
රණවිරු සැමරුම් උළෙලට ජනපති අනුර ඇත්තටම එන්නද හිටියේ?.. ආරාධනාපත්‍රයෙන් ජනපතිගේ නම හැලුනේ කොහොමද?...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික රණවිරු සැමරුම් උළෙලට අවසාන මොහොතේ සහභාගිවීම පිළිබඳව සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ සහභාගීත්වයක් පිළිබඳව සඳහන් නොකිරීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා මුලින් ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම පවත්වන බවට ප්‍රකාශ කර තිබිණි.
එම ප්‍රකාශය බොරුවක් යැයි ආණ්ඩුවට පැවසීමට නොහැක්කේ සෙනරත් කොහොන මහතා විසින්ම එම ප්‍රකාශය සිදුකර තිබීම නිසාය.
කෙසේවුවද මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රූපවාහිනී සාකච්ඡාවක දී පවසන්නේ එය සන්නිවේදනයේ සිදුවූ අඩුපාඩුවක් බවය.
එහිදී විජිත හේරත් මහතා පවසන්නේ මෙම සන්නිවේදන අඩුපාඩුව නිවැරදි කිරීම කළින් කිරීමට නොහැකි වූයේ එම ප්‍රකාශය තමන් දැනගත්තේ ද පසුව නිසා බවයි.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළද රණවිරු සැමරුම සිදුවන්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බවට නිකුත් කළ ආරාධනා පත්‍රයද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
එම ආරාධනා පත්‍රයේ කොතනකවත් ජනාධිපතිවරයා ඊට සහභාගීවන බවක් දක්වා නොමැත.
බොරුවක් තවත් බොරුවකින් වසාගැනීමට යාමේ දී අනපේක්ෂිත සිදුවීම් රැසක් සිදුවන බවට සනාථ කෙරෙන තවත් එක සිදුවීමක් මෙසේ දිගහැරෙද්දී රටේ ජනතාව ආණ්ඩුවේ වගකීම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් කරති.
වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
