
ක්‍රිකට් පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තු වරප්‍රසාදත් උල්ලංඝනය කරලා...අදිසි හස්තයක් ඇත්දැයි සැකයි - සජිත් කියයි
ක්‍රිකට් පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තු වරප්‍රසාදත් උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් දා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් ගෙන එන ආකාරයට කටයුතු කළ බවට මීට පෙර වගකීමෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා නොවැම්බර් 6, 7 සහ 9 යන තෙදින මෙරට ක්‍රිකට් පරිපාලනය අයි. සී.සී. සභාපතිවරයාට යොමු කර ඇති ලිපි සභාගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම මේ ලිපිවල බරපතළ කරුණු රැසක් ඇති බවත් එක ලිපියක මේ අන්තර්වාර කමිටුව පත් කිරීම වැරදි ක්‍රියාවක් ලෙස සඳහන් වුවත් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 විධිවිධන අනුව ක්‍රීඩා ඇමැතිවරයාට එම බලතල ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතිය මෙය වුවත් එවැනි නීතියක් නැති ආකාරයට ක්‍රිකට් පරිපාලනයට ලිපි යැවීමට හැකිදැයි ගැටලුවක් බවයි.
මෙරට ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තරයට බොරු කියා ශ්‍රී ලංකා ක්‍රිකට් හි දූෂණ වංචා සහ ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධ විගණන වාර්තාව, චිත්‍රසිරි වාර්තාව සහ කුසලා සරෝජනී වාර්තාවට පවා වාරණ නියෝග දමා ඇති බවත් බොරු කියමින් සැමටම උඩින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අදිසි හස්තයක් ඇති බවට සැකයක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
