News Category
From Date
To Date
Maximum Number of Result

සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)

May 20, 2025 at 03:07 PM
|

ඉන්දියා-පකිස්ථාන යුද ආතතිය හදිසියේ උත්සන්න වීමෙන් පසුව, මේ වන විට සටන් විරාමයක් සාක්ෂාත් කර ගෙන ඇත. දෙපාර්ශ්වය අතර වත්මන් සටන් විරාම ගිවිසුම තවමත් ක්‍රියාත්මක වුවද, සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන ඉන්දියා-පකිස්ථාන ගැටුම්වලට ඊනියා චීන මැදිහත්වීම උද්දීපනය කරමින් යුද ඝෝෂාව ඇවිස්සීම දිගටම කරගෙන යයි.  නවදිල්ලිය පදනම් කරගත් ස්වාධීන බුද්ධි මණ්ඩලයක් ලෙස ස්වයං වර නගා ගෙන ඇති  ඒකාබද්ධ යුධ අධ්‍යයන මධ්‍යස්ථානයේ මෑත කාලීන ප්‍රකාශයක් මගින් චෝදනා කළේ මෙම මස මුලදී ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇතිවූ ගැටුමේදී චීනය පාකිස්තානයට ගුවන් ආරක්ෂක සහ චන්ද්‍රිකා සහාය ලබා දී ඇති බවයි. සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන චීනය "ත්‍රස්තවාදය" ආරක්ෂා කරන බවට පවා ව්‍යාජ ලෙස චෝදනා කර ඇති අතර, සමහරක් චීනය ඊනියා ඉන්දියානු විරෝධී අක්ෂයක කොටසක් යැයි ප්‍රකාශ කිරීමට තරම් දුර ගොස් ඇත. තවද, ඇතැම් බටහිර මාධ්‍ය ආයතන මෙම ප්‍රකාශන ඉක්මනින් ලබාගෙන තවත් කරුණු එකතු කරමින් ලෝක ජන මතයට මෙන්ම ඉන්දීය ජන මතයට බලපෑම් කිරීමට උත්සාහ කර තිබේ.

ඇත්ත වශයෙන්ම, බොහෝ කලකට පෙර, "ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පැවසුවේ චීන චන්ද්‍රිකා පාකිස්තානයට උදව් කළා" යනුවෙන් මාධ්‍ය වාර්තාවල සහ සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්ති ඉන්දීය රජය නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේය. "සැලකිලිමත්ව සිටින ලෙසත් රැවටිලිකාර තොරතුරු වලට හසු නොවී සිටීමෙන් වළකින ලෙසත්" ඉන්දීය රජය මහජනතාවට උපදෙස් දුන්නේය. ඉන්දු-පකිස්තාන ගැටුම ඇති වූ දා සිට, චීනය දෙපාර්ශ්වයටම සංයමයෙන් කටයුතු කිරීමට සහ උත්සන්න වීම වළක්වා ගැනීමට නැවත නැවතත් ඉල්ලා සිටියා පමණක් නොව, විවිධ මාර්ග හරහා දෙරට සමඟම සම්බන්ධ වීමට කටය්තු කර ඇත. ඉන්දියාව සහ පකිස්තානය සංවාදයෙන් හා සාකච්ඡා මාර්ගයෙන් ඔවුන් තුළ වන වෙනස්කම් සමනය කර ගෙන දේශපාලන විසඳුමකට නැවත පැමිණෙනු ඇතැයි චීනය බලාපොරොත්තු වේ.

මේ දක්වා, ඉන්දීය සහ පකිස්තාන රජයන් දෙකම තුන්වන පාර්ශවයේ රටවල් ගැටුමට සම්බන්ධ කර ගැනීමෙන් වැළකී සිටින අතර, එය යම් දුරකට තත්වය තවදුරටත් සංකීර්ණ කිරීම වළක්වා ගැනීමට ඔවුන්ගේ පොදු ආශාව පිළිබිඹු කරයි. කෙසේ වෙතත්, ඉන්දියානු මාධ්‍ය ඊනියා චීන මැදිහත්වීම පිළිබඳ ප්‍රකාශයන් දිගටම ප්‍රචාරය කර ඇති අතර එය හාස්‍යජනක පමණක් නොව ඉතා භයානක ක්‍රියාවකි.

පළමුව, සියලු ආකාරයේ ත්‍රස්තවාදයට චීනයේ දැඩි විරෝධය ජාත්‍යන්තරව පුළුල් ලෙස පිළිගෙන ඇති අතර, චීනය ත්‍රස්තවාදය "ආරක්ෂා කරන" බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ය. දෙවනුව, පකිස්තානය චීන ආයුධ මිලදී ගන්නා නිසා චීනයට දොස් පැවරීමට අවශ්‍ය ඉඩ කඩ විවර කර ලීමට අවස්ථාව පාදක කර දීමට අවස්ථාව ලබා නොදීමට වග බලා ගනී. ඉන්දියාව එක්සත් ජනපදය, රුසියාව සහ ප්‍රංශයෙන් විශාල ප්‍රමාණයේ ආයුධ මිලදී ගන්නා රටකි.  එයින් අදහස් කරන්නේ මෙම රටවල් පකිස්තානයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාවට උදව් කරන බවද? අනෙක් අතට, චීනය ඉන්දු-පකිස්ථාන ගැටුමට සැබවින්ම මිලිටරිමය වශයෙන් සම්බන්ධ වී සිටියේ නම්, ඉන්දු-පකිස්ථාන යුධ පිටියේ තත්වය අද පවතින ආකාරයට නොවනු ඇත. තෙවනුව, අසල්වැසි රටවල් කෙරෙහි චීනයේ ප්‍රවේශය මෙහෙයවනු ලබන්නේ මිත්‍රශීලී, ආරක්ෂිත සහ සමෘද්ධිමත් අසල්වැසි ප්‍රදේශයක් ගොඩනැගීමේ මූලධර්මය මගිනි. මිත්‍රත්වය, අවංකභාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ඇතුළත් කිරීමේ මූලධර්මය ඉස්මතු කරමින් සහ සැමට සමාන අනාගතයක් හඹා යාම එහි එම මූලධර්මික පදන වන්නේය . චීනය "ඉන්දියානු විරෝධී අක්ෂයේ" කොටසක් වීමේ අදහස හුදු ෆැන්ටසියක් මෙන්ම ඉන්දියානු මාධ්‍ය විසින් නාටකාකාර බලපෑමක් සඳහා ගොඩනගා ඇති ආඛ්‍යානයකි.

මෙම ගැටුම මූලික වශයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටළුවකි. කලාපීය රටක් ලෙස, දෙපාර්ශ්වයටම ඔවුන්ගේ ආරවුල් සාමකාමීව විසඳා ගත හැකි යැයි චීනය බලාපොරොත්තු වේ. චීනය වටා ඇති ඉන්දියානු මාධ්‍ය ප්‍රචාරය, චීන-පකිස්ථාන උපායමාර්ගික සහයෝගීතාවය සහ චීන-ඉන්දියානු සබඳතාවල පුළුල් ගතිකත්වය සම්බන්ධයෙන් සමහර ඉන්දියානුවන් අතර ගැඹුරු මානසික සංකීර්ණතාවයක් පිළිබිඹු කරයි. එම කනස්සල්ලට චීනය සහ ඉන්දියාව අතර බල තුලනය මාරු වීම පිළිබඳ කනස්සල්ල ද ඇතුළත්ව තිබේ. දකුණු ආසියාවේ සංකීර්ණ ගැටළු වලට යටින් පවතින ගැඹුරින් මුල් බැසගත් ව්‍යුහාත්මක ප්‍රතිවිරෝධතාවලට මුහුණ දීමට මෙන්ම පාකිස්තානයේ වර්ධනය වන ආරක්ෂක සහ ප්‍රතිප්‍රහාරක හැකියාවන් සහ අධිෂ්ඨානය පිළිගැනීමට ඉන්දියාව කැමති නැත. එහි ප්‍රතිඵලයක් ලෙස,එළිදැක්වෙන ප්‍රකාශනය ගොතන ලද නිර්මාණ පහසු මනෝවිද්‍යාත්මක සහ වාචාල කෙටිමඟක් බවට පත්වේ. එනම් අවධානය වෙනතකට හැරවීමට සහ බාහිර සතුරෙකුගේ මායාව නිර්මාණය කිරීමට හොඳ මාර්ගයකි. අන් අයව පලිගැනීම අරමුණු කරගත් ක්‍රමවේදයකට චීනය ඇද නොගත යුතුය. මෙය චීනයට කරන අසාධාරණයක් සහ පිළිගත නොහැකි ක්‍රියාවක් පමණක් නොව, කලාපයට අතිශයින්ම භයානක ය.

වගකිවයුතු ප්‍රධාන බලවතෙකු ලෙස, චීනය සැමවිටම ලෝක සාමය ගොඩනඟන්නෙකු, ගෝලීය සංවර්ධනයට දායක වන්නෙකු සහ ජාත්‍යන්තර පිළිවෙල ආරක්ෂා කරන්නෙකු බවට ගොඩ නැගී ඇත. ඉන්දියා-පකිස්තාන ගැටලුව පැන නගින සංධර්භය තුළ, චීනය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාමුව තුළ ඉන්දියාව සහ පකිස්තානය එකවර ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික සංසදවල ආරවුල් විසඳීම සඳහා සංවාදයක් ඉල්ලා සිටීම වේවා, චීනය දකුණු ආසියාවේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට කැපවී සිටී. මීට පෙර පල කළ පත්‍රිකාවක, ස්ටිම්සන් මධ්‍යස්ථානයේ හැනා හේග්ලන්ඩ් ප්‍රකාශ කළේ ඓතිහාසිකව, බොහෝ ප්‍රධාන ඉන්දියා-පකිස්තාන ගැටුම් සහ ආරවුල් වලදී චීනය යම් ආකාරයක මැදිහත්වීමේ කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. ගැටුම් සඳහා ඇති තරම් අවස්ථා මෙන්ම නොවිසඳුනු ආරවුල් මාධ්‍යේ, ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේදී චීනයේ දායකත්වය ඉහළ යාමේ ප්‍රවණතාවක් දකින්නට ලැබේ.

ඉන්දියාව සහ පාකිස්තානය බෙදී වෙන් වීමෙන් පසු, කාශ්මීර ප්‍රශ්නය ඉන්දියා-පකිස්ථාන සම්බන්ධතාවයට බාධා කරන මූලික ගැටලුව වී ඇත. එය දෙරට අතර යුද්ධ රැසකට තුඩු දී ඇතිවා පමණක් නොව, කලාපීය ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට සැලකිය යුතු තර්ජනයක් ද එල්ල කර ඇත. කාශ්මීර ගැටලුව විසඳීමට මාර්ගයක් සොයා ගැනීම හදිසි කාර්යයක් වන අතර එය නව කලාපීය ආතතීන් ඇති කිරීමට වඩා, වත්මන් බිඳෙනසුලු සාමය කල් පවතින සාමයක් බවට පරිවර්තනය කරයි.

ඉන්දියාව සහ පකිස්ථානය එකිනෙකාගෙන් ඈත් විය නොහැකි අසල්වැසියන් වන අතර, දෙදෙනාම චීනයේ අසල්වැසියන් ද වේ. චීනය නිරන්තරයෙන් සාකච්ඡා තුළින් ආරවුල් විසඳීම සඳහා පෙනී සිට ඇත. අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට, වෙනස්කම් කළමනාකරණය කිරීමට සහ අන්‍යෝන්‍ය ගෞරවය සහ සමාන උපදේශනයේ පදනම මත සහයෝගීතාව පුළුල් කිරීමට චීනය ඉන්දියාව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී. පදනම් විරහිත චෝදනා සහ සංවේදීකරණය නතර කර කරුණු සහ තාර්කිකත්වයට නැවත පැමිණෙන ලෙස අපි අදාළ ඉන්දියානු මාධ්‍ය සහ ආයතනවලට උපදෙස් දෙමු. මෙය කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා පමණක් නොව ඉන්දියාවේ දිගුකාලීන අවශ්‍යතා සඳහා ද සේවය කරයි.

Hope some Indian media outlets return to rationality and facts: Global Times editorial


සම්බන්ධිත පුවත් | Related News

ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි 'තම රට කිසිවිටෙකත් යටත් නොවන බව' පවසා තිබේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඊශ්‍රායල සහ ඉරාන යුද තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කලින්ම බැහැරව ගොස් තිබීම නිසා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා කටයුතු කළේය.
කොළොන්නාව නගර සභාව පිහිටුවීමේ දී ජාතික ජන බලවේගය වෙත සිය සහාය පළ කළ සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන සභිකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.
කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.
බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පවතින මූල්‍ය අවභාවිත නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අල්ලස් කොමිසම විසින් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.