
ඩොලරයත් එක්ක විදෙස් ණයත් නගී..
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය දිගින් දිගටම ඉහළ යමින් රුපියල බාල්දු වීම නිසා ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම සහ විදේශ ණය වර්ධනය වීමේ ප්‍රවණතාවක් හටගෙන ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 ජනවාරි 1 වැනිදා වන විට ඩොලරයක ගැනුම් මිල වශයෙන් සටහන් වූයේ රුපියල් 289/- කි. එදින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 297/- කි. එහෙත් ඉන් මාස හතරක් ඇවෑමෙන් මෙම මස 23 වැනිදා වන විට ඩොලරයක ගැනුම් මිල රුපියල් 295/- ක් බවට පත් විය. එදින විකුණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 304/- කි. මාස හතරක් තුළ රුපියල් පහකින් පමණ රුපියල අවප්‍රමාණය වී තිබේ.
මෙහි අහිතකර බලපෑම වැඩිපුර එල්ල වන්නේ අපේ විදේශීය ණය කෙරෙහිය. රුපියල බාල්දු වීමත් සමඟ ඊට සාපේක්ෂව විදේශීය ණය ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පීඩාවට පත් කරයි. එසේම රත්රන් ඇතුළු බොහෝ වටිනා ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ නගියි.
වාර්තා වන ආකාරයට දැනට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 35 ක් පමණය. දැනට සිදුවන අවප්‍රමාණයේ හැටියට ඩොලරය රුපියලකින් අවප්‍රමාණය වන විට විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 35කින් ඉහළ නගින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි බදු ප්‍රතිපත්තිය ලිහිල් නොකළහොත් මෙම තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති
- Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
