
බ්‍රිතාන්‍යයට එන පාර වැසේ..
පසුගියදා පැවති බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයේදී පාලක කම්කරු රජය අන්ත පරාජයකට පත්වීමත් සමගම කලබලයට පත්වූ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් විදේශිකයන්ට බ්‍රිතාන්‍යයට නීත්‍යානුකූල ලෙස ආගමනය වීමට ඇති ඉඩකඩ සීමා කළේය.
එයට ප්‍රධානම හේතුව වූයේ බ්‍රිතාන්‍යයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට කැපවී ඇති අලුත්ම දේශපාලන පක්ෂය වන නයිජල් ෆරාජ්ගේ නායකත්වයෙන් යුත් “රිෆෝර්ම්” දේශපාලන පක්ෂය, බ්‍රිතාන්‍යයේ මුල් බැස ගෙන තිබෙන කම්කරු පක්ෂය, කොන්සර්වේටිව් පක්ෂය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු සියලුම ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ පරදවා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමය.
රිතාන්‍යය හඳුන්වාදීමට යන නවතම ආගමන නීතිරීතිවලට අනුව යම් විදේශිකයකුට බ්‍රිතාන්‍යයේ ස්ථීර පදිංචිය ලබා වසර පහකට පසු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගැනීමට තිබූ හැකියාව නතර කොට එය වසර දහයක් දක්වා දීර්ඝ කොට තිබේ. එසේම පුරවැසිභාවය සඳහා අයැදුම් කරන්නා මෙන්ම ඔහුගෙන් හෝ ඇයගෙන් යැපෙන්නන්ගේද ඉංග්‍රීසි දැනුම උසස් මට්ටමක තිබිය යුතුවේ.
ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණෙන අයගේ ද ඉංග්‍රීසි දැනුම හා අධ්‍යාපන සුදුසුකම් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුය.
නිවාඩුවක් සඳහා පැමිණෙන අයෙකු වුවද තමන් ජීවත්වන රටේ නීතිය කඩ කොට වැරදිකරුවෙකු වී තිබුණහොත් වීසා අවලංගු කොට නැවත හරවා යැවීමට ආගමන හා විගමන නිලධාරීන්ට බලය ලබා දී තිබේ.
සාත්තු සේවක සේවිකාවන් ලෙස සේවය කිරීම සඳහා මින් මතුවට විදේශිකයන්ට වීසා බලපත් ලබාදීම අත් හිටුවා තිබේ. එය ශ්‍රී ලාංකිකයන්ට මරු පහරක් වනුයේ සාත්තු සේවක සේවිකාවන් වශයෙන් සේවය කිරීමට පසුගිය වසර කීපය තුළ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් බ්‍රිතාන්‍යයට පැමිණි නිසාය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
