මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ හූ කියනු ලැබුවේ දැනුවත්ව බවත් ඔහු ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ නායකයෙකුව සිටිමින් ගුජාරාට් ප්‍රාන්තයේ මහ ඇමති ධූරය දරමින් ඉන්දියාවේ මුස්ලිම් වැසියන් දාහකට ආසන්න සංඛ්‍යාවක් මරා දැමූ පුද්ගලයෙකු බවත් ජන අරගල සන්ධානයේ දුමින්ද නාගමුව මහතා පැවසූවේය. එලෙසම මෝදි මහතා මුස්ලිම් භක්තිකයන්ගේ පල්ලියක් සම්පූර්ණයෙන්ම විනාශ කර එහි හින්දු පල්ලියක් ගොඩ නැගූ ශිව සේනා සංවිධානයේ නායකයෙකු වූ බවද පැවසූ දුමින්ද නාගමුව මහතා ඉන්දියාවේ ගොවීන්ව ආරක්ෂා කිරීමට දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ බලපැවැත්වූ පනත් වෙනස් කිරීමට කටයුතු කරමින් එයට විරුද්ධ වූ ගොවින්ට වෙඩි තැබීමට අණ කළ නායකයෙකු බවද පැවසුවේය. ඒ මහතා මේ බව පැවසුවේ ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, ඒ මහතා පැවසුවේ මෝඩි යනු ඉන්දියානු කම්කරුවා ගොවියා ඇතුළු සියලු ඉන්දීය පීඩිත පන්ති සාමාජිකයා පීඩාවට පත් කළ පුද්ගලයෙකු බවයි.
ත්‍රිකුණාමලයේ හින්දු කෝවිලකට හෝ නුවර එලියේ හින්දු කෝවිලකට මුදල් දුන් පමණින් මෝඩි පිරිසිදු මිනිසෙකු නොවන බව පෙන්වා දුන් දුමින්ද නාගාමුව මහතා මෝඩි යනු හින්දු අන්තවාදය පතුරවන්නකු බවයි.
ඒ අනුව හින්දු අන්තවාදය ශ්‍රී ලංකාව තුළ පැතිරවීමේ සැලැස්මකට අනුව මෝඩි ක්‍රියාත්මක වෙමින් සිටින බවද අවධාරණය කළේය.
දවසේ පින්තූරය බලා සිදුවීම් තේරුම් ගැනීමට උත්සහා කරන සමහර රටකරවන නායකයින්ට මෝදි ඉතාම සැලැස්මකට අනුව කටයුතු කරමින් සිටින බව අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයාගේ හැසීරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා පවසා සිටියේ කොටියෙකුගේ පින්තූරයක් මෝඩිට තෑගි කරන විපක්ෂ නායක මේ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකරන බවයි.
නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ "රයිසින් භාරත්" සමුළුවට ගොස් ප්‍රධාන දේශනයක් පවත්වා ඇති බවද පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ මෝඩිට හීලෑ වී සිටියද සමහර දේශපාලන පක්ෂ මේ වෙනුවෙන් හඬ නගන බව පැවසූ දුමින්ද නාගමුව මහතා ජන අරගල ව්‍යාපාරය මේ අනතුර පසුගිය මැතිවරණ දෙකේදීම ජනතාවට පෙන්වා දුන් බවද පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි