News Category
From Date
To Date
Maximum Number of Result

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

Apr 22, 2025 at 04:09 PM
|

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ  අග රදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්  ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බවයි.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී  අග රදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පහත සඳහන් චෝදනා ඉදිරිපත් කළහ.

• පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව මට භාර දුන් දිනට පසු දින, මම දුරකථනයෙන් කාදිනල්තුමා සමඟ කතා කළ අතර එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී මට දුෂ්කරතා ඇති වූ බව පැවසූ අතර එමඟින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ මට සහාය දක්වන සංවිධාන පවා තහනම් කිරීමට සිදුවනු ඇති  බවත්.

• ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ පිටපතක් කාදිනල්තුමාට ලබා දීම ප්‍රමාද කළ බවත් ඉතිරි වෙළුම් මම ඔහුට ලබා නොදුන් බවත්.

• පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විවිධ කමිටු සහ කොමිෂන් සභා විසින් කරන ලද නිර්දේශ කිහිපයක් පමණක් තෝරා බේරා ක්‍රියාත්මක කිරීම සඳහා මා හය දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කළ බවත්.

• පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය කළ Cඓඪ් නිලධාරීන් මාරු කර, විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා එවැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවා සිරගත කළ බවත්.

ඊට ප්‍රතිචාර වශයෙන් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය,

 “පළමු චෝදනාව සම්බන්ධයෙන්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මම කාදිනල්තුමා සමඟ දුරකථනයෙන් කතා නොකළ බවත්, ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි බවත්, එය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ මා සමඟ මිත්‍රශීලී සංවිධාන තහනම් කිරීමට පවා හේතු වන බව මම ඔහුට පැවසූ බවත් පැවසීම මම තරයේ ප්‍රතික්ෂේප කරමි. ජනාධිපතිවරණයේදී මුස්ලිම් ප්‍රජාව පොදුවේ මට ඡන්දය නොදුන් බව හෝ මගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වූ බව ප්‍රසිද්ධ කරුණකි. එබැවින් පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්ධ වීම හේතුවෙන් තහනම් කළ යුතු කිසිදු සංවිධානයක මට සහචරයින් සිටිය නොහැක.

දෙවන චෝදනාව සම්බන්ධයෙන්, ජනාධිපති කොමිසමේ වාර්තාව 2021 පෙබරවාරි 1 වන දින මට භාර දෙන ලදී. එය මා විසින්ම අධ්‍යයනය කර නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු, එය 2021 පෙබරවාරි 23 වන දින පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාර දෙන ලද අතර 2021 මාර්තු 1 වන දින එහි පිටපත් මහානායක හිමිවරුන්ට, කාදිනල්තුමාට සහ කතෝලික බිෂොප්වරුන්ට ලබා දී තිබුණි. වාර්තාව කාදිනල්තුමාට භාර දීමට ප්‍රමාදයක් සිදු නොවීය.

ජනාධිපති විමර්ශන කොමිසම සිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු, පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කාර්යය ප්‍රමුඛතාවය දීමට සහ අදාළ රජයේ දෙපාර්තමේන්තු සහ ආයතනවලට බෙදා දීමට මම හය දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කළෙමි. රජයේ දෙපාර්තමේන්තු සහ ආයතනවලට කැබිනට් මණ්ඩලයේ එවැනි උපදෙස් නොමැතිව ක්‍රියා කළ නොහැකි බව රාජ්‍ය පරිපාලනය පිළිබඳ හුරුපුරුදු අය දනිති.

2019 නොවැම්බර් මාසයේදී එවකට පොලිස්පතිවරයාගේ නිර්දේශය මත පොලිස් කොමිසම විසින් එවකට රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා මාරු කරන ලදී. ඒ පසුගිය රජය විසින් 19 වන සංශෝධනය යටතේ පත් කරන ලද පොලිස් කොමිසම විසිනි. සති කිහිපයකට පසු, මෙම නිලධාරියා එවකට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ පැවති මහාධිකරණ නඩුවකදී විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහු කළ දුරකථන සංවාදවල කාන්දු වූ පටිගත කිරීම් පිළිබඳ විමර්ශනයක් සම්බන්ධයෙන් පොලිස් කොමිසම විසින් ඔහුගේ වැඩ තහනම් කරන ලදී. මාස කිහිපයකට පසු, හිටපු පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් අපරාධ නඩුවක සාක්ෂි ගොතන ලද බවට චෝදනා එල්ල වන විමර්ශනයක් සම්බන්ධයෙන් අධිකරණය විසින් ඔහු රිමාන්ඩ් කරන ලදී. එබැවින්, පාස්කු ඉරිදා විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා මම අපරාධ පරීක්ෂ්නණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාරු කර රිමාන්ඩ් භාරයේ තැබූ බවට එල්ල වන චෝදනාව මම ප්‍රතික්ෂේප කරමි.

මෙම විශේෂිත අපරාධ පරීක්ෂ්නණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා 2017 දී එම කාර්යාලයට පත් කර ඇති අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඔහු මාස ​​හතකට වැඩි කාලයක් එම තනතුර දැරීය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මාසවලදී, වවුනතිව් ඝාතන, මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම සහ වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් පාස්කු ඉරිදා ප්‍රහාර සිදු කළ පුද්ගලයින් සහ කණ්ඩායම්ම සම්බන්ධ විමර්ශනය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ය. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වඩාත් සුපරීක්ෂාකාරී වූයේ නම්, සහරාන් සහ ඔහුගේ කණ්ඩායම පාස්කු ඉරිදා ප්‍රහාර සිදුවීමට පෙර අත්අඩංගුවට ගත හැකිව තිබූ බව ජනාධිපති කොමිසම නිරීක්ෂණය කර ඇත. ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම එම අධ්‍යක්ෂවරයා යටතේ ඇති පරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙඔ අසාර්ථකත්වයකි.

ඉහත සඳහන් කළ කතාවේදී, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා නොමැති බවට කාදිනල්තුමා මට චෝදනා කළේය. කෙසේ වෙතත්, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා ගත යුත්තේ දේශපාලනඥයින් විසින් නොව, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එක්ව කටයුතු කිරීමෙනි. එම ක්‍රියාවලිය දැන් සිදුවෙමින් පවතින අතර මාධ්‍යවලට අනුව, එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට අදාළ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 93 දෙනෙකු දැන් අධිකරණයේ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දී සිටිති.

පාස්කු ඉරිදා ප්‍රහාර ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරන ලද්දකි. එවකට රජයේ ඉහළම විමර්ශන අංශය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - ප්‍රහාරයට මාස කිහිපයකට පෙර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදු කළ පුද්ගලයින්ගේ සහ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනය කළ නමුත් ත්‍රස්තවාදීන් ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගැනීමට අපොහොසත් විය. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉහත සඳහන් කළ පාර්ශව දෙකෙහි වගකීම නොසලකා හරින බව හෝ පැහැදිලිවම නිදහස් කරන බව, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මට නිරන්තරයෙන් පහර දීම සහ විවේචනය කිරීම දිගටම කරගෙන යන බව මහජනතාව හොඳින් සැලකිල්ලට ගත යුතුය."

Gota fires back at Cardinal, rebuts allegations

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.
ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.
මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.