
ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාව 2023 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනී
2023 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකරගන්නේ 6 වන වරටය.
මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන හිමිකරගෙන ඇත.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කය ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කදී කඩුලු 4ක් පමණක් දැවී පසුකර ගියේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ශතකයක් රැස්කරමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන ආවේය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 240ක් රැස්කර ගත්තේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කේ එල් රාහුල් පන්දු 107කදී එක් හතරේ පහරක් පමණක් එල්ලකරමින් ආරක්‍ෂිත ඉනිමක් දියත් කරමින් ලකුණු 66ක් රැස්කරගත්තේය.
පන්දු 63කදී හතරේ පහර 4ක් සමග විරාත් කෝලි ලකුණු 54ක් රැස්කළේය.
නායක රෝහිත් ශර්මා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 47ක් රැස්කරගත්තේය.
ඉන්දීය පිතිකරුවන්ට පහසුවෙන් ලකුණු අතරට පිවිසීමට ඉඩ නොදුන් ඔස්ට්‍රේලියා පන්දු යැවීමේ බලඇණිය විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවිය.
එහිදී අගනා පන්දුයැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් පන්දුවාර 10ක් යොමුකරමින් කඩුලු 3ක් දවාගත්තේය.
පැට් කමින්ස් පන්දුවාර 10කදී ලකුණු 34ක් යොමුකරමින් කඩුලු 2ක් දවාගත්තේය.
ජොෂ් හෙස්ල්වුඩ් පන්දුවාර 10ක් යොමුකරමින් ලකුණු 60කට කඩුලු 2ක් දවාගත්තේය.
මැක්ස්වෙල් සහ ඇඩම් සම්පා එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
