News Category
From Date
To Date
Maximum Number of Result

ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...

Apr 16, 2025 at 01:41 PM
|

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු විටෙක විහිළු සැපවූයේ නැත. පොරොන්දු වූ පරිදි, ඔහු තම රටේ වෙළඳ ප්‍රතිපත්තියේ නාටකාකාර ලෙස ප්‍රතිසංස්කරණයක් දියත් කර ඇති අතර, ඔහු ප්‍රධාන හවුල්කරුවන් සමඟ ආනයන සහ අපනයන නැවත සමතුලිත කිරීමක් ලෙස ඔහු විසින් හඳුන්වන ක්‍රියාමාර්ගයට අවනත වීමට බල කිරීම සඳහා පුළුල් තීරුබදු හඳුන්වා දී ඇත. මෙම පියවර විසින් ජගත් වෙළඳපල චලනයට ලක් කර ඇති අතර එය ගෝලීය වෙළෙඳපොල තුල පසු බැස්මක් හෝ  අවපාතයක් පවා සිදු විය හැකි බවට අනතුරු ඇඟවීම් අවුලුවා ඇත. ආක්‍රමණශීලී, ඉහළ මට්ටමේ "ඔට්ටු" උපක්‍රම සඳහා ප්‍රසිද්ධ ට්‍රම්ප්,  හිතාමතා දියත් කළ උපායමාර්ගය නම්‍යශීලී වන්නේ ඔහුගේ කොන්දේසි මත පමණක් බවට සැකයක් ඉතිරි කර නැත. එහෙත් ට්‍රම්ප් අනුගතව සිටින උපක්‍රමය විසින් ඇති කරන ප්‍රතිඵලය අවිනිශ්චිතව පවතින අතර, බොහෝ විශේෂඥයින් අනාවැකි පළ කරන්නේ එක්සත් ජනපදය අනෙක් සියල්ලන් සමඟ දුක් විඳිනු ඇති බවත් එසේ  නැතහොත් ලෝකයේ අනෙක් රටවල් වටටත් වඩා දුක් විඳිනු ඇති බවයි.

මෙම ප්‍රවේශයෙන් ලැබෙන ඕනෑම වාසියක් යම් හෙයකින් සිදුවුවහොත් ඒවා දිගු කාලීන වනු ඇති බවට ආර්ථික විද්‍යාඥයින් බොහෝ දුරට එකඟ වෙති.ඇමරිකානුවන්ට කෙටි කාලීනව,  ඉහළ උද්ධමනය, අරගල කරන නිෂ්පාදකයින්, දුර්වල පාරිභෝගික බලය සහ පහත වැටෙන වෙළඳපල ප්‍රාග්ධනීකරණය අපේක්ෂා කළ හැකිය. නමුත් ට්‍රම්ප් එකඟතාව ගැන සැලකිලිමත් නොවේ. ඔහු දේශපාලන "පොර කුකුළෙකු" වන අතර, ඔහුගේ ඉලක්කය වන්නේ හුදෙක් ආර්ථික ප්‍රතිසංස්කරණ නොව, ඔහුගේ දැක්ම අනුව ඇමරිකාව පරිහානියට ඇද දමමින් සිටින සමස්ත ගෝලීය පද්ධතිය මූලික වශයෙන් නැවත සකස් කිරීමයි.

ට්‍රම්ප්ගේ මානසිකත්වය තේරුම් ගැනීමට, ගතානුගතික චින්තකයෙකු වන මයිකල් ඇන්ටන් විසින් රචිත 2016 දී කුප්‍රකට "The Flight 93 Election" නම් රචනාව සිහිපත් කිරීම වැදගත් වේ. එහි දී,  මයිකල් ඇන්ටන්, ට්‍රම්ප්ගේ ඡන්දදායකයින් 9/11 දින පැහැරගත් ගුවන් යානයේ සිටි තම ජීවිත පූජා කරමින් ව්‍යසනය නැවැත්වීම සඳහා නියමු කුටියට ඇතුළු වූ මගීන් සමඟ සංසන්දනය කළේය. ඔහු යොදාගත් රූපකය පැහැදිලිය. ලිබරල් ගෝලීයවාදීන් විසින් පැහැර ගන්නා ලද ඇමරිකාව සියදිවි නසාගැනීමේ මාවතක ගමන් කළේය. මෙම රාමුව තුළ , බිඳවැටීම වළක්වා ගැනීම සඳහා අවසාන ප්‍රතිචාරය ට්‍රම්ප් විය.

වාර්තා වේ. එක්සත් ජනපද දේශීය දේශපාලනයට වරක් යෙදූ The Flight 93 Election හි තර්කනය දැන් මුළු ලෝකයටම ව්‍යාප්ත වී ඇති බව පෙනේ. ට්‍රම්ප් පරිපාලනයට අනුව වත්මන් ගෝලීය පිළිවෙල තිරසාර නොවන අතර එය ඇමරිකානු බලයට පවා භයානක පිලිවෙලක් ලෙස සලකයි. ඔවුන්ගේ මතය අනුව, පද්ධතිය දැන් බිඳ නොදැමුවහොත්, එක්සත් ජනපදයට ඉක්මනින් එය කිසිසේත් නිවැරදි කිරීමට නොහැකි වනු ඇත.

ඇමරිකාවේ වෙළඳපොළ බලය උපයෝගී කර ගනිමින් වෙළඳ ගනුදෙනු නැවත සාකච්ඡා කිරීම සඳහා රටවල් ශක්තිමත් කළ හැකි බව ට්‍රම්ප් විශ්වාස කරයි. සමහර රටවල් වලට මෙය සාර්ථක විය හැකිය. බොහෝ ජාතීන්ට එක්සත් ජනපදය සමඟ පූර්ණ වෙළඳ යුද්ධයක් දරාගත නොහැක. නමුත් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්ක දෙක වන චීනය සහ යුරෝපීය සංගමය - එතරම් පහසුවෙන් හිරිහැරයට ලක් නොවේ.

චීනය සම්බන්ධ කාරණය සැලකිල්ලට ගත් කල , ගෝලීය ආර්ථික බර සහ බලපෑම අතින් චීනය එක්සත් ජනපදය සමඟ සමාන මට්ටමක ආසන්නයේ පවතී. එය ආධිපත්‍යයක් නොවූවත්,  අමෙරිකා එක්සත් ජනපදය සම වයසේ මිතුරෙකු ලෙසත්, බහු ධ්‍රැවීය ලෝකයක අවශ්‍ය ධ්‍රැවයක් ලෙස චීනය සලකයි. එම ස්වයං ප්‍රතිරූපය එක්සත් ජනපද ඉල්ලීම්වලට යටත් වීම කිසි විටකත් සිදු නොවීමට බලපානු ලබයි. කුණාටුවට ඔරොත්තු දිය හැකි බවත් සමහර විට වොෂින්ටනය අභිබවා යා හැකි බවත් බීජිනය විශ්වාස කරයි. එය තම ප්‍රතිවාදියා අවතක්සේරු කරනවා විය හැකි නමුත් සටනකින් තොරව චීනය පසුබසින්නේ නැත.

මේ අතර, යුරෝපා සංගමය වෙනස් අභියෝගයක් ඉදිරිපත් කරයි. එහි වෙළඳ ප්‍රතිපත්තිය තනි සාමාජික රාජ්‍යයන් නොව යුරෝපීය කොමිසම විසින් පාලනය කරනු ලැබේ. මෙම මධ්‍යගතකරණය විශේෂයෙන් අර්බුදවලදී නම්‍යශීලීභාවය සීමා කරන අතර ප්‍රතිචාර කාලය මන්දගාමී කරයි. යුරෝපයේ ඉහළම අපනයනකරු වන ජර්මනිය වැනි රටවල් එක්සත් ජනපද තීරුබදු මගින් සෘජුවම බලපෑමට ලක් වන අතර, ඔවුන්ට තනිවම සාකච්ඡා කළ නොහැකි තත්වයකට මුහුණ පා සිටී. යුරෝපා සංගමය තුළ සම්බන්ධීකරණය සැමවිටම දුෂ්කර වී ඇති අතර, සැබෑ පීඩනයක් ඇති අවස්ථාවන්හිදී, ජාතික අවශ්‍යතා බොහෝ විට සාමූහික අවශ්‍යතා අභිබවා යයි.

එපමණක් නොව, යුරෝපා සංගමය මිලිටරිමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් එක්සත් ජනපදය මත රඳා පවතින අතර, එය දිගු කලක් තිස්සේ තමන්ව තහවුරු කර ගැනීමේ හැකියාව සංකීර්ණ කර ඇති යැපීමක් බවට පත්ව තිබේ. විශේෂයෙන් වෙළඳාම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් බටහිර යුරෝපය වැඩි වැඩියෙන් විරුද්ධවාදියෙකු ලෙස ට්‍රම්ප් සලකන අතර, එම කණ්ඩායම තවමත් එක්සත් ජනපදය අත්‍යවශ්‍ය සගයෙකු ලෙස දකී. ඇමරිකානු ආරක්ෂක කුඩය නොමැතිව අනාගතයක් බටහිර යුරෝපයට දැනට සිතාගත නොහැකිය. මෙම අසමතුලිතතාවය වොෂින්ටනයට චීනය සමඟ ගනුදෙනුවේදී නොමැති ලීවරයක් ලබා දෙයි.

පරස්පර විරෝධී ලෙස, බටහිර යුරෝපය දැන් විරෝධතා දැක්වීමේ වාචාලකම සහ අනුකූල වීමේ සහජ බුද්ධිය අතර සිරවී සිටී. චීනය මෙන් නොව, යුරෝපා සංගමය අවසානයේ නැමෙනු ඇතැයි ට්‍රම්ප් විශ්වාස කරන බව පෙනේ. සාම්ප්‍රදායිකව, එය එසේ කර ඇත. නමුත් මෙවර, යටත් වීම සැලකිය යුතු අභිලාෂයන්ගේ වියදමින් සහ කිසිදු පැහැදිලි විපාකයක් නොමැතිව සිදුවනු ඇත.

ඇමරිකා එක්සත් ජනපද-චීන ​​ගැටුම අපේක්ෂිත සාකච්ඡා මගින් මහජන විරෝධතා අවධියකට පිවිසෙමින් තිබියදී, ඇමරිකා එක්සත් ජනපද-යුරෝපා සංගම් සබඳතාවල ගමන් පථය වඩාත් අඳුරු පරාසයකට යොමු වෙමින් තිබේ. ට්‍රම්ප් ඉක්මනින්ම බ්‍රසල්ස් වෙතින් සම්පූර්ණ යටත් වීමක් අපේක්ෂා කරන බව පෙනේ.

මෙම අපේක්ෂාව වැරදි විය හැකිය. බටහිර යුරෝපීය ආණ්ඩු විශේෂයෙන් කර්මාන්ත හා කෘෂිකර්මාන්තයෙන් එල්ල වන විරෝධතා හේතුවෙන්  අභ්‍යන්තර ආර්ථික පීඩනයකට ලක්ව ඇත. ඒවා ඉහළ යන පිරිවැය සහ අහිමි වූ අපනයන වෙළඳපොළවල බර දරයි. එහෙත් එම නියෝගය වොෂින්ටනයෙන් නැවත ලියනු ලැබුවද, බ්‍රසල්ස් අත්ලාන්තික් සාගර සන්ධානයට සහ ලිබරල් ආර්ථික පිළිවෙලට දෘෂ්ටිවාදාත්මකව කැපවී සිටී.

ට්‍රම්ප්ගේ අභිලාෂයන් අති විශාල මෙන්ම ක්ෂණිකව ක්‍රියාත්මක වේ. ලෝක වෙළඳාම ප්‍රතිව්‍යුහගත කිරීම, යුක්රේනයේ ගැටුම සමථයකට පත් කිරීම සහ ඉරානය පාලනය කිරීම - සියල්ල එකවර සහ ඔහුගේ දෙවන ධුර කාලය තුළ සිදු කිරීම අපේක්ෂාවයි. බලා සිටීමට, සම්මුතියකට එළඹීමට හෝ ස්ථාපිත රාජ්‍ය තාන්ත්‍රික වේගය අනුගමනය කිරීමට ඔහුට අවශ්‍යතාවයක් තිබෙන බව නොපෙනේ. භූ දේශපාලනයට අදාළ වන The Flight 93 Election උපාය මාර්ගය මෙයයි. එනම් පද්ධතිය ඔබව කඩා වැට්ටවීමට පෙර බිඳ දමන්න.

ලෝකයේ සෙසු රටවල් මෙයින් කොපමණ ප්‍රමාණයක් ඉවසා සිටිනු ඇත්දැයි නිෂ්චය කිරීමට බලා සිටීමට සිදුවනු ඇත. චීනය පහසුවෙන් යටත් නොවනු ඇත. යුරෝපා සංගමය මැසිවිලි නැඟීමට, ප්‍රමාද කිරීමට සහ සාකච්ඡා කිරීමට උත්සාහ කළ හැකිය. නමුත් ප්‍රමාණවත් තරම් පීඩනයක් එල්ල කළහොත්, යුරෝපා සංගමය අභ්‍යන්තරව සිදුවන පීඩනය යටතේ බෙදී යා හැකිය. පැහැදිලි දෙය නම්, ට්‍රම්ප් පාලනය යටතේ එක්සත් ජනපදය තවදුරටත් ලෝකය මෙහෙයවීමට උත්සාහ නොකරන නමුත් තමන්ගේම කොන්දේසි මත ලෝකය නැවත සැකසීමට උත්සාහ කිරීම විද්‍යාමාන වීමයි.

Fyodor Lukyanov: Here’s what Trump really wants from his trade war

සම්බන්ධිත පුවත් | Related News

ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි 'තම රට කිසිවිටෙකත් යටත් නොවන බව' පවසා තිබේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඊශ්‍රායල සහ ඉරාන යුද තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කලින්ම බැහැරව ගොස් තිබීම නිසා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා කටයුතු කළේය.
කොළොන්නාව නගර සභාව පිහිටුවීමේ දී ජාතික ජන බලවේගය වෙත සිය සහාය පළ කළ සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන සභිකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.
කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.
බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පවතින මූල්‍ය අවභාවිත නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අල්ලස් කොමිසම විසින් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.