News Category
From Date
To Date
Maximum Number of Result

ක්‍රිකට් තහනමක් පනවන්නැයි ලිපි තුනක් යවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඉල්ලා ඇත්තේ මෙහෙමයි - ඇමැති රොෂාන් හෙළිකරයි

Nov 20, 2023 at 06:49 AM
|

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පසුගිය නොවැම්බර් 6, 7, හා 9 වැනිදා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවා ඇති බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් පැනවිය යුතුම බව ඒවායෙන් කියා ඇති බව සඳහන් කළේය.

එම ලිපි අතරින් නොවැම්බර් 7 වැනිදා අයි.සී.සී.යට යොමු කළ ලිපිය ඉතා බරපතළ බවද ඔහු කීවේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තමා මේ ලිපිය දකින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙතෙක් සිදුකළ විශාලතම කළු පැල්ලම හා අපහාසය හැටියට බවත් මේ ලිපියේ ඉතා බරපතළ වචන පාවිච්චි කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පනවන්නැයි ඉල්ලමින් යොමු කළ ලිපියේ එක් තැනක ඉතා පැහැදිලිව බල කර ඉල්ලා ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ සියලු‍ ලිපි යවා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව බවත් ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවත් මෙමගින් හෑල්ලු‍වට ලක්වන බවත් ඇමැති රණසිංහ මහතා කීවේය.

රටේ නීති රෙගුලාසි හදන්නේ පාර්ලිමේන්තුව බව කී ඇමැතිවරයා ඒවා අභිබවා යන්න මේ රටේ ක්‍රිකට් ආයතනයට තබා ජාත්‍යන්තර ක්‍රීඩා සංගමයකටවත් නොහැකි බව පැවසීය.

මෙම ප්‍රශ්නය නිසා තමාට අද එල්ල වී තිබෙන තර්ජනය ගැන තමා රහස් පොලිසියට පැමිණිලි කළ බවත් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා හා සුදත් චන්ද්‍රසේකර යන අයට විරුද්ධව රහස් පොලිසියට පැමිණිලි කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

තමා රහස් පොලිසියට ගියේ ඒ සඳහා පමණක් නොවන බව කී ඇමැතිවරයා රජයේ විගණකාධිපතිවරයා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තා ගෙනැවිත් විමර්ශනයක් කරන ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා සිටි බවද පැවසීය.

රටේ ඇති වී තිබෙන ක්‍රිකට් ප්‍රශ්නය කෝප් කමිටුව චිත්‍රපටයක් කරන්න හදන බවත් පැය දෙකක කාලයක් එතන කතා කළ යුතු ක්‍රිකට් ප්‍රශ්න පැත්තක දමා වැඩකට නැති වෙනත් දේවල් කතා කර කර සිටි බවත් ඇමැති රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉන් පාර්ලිමේන්තුවද හෑල්ලු‍වට ලක්වූ බවත් හොරු අල්ලන්න ආ කෝප් කමිටුව දැන් හොරු විසින් අල්ලාගෙන යැයි අන්තිමට ජනතාව ද කියන්න පටන්ගත් බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයාත් ජනාධිපති මාධ්‍ය අංශයත් කියන්නේ දෙකක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියන ඒවා ජනාධිපතිවරයා කියන ඒවා හැටියට හැඳින්විය යුතු නැති බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගෙන් හෝ ආණ්ඩුවෙන් තමාට කිසිඳු බලපෑමක් ඇති වී නැති බවත් ජනාධිපතිවරයා කේ.පී. චිත්‍රසිරි කමිටුව පත් කර එම කමිටුව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු අනුකමිටුවත් පත්කළෙත් මෙතන ප්‍රශ්නයක් තිබෙන නිසා බවත් ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ක්‍රිකට් තහනමෙන් ශ්‍රී ලංකාවේ පවත්වන්නට තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය අත්හිටුවීම නිසා මෙරටට එන්න හිටපු සංචාරකයන් 800කගේ පමණ ගමන නැවතුණු බව හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා ප්‍රකාශ කර ඇති බව කී ඇමැතිවරයා එම කතාව ගැන තමා කනගාටු වන බවද කීය.

මේ රටේ ක්‍රිකට් තහනම් වුණේ ක්‍රිකට් ආයතනයේ බල කිරීම නිසා බවත් ක්‍රිකට් ආයතනයේ විධායක සභාවට ඇමැතිවරයාගේ නියෝජිතයා හැටියට පත් කළ අසන්ත ද මෙල් මහතා කිසිඳු අවස්ථාවක ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට කැඳවීම් කර නැති බවත් ඔහු සඳහන් කළේය.

ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට හෝ විපක්ෂයට එක්වීමට මේ මොහොතේ තමාගේ කිසිඳු අදහසක් නැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එය වත්මන් ආණ්ඩුවට ඡන්දය දුන් හැටනවලක්ෂයක් වන ඡන්දදායකයන්ට පයින් ගැසීමක් වන බවද ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තමන් ඇමැති ධුරයෙන් ඉවත් කළ හැකි බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා හා ජනාධිපති මාධ්‍ය අංශය යනු දෙකක් මිස එකක් නොවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන නිවේදනවලින් හැමවිටම ජනාධිපති මතය ප්‍රකාශ නොවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කුසලා සරෝජනී වීරවර්ධන වාර්තාව සම්බන්ධයෙනුත් විගණකාධිපති වාර්තා සම්බන්ධයෙනුත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇති බවත් නමුත් ඒ මතයටවත් ක්‍රිකට් ආයතනය උත්තර නොදුන් බවත් ඔහු පැවසීය.

පාපන්දු, රග්බි ක්‍රීඩා ජාත්‍යන්තර තරග තහනමක් ගැන රටේ කතා කරන බවත් රග්බිවලට ජාත්‍යන්තර තහනමක් පැනවුණේ නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමැතිව සිටියදී බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනමද රටේ නීතියත් සෑහෙන දුරකට ආරක්ෂා කරමින් ඉවත් කරගන්නට තමාට හැකි වූ බවද ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකතු වී සිටින බවද ඔහු සඳහන් කළේය.

ශම්මි සිල්වා ආසියානු පදක්කම් දිනපු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් කෝටි තුනක් දුන් බවත් එය අගය කරන බවත් අමාත්‍යවරයා කීවේය. නමුත් ඒ ශම්මි සිල්වාගේ සල්ලි නොවන බවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දුක් මහන්සි වී හම්බ කළ සල්ලි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ආයතනයේ සල්ලිවලින් සියයට 20ක් ක්‍රීඩා ඇමැතිවරයා ඉල්ලපු එක මේ සියලු‍ම ප්‍රශ්නවලට මුල්වෙලා යැයි කියන නමුත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපියේ ඉතා පැහැදිලි ලෙස සඳහන් කර ඇත්තේ එසේ කළ හැකි නම් එය කාරුණික ඉල්ලීමක් ලෙස පමණක් සලකා ක්‍රියාකරන ලෙස බවද ඇමැතිවරයා සඳහන් කළේය. එතනදී ඇමැතිවරයා කිසිම බලපෑමක් කර ඇති බවත් දැන් ඔය ශම්මි සිල්වා මලල ක්‍රීඩකයන්ට සල්ලි දුන්නා සේ ඒ මුදල් ඉල්ලු‍වේ ඒ වගේ වැඩවලට යොදවන්නට බවත් ඔහු ප්‍රකාශ කළේය.

– Lankadeepa

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.