පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රහාරයක්.. ජම්මු ප්‍රාන්තයේ චන්නි ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක්..
ඉන්දියාව සහ පකිස්ථානය අතර උත්සන්න වන යුද උණුසුම මධ්‍යයේ පාකිස්තානය ඉන්දියාවේ ජම්මු වෙත ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ ජම්මු ප්‍රාන්තයේ චන්නි ප්‍රදේශයෙන් පිපිරීම් ශබ්ද ඇසුනු බව සහ ගිනි ගැනීම් වාර්තා වන බවයි.
ඉන් අනතුරුව නගරයේ විදුලිය විසන්ධි වීමක් ද වාර්තා වී තිබේ.
එපමණක් නොව, ජම්මු සහ කාශ්මීරයේ අක්නූර් ප්‍රදේශයේ ගුවන් ප්‍රහාර සයිරන් හඬ ඇසෙන බව ද පැවසේ.
ජම්මු කොට්ඨාශයේ කිෂ්ත්වාර් හි සම්පූර්ණයෙන් විදුලිය විසන්ධි කර ඇති අතර දිස්ත්‍රික්කය පුරා සයිරන් හඬ ඇසෙමින් තිබේ.
උදම්පූර්, ජම්මු, අක්නූර් සහ පතන්කෝට් ඉලක්ක කර පකිස්තානය කාලතුවක්කු සහ ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන් කිහිපයක් ඉන්දීය හමුදාව ප්‍රහාර එල්ල කර ව්‍යාර්ථ කර ඇතැයි ද සඳහන්.
තවද, පිපිරීම් වලින් පසු ජම්මු ප්‍රදේශයේ ජංගම දුරකථන සම්බන්ධතාද අඩාල වී ඇත.
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයෙන් ඝෝෂාකාරී පිපිරුම්, බෝම්බ හෙලීම, ෂෙල් ප්‍රහාර හෝ මිසයිල ප්‍රහාර එල්ල වෙමින් ඇති බවට ද ඇතැම් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ