
මෙරටින් හමුවූ විශාලතම සෙල් ලිපියේ පිටපත් කිරීම් අවසන් වෙයි
ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල් ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පුරාවිද්‍යා පරීක්ෂක නිලධාරී තනුර දයානන්ද මහතා සඳහන් කරයි.
දිගින් අඩි 50 ක් පමණ සහ උසින් අඩි නමයකින් පමණ යුතු මෙම ශිලා ලේඛනය ශ්‍රී ලංකාවේ දැනට හමු වී ඇති අති දුර්ලභ විශාලතම ශිලා ලේඛනය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්. ජී. රත්නපාල මහතා දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවූ ලිපියක සඳහන් වේ.
ක්‍රිස්තු පූර්ව තුන සහ පලමු සියවස් අතර කාලයේ ලේඛනගත කරන්නට ඇති බවට සැකකරන මෙම සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් දැකගන්නට ඇති බවත්, මෙම විශාල විශාලතම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය වෙනස් කරන සෙල්ලිපියක් බවට සැකකරන බවද ඒ පිළිබඳ පර්යේෂණය කරන තනුර දයානන්ද මහතා සඳහන් කරයි.
සැප්තැම්බර් 26 වෙනිදා මෙම සෙල්ලිපිය පිටපත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර ඉකුත් නොවැම්බර් 18 වැනිදා එම පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවත්, එහි සඳහන් අක්ෂර කියවීමේ කටයුතු තනිව සිදු නොකරන බවත්, ඒ සඳහා තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඉතා ඉක්මනින් කියවා රටට මෙහි තොරතුරු හෙළිදරව් කරන බවද දයානන්ද මහතා සඳහන් කරයි.
මෙම අති දුර්ලභ විශාලතම සෙල්ලිපිය මාධ්‍ය මගින් හෙළි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එම සෙල්ලිපිය බැලීමට බොහෝ පිරිස් පැමිණෙන බවත්, කෙසේ වෙතත් එය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා නොමැතිය අතර මෙම ස්ථානයට පූර්ණ ආරක්ෂාව යොදා පළමුවෙන්ම එම සෙල්ලිපිය ආරක්ෂා කරගත යුතු බවත්, ඉන් අනතුරුව එම සෙල්ලිපිය නැරඹීමේ සඳහා එම ස්ථානයට ලඟාවීමට ගමන් මාර්ගයක්, සහ පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සිදුකරන බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කරති.
- නිමල් ජයරත්න -
(ලංකාදීප)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
