
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.
එම විමර්ශනවලට අදාළ විත්තිකරුවන් සියයකට ආසන්න පිරිසක් සිටින බවත් ඒ අතර හිටපු කැබිනට් ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දේශපාලකයන්ගේ ඥාතීන් සහ ටෙන්ඩර් ඇතුළු විවිධ ගනුදෙනුවලට සම්බන්ධ වූ තවත් පිරිස් සිටින බව මූල්‍ය විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘සතිඅග අරුණ’ට පැවැසීය. හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය ද ඇතුළුව ඇතැම් දේශපාලකයන් සමග ව්‍යාපාර කටයුතුවල නිරත වූ පිරිසක් සම්බන්ධයෙන් ද විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් පතා විමර්ශන ගොනු භාර දී ඇතැයි එම නිලධාරියා පැවැසීය.
අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකට අදාළව ඉකුත් දා බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු යන දෙදෙනාට තවත් නඩුවක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි ද එම නඩුවේ විත්තිකරුවෙක් බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ඇමැතිවරුන් වන ඩිලාන් පෙරේරා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් විසින් කර ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවන්ට අදාළ විමර්ශන අවසන් කර මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.
මෙලෙස නීතිපතිවරයා වෙත යොමු කරන ලද ඇතැම් ගොනුවලට අදාළ විමර්ශන අවසන් කර තිබුණ ද ඊට අදාළ ඉදිරි නීතිමය පියවරයන් ගෙන නොතිබූ බවත් වසර හයක පමණ කාලයක් තිස්සේ අතරමග නැවතී තිබූ විමර්ශනවලට අදාළ ගොනු නඩු පැවරීම ඇතුළු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බවත් ඉහත කරුණු දැක් වූ නිලධාරියා කීවේය.
- Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරට සංචාරයකට සූදානමින්..
යුද ජයග්‍රහණය රටට ලබාදුන් රණවිරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කොන්දක් නැත්නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් - විමල් කියයි (වීඩියෝ)
චෙක් නොකර වරායෙන් එළියට ගිය කන්ටේනර් 323 ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව තවම නැතිලු..
කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
