
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර වර්ධනය වන වෙළඳ ගැටුමක් මධ්‍යයේ මෙම නවතම තීරුබදු ඉහළ නැංවීමේ අනතුරු ඇඟවීම කරලියට පැමිණ තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය බීජිං විසින් පැනවූ බදු වලට එකට එක කිරීමේ නවතම තත්වය ලෙසට හේතු දක්වා ඇති බව පැවසේ.
“චීනය ඔවුන්ගේ පළිගැනීමේ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදයට කරනු ලබන ආනයනය කිරීම් සඳහා 245% දක්වා තීරු බදු පැනවීමට මුහුණ දෙනු ඇත.” ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, වැඩිවීම බලාත්මක වන්නේ කවදාද යන්න ලේඛනයේ පැහැදිලිව සඳහන්ව නැත.
වොෂින්ටනය පසුගිය මාස දෙක තුළ බීජිං මත ප්‍රධාන තීරු බදු වැඩි කිරීම් කිහිපයක් පනවා ඇති අතර, මුලිකව පැවැති 20% සිට තීරු බදු වැඩි කිරීමට කටයුතු කර ඇත.
බීජිං පරිපාලනය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය කළ එකට එක ක්‍රියාමාර්ග වලට සියලුම ඇමරිකානු ආනයන සඳහා 125% දක්වා තීරු බදු ඉහළ නැංවීම, අමෙරිකාවේ තාක්ෂණික හා හමුදා කර්මාන්තවල භාවිතා කරන දුර්ලභ-පෘථිවි ලෝහ සහ චුම්බක ගෝලීය නැව්ගත කිරීම් අත්හිටුවීම සහ බෝයිං ජෙට් යානා සහ කොටස් ආනයනය නතර කරන ලෙස චීන ගුවන් සමාගම්වලට නියෝග කිරීමද ඇතුළත් වේ.
චීනය සමඟ ඇති මෙම ගැටුම ඇති වී ඇත්තේ රටවල් දුසිම් ගණනක් ඉලක්ක කරගත් පුළුල් එක්සත් ජනපද තීරුබදු ව්‍යාපාරයක් මධ්‍යයේ ය. කෙසේ වුවද ට්‍රම්ප්ට අනුව, මෙම පියවර එක්සත් ජනපද වෙළඳ හිඟය එහි වෙළඳ හවුල්කරුවන් සමඟ සමතුලිත කිරීමේ උත්සාහයක කොටසකි.
මූල්‍ය වෙලඳපොලවල ඇති වූ කැලඹීමෙන් පසුව, චීනය හැර, වෙළඳ සාකච්ඡා සඳහා ඉඩ සැලසීම වෙනුවෙන් එක්සත් ජනපද පරිපාලනය බොහෝ රටවලට පැනවූ ඉහළ තීරුබදු අත්හිටුවීය.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පසුගිය 15 වනදා පැවසුවේ ට්‍රම්ප් චීනය සමඟ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට විවෘත නමුත් බීජිනය පළමු පියවර ගත යුතු බවය.
චීනය එක්සත් ජනපද තීරුබදු "අතිශයින්ම පීඩනය යෙදීමට සහ පෞද්ගලික අවශ්‍යතා ලුහුබැඳීමට ආයුධයක්" සහ "ඒකපාර්ශ්වික ආර්ථික හිරිහැර කිරීමේ" ක්‍රියාවක් ලෙස විවේචනය කර ඇත. එලෙසම චීනය "තම නීත්‍යානුකූල අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා අධිෂ්ඨානශීලී පියවර ගැනීම" දිගටම කරගෙන යාමට ද පොරොන්දු වී තිබේ.
US threatens China with 245% tariff
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
