රණවිරු සැමරුම් උළෙලට ජනපති අනුර ඇත්තටම එන්නද හිටියේ?.. ආරාධනාපත්‍රයෙන් ජනපතිගේ නම හැලුනේ කොහොමද?...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික රණවිරු සැමරුම් උළෙලට අවසාන මොහොතේ සහභාගිවීම පිළිබඳව සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ සහභාගීත්වයක් පිළිබඳව සඳහන් නොකිරීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා මුලින් ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම පවත්වන බවට ප්‍රකාශ කර තිබිණි.
එම ප්‍රකාශය බොරුවක් යැයි ආණ්ඩුවට පැවසීමට නොහැක්කේ සෙනරත් කොහොන මහතා විසින්ම එම ප්‍රකාශය සිදුකර තිබීම නිසාය.
කෙසේවුවද මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රූපවාහිනී සාකච්ඡාවක දී පවසන්නේ එය සන්නිවේදනයේ සිදුවූ අඩුපාඩුවක් බවය.
එහිදී විජිත හේරත් මහතා පවසන්නේ මෙම සන්නිවේදන අඩුපාඩුව නිවැරදි කිරීම කළින් කිරීමට නොහැකි වූයේ එම ප්‍රකාශය තමන් දැනගත්තේ ද පසුව නිසා බවයි.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළද රණවිරු සැමරුම සිදුවන්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බවට නිකුත් කළ ආරාධනා පත්‍රයද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
එම ආරාධනා පත්‍රයේ කොතනකවත් ජනාධිපතිවරයා ඊට සහභාගීවන බවක් දක්වා නොමැත.
බොරුවක් තවත් බොරුවකින් වසාගැනීමට යාමේ දී අනපේක්ෂිත සිදුවීම් රැසක් සිදුවන බවට සනාථ කෙරෙන තවත් එක සිදුවීමක් මෙසේ දිගහැරෙද්දී රටේ ජනතාව ආණ්ඩුවේ වගකීම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් කරති.
වීඩියෝව පහළින්..

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..