ ඈත පෙරදිග ඇතුළු රුසියානු කලාප පහක හමුදා ගුවන් තොටුපළවල්, කියෙව් විසින් සංවිධානය කරන ලද "සම්බන්ධීකරණ ඩ්‍රෝන් ප්‍රහාර" වලට ඉලක්ක වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(01) පැවසීය

බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..

රුසියාවේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට තමන් පසුගිය ඔක්තොම්බර් මාසයේදී ආරාධනා කළ බව කොළඹ සිටින ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් ජගර්යන් මහතා සඳහන් කරයි.

යුද ජයග්‍රහණය රටට ලබාදුන් රණවිරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කොන්දක් නැත්නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් - විමල් කියයි (වීඩියෝ)

යුද ජයග්‍රහණය රටට ලබාදීම උදෙසා ක්‍රියා කළ රණවිරුවන්ට අද බලවත් අන්තර්ජාතික තර්ජනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙරට පාලකයන්ට ආරක්ෂක හමුදා ආරක්ෂා කිරීමට කොන්ද පණ නැතිනම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

චෙක් නොකර වරායෙන් එළියට ගිය කන්ටේනර් 323 ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව තවම නැතිලු..

බහාලුම් 323ක් කොළඹ වරායෙන් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවට මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එහි විමර්ශනය තවමත් අවසන් කර නොමැත.

කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)

පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක ලක්වූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් නම් ඖෂධය භාවිතා කිරීම හේතුවෙන් රෝගීන් මියගිය බවටද කරුණු වාර්තා වූ අතර, මෙම ඖෂධය ගෙන්වා රෝහල්වලට ලබාදීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීතිය හමුවට ඉදිරිපත් කිරීම ද සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.