ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම කවුන්සිලය ඊයේ (21) තීරණය කර තිබේ.
මෙලෙස සාමාජිකත්වය අහෝසි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර හිමිවෙයි.
කෙසේවෙතත් 2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට නොපවත්වා දකුණු අප්‍රිකාවේ පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ලවූ චෝදනා සහ ඊට අදාළ විගණකාධිපති වාර්තාවක් පදනම් කරගනිමින් ඉකුත් නොවැම්බර් 6 වනදා එහි පාලනය අත්හිටුවා අන්තර් පාලන මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගත් අතර, කෙසේ වෙතත් ඊට පසුදිනම එම අතුරු පාලක කමිටුව සහ අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ගොනුකළ පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි.
මෙවන් වාතාවරණයක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ එහි නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම අත්හිටුවීමට එම කවුන්සිලය නොවැම්බර් 10 වනදා පියවර ගත්තේය.
මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඊයේ ඉන්දියාවේ අහමදාබාද්හි පැවති ICC මහා සභා රැස්වීමට සහභාගි වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවකින් පසු ICC අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එම කවුන්සිලය නිවේදනය කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් 2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමටද අහමදාබාද් හිදී පැවති අයි.සී.සී මහා සභා රැස්වීමේදී තීරණය කර තිබුණි.
කෙසේවෙතත් ජාත්‍යන්තර සාමාජිකත්වය අහෝසි වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර හිමිවෙයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යාම සඳහා පාලනයකට යටත්ව අරමුදල් ලබාදීමට ද එහිදී තීරණය වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..