
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම කවුන්සිලය ඊයේ (21) තීරණය කර තිබේ.
මෙලෙස සාමාජිකත්වය අහෝසි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර හිමිවෙයි.
කෙසේවෙතත් 2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට නොපවත්වා දකුණු අප්‍රිකාවේ පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ලවූ චෝදනා සහ ඊට අදාළ විගණකාධිපති වාර්තාවක් පදනම් කරගනිමින් ඉකුත් නොවැම්බර් 6 වනදා එහි පාලනය අත්හිටුවා අන්තර් පාලන මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගත් අතර, කෙසේ වෙතත් ඊට පසුදිනම එම අතුරු පාලක කමිටුව සහ අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ගොනුකළ පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි.
මෙවන් වාතාවරණයක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ එහි නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම අත්හිටුවීමට එම කවුන්සිලය නොවැම්බර් 10 වනදා පියවර ගත්තේය.
මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඊයේ ඉන්දියාවේ අහමදාබාද්හි පැවති ICC මහා සභා රැස්වීමට සහභාගි වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවකින් පසු ICC අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එම කවුන්සිලය නිවේදනය කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් 2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමටද අහමදාබාද් හිදී පැවති අයි.සී.සී මහා සභා රැස්වීමේදී තීරණය කර තිබුණි.
කෙසේවෙතත් ජාත්‍යන්තර සාමාජිකත්වය අහෝසි වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර හිමිවෙයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යාම සඳහා පාලනයකට යටත්ව අරමුදල් ලබාදීමට ද එහිදී තීරණය වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
