ස්වෛරී බැඳුම්කර බිලියන 13කට වඩා ගත්තු කෙනා ජනාධිපති කරලා, නඩු තීන්දුවෙන් 'ඌයියා' වුණා කිව්වාට වැඩක් නැහැ - විමල් පාර්ලිමේන්තුවේදී කියයි
අවුරුදු හතරහමාරක් තිස්සේ ස්වෛරී බැඳුම්කර බිලියන 13කට වඩා ගත්තු කෙනා ජනාධිපති කරලා නඩුතීන්දුවෙන් 'ඌයියා' වුණා කිව්වට වැඩක් නැති බවත්, නීති අණපනත් හා නිලධාරීන් ලබාදෙන තීරණවලට අනුව පමණක් කටයුතු කරන්නේ නම් මහජන ඡන්දයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ශේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳව ඊයේ(17) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව පැවසීය.
එහිදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම නඩු තීන්දුව මගින් රාජපක්ෂවරු ඇතුළු පිරිසක් ආර්ථික ඝාතකයන් බව ඔප්පුවී ඇති බැවින් ආර්ථිකය කඩාවැටීමට හේතු හොයන තේරීම් කාරක සභාවකින් තවදුරටත් පළක් නැති බව සඳහන් කළේය.
බන්දුල ගුණවර්ධන මත්‍රීවරයා සහ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පළ කළ අදහස් සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේ නීති අණපනත් හා නිලධාරීන් ලබාදෙන තීරණ අනුව පමණක් කටයුතු කරන්නේ නම් මහජන ඡන්දයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන බවය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රුපියල අවප්‍රමාණය කිරීමට උපදෙස් ලබාදුන්නේ ඉන්දියාවේ සිටින මිලින්ද මොරගොඩ බවද, එසේ කළයුතු දැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගෙන් හිටපු ජනාධිපතිවරයා විමසූ විට 'ඒක නල්ලම් වැඩේ' කියා ඔහු උපදෙස් දුන් බවද විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
අඩුම තරමේ ගෝඨාභය ජනාධිපතිවරයාට එම යොජනාව කැබිනට්ටුවට ගෙන ඒමට යුතුකමක් තිබූූ බවත්, එසේ වූවා නම් අලුතෙන් පැමිණි මහ බැංකු අධිපතිට මෙම පනත අනුව තමාට එසේ කිරීමට නොහැකි බව කීමට නොහැකි වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එම ජනාධිපතිට මොළේ කළඳක් හෝ තිබුනා නම් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන බවත්, නීති පොත්වල මොනවා තිබුනද විධායකය හා කැබිනට්ටුව එසේ තීරණයක් ගන්නවා නම් එය අභිබවා යාමට උසාවි යා යුතු බවත්, ඒ නිසා නීතිපොත්වල තිබෙන කරුණු පමණක් පවසමින් ගැලවීමට නොහැකි බවත් විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ආර්ථිකය කඩාවැටීමට ඒ අය ගත් තීරණ පමණක් බලපෑවේ නැති බව හා ඊට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර බිලියන 13ක් ගැනීමත්, ඒවා එකතුවී නිර්මාණය වුනු සමස්ත ණය වාරිකය ගෙවාගැනීමටවත් නොහැකි වූ නිසා ආර්ථික අර්බුදය නිර්මාණය වූ බව පිළිගැනීමට මෙන්ම පී.බී. ජයසුන්දර වැනි ආර්ථික ඝාතකයකු කීයූ ලෙසට 'නටපු නැටිල්ලේ' ප්‍රතිඵලයක් ලෙස මෙම අර්බුදය ඇති වූ බව පිළිගත යුතු බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..