
මම එකෙකුටවත් බය නැහැ - සජිත් පාර්ලිමේන්තුවේ දී සැර වෙයි
පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් නොසන්සන්සුන් තාවයක් හේතුවෙන් සභාව විනාඩි කිහිපයකට කල් තැබීමට කතානායන මහින්ද යාපා අබේවර්ධන මහතා අද කටයුතු කළේය.
ඒ ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ඇතිවූ උණුසුම් තත්වයක් මතයි.
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අය ආර්ථිකයට කළ විනාශයට පාඩුව ඔවුන්ගෙන් අයකරගත යුතු බවද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ අතර ආර්ථිකය බංකොලොත් කළ ඔවුන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ජීවත් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.
ඒ සමගම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමට පටන් ගැනීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් විපක්ෂ නායකවරයා දෙසට ගමන් කිරීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.
පසුව ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමා එකෙකුටවත් බය නැති බවත්, තනියම වුණත් මුහුණ දීමට තමා සූදානම් බවත් ය.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
"ගරු කථානායක තුමා එකක් මම කියන්න කැමතියි. මගේ ප්‍රශ්නය අතරතුර ඔබතුමා ඉඩදුන්නා එක එක්කෙනාට පොයින්ට් ඔෆ් ඕඩර්ස් ඉදිරිපත් කරලා මගේ ප්‍රශ්නයට බාධා කරන්න. මම එකක් කියන්න කැමතියි. කරුණාකරලා මයික් එක ඕෆ් කරන්නත් එපා ස්ක්‍රීන් එක ඕෆ් කරන්නත් එපා. මම ඔබතුමාට කියන්න කැමතියි. මේ හැමකෙනාටම කියන්න කැමතියි මේ එකෙකුටවත් මම බය නෑ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූන දෙන්නම්. එකෙකුටවත් බය නෑ. පුළුවන් නම් එනවා. මුන් නරි ටිකක් ඉන්නේ. මුන් හිවල්ලු ටිකක් ඉන්නේ. "
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
