News Category
From Date
To Date
Maximum Number of Result

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්‍රහයක්

Apr 6, 2025 at 02:03 PM
|

ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාලනය විසින් හඳුන්වා දෙන නව තීරු බදු ප‍්‍රතිපත්තිය මගින් ශ‍්‍රී ලංකාවට ඇතිවන බලපෑම පිළිබඳව විවිධ දේශපාලන නායකයින් සහ විද්වතුන් විසින් විවිධ මත පළ කරන තත්ත්වයක් තුළ ජාතික සංවිධානවල මතය දැන ගැනීම සඳහා ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් විමසුවෙමු. මේ ඔහුගේ අදහස ඔහුගේ වචනයෙන්.

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය පිටුපස සිටින ගෝලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සඳහා ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකවාදී ප‍්‍රධාන ප‍්‍රතිපත්තියේ හැඩතලයක් වුයේ නැගී එන චීනයේ ආර්ථික බලය බිඳ දමමින් නැවත වටයකින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථික බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි. ඊට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ඇමරිකානුවන් විසින් 90 දශකයේ මුල් භාගයේදී ලෝක වෙළෙඳ සංවිධානය හරහා ලෝකය මත පැටවූ වෙළඳාම සහ ආයෝජන ප‍්‍රචලිත කිරීමේ ප‍්‍රතිපත්තියට ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිපත්තිය හෙවත් ඇමරිකාව ආර්ථික බලවතෙකු බවට පත්වීම සඳහා 50 දශකයේ යොදාගත් ආරක්ෂණවාදය නැමැති උපාය මාර්ගික ප‍්‍රවේශයයි. එනම් ආනයන බදු පැනිවීම මගින් ආනයන අධෛර්මත් කර දේශිය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීමය. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක කළ සහ ඊට පෙර සිට ආරම්භ කළ ඇමරිකාව විසින් අනුගමනය කළ එම ආරක්ෂණවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය තුළ තම රටේ කර්මාන්ත පද්ධති ආරක්ෂා කිරීම සඳහා විශාල වශයෙන් ආනයන අධෛර්යමත් කිරීමේ බදු සහ බදු නොවන ක‍්‍රියාමාර්ග පනවනු ලැබීය. ඒ ආකරයට දෙවන ලෝක යුද්ධයට පසුව එම ප‍්‍රතිපත්තියට අනුකූලව ලෝකය හැඩගැස්වීම සඳහා ණය උපාංග යොදා ගැනීම මුල් කරගෙන ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල පිහිට වුවද, ලෝක වෙළඳ සංවිධානය පිහිටුවන්නේ 90 දශකයේදී ය. ඊට හේතුව ඊනියා නිදහස් වෙළඳාම ලෝකය මත පටවන්නේ ඇමරිකානු නිෂ්පාදන පද්ධතිය ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය යටතේ ශක්තිමත් කරගැනීමෙන් පසුව වීමය.

ඇමරිකාව තම නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා සහ ලෝක වෙළෙඳ සංවිධානය හරහා ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන පද්ධති බිඳ වැටීටවීමට පෙර අනුගමනය කළ ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය පිළිබඳව ඉතා විචිත‍්‍රවත් විද්වත් විග‍්‍රහයක් මහාචාර්ය හෝ ජුන් චැන්ග් විසින් තම ‘‘ඉනිමගට පයින් ගැසීම‘‘ නමැති කෘතිය මගින් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත. ඊට අනුව ඇමෙරිකාව සෙසු රටවලට ආනයන බදු පැනවීම මගින් දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කළ ආකාරය සහ ශක්තිමත් කළ ආකාරය පැහැදිලිවේ. ඇමරිකාව මහා යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනගන්නේ එසේ ශක්තිමත් කළ නිෂ්පාදන පද්ධතියේ ශක්තිය සහ බලය යොදා ගනිමිණි. 

පසුකාලීනව ඇමරිකාවට සංක‍්‍රමණය වී පසුව ශ‍්‍රී ලංකාවට වින කැටීම සඳහා ආපසු පැමිණි බැසිල් රාජපක්ෂ වැනි පුද්ගලයින් එම යටිතල පහසුකම් දැක ‘‘ගිණිකන වැටී” බරපතල න්‍යායාත්මක පටලැවිල්ලකට ගොදුරු විය. ඒ අනුව ඔවුන් කල්පනා කළේ ඇමෙරිකාව දියුණු වූයේ එම යටිතල පහසුකම් නිසා බවටය.  ඔවුන් ශ‍්‍රී  ලංකාව දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් හෙවත් අධිවේගී මාර්ග පූර්ව කොන්දේසියක් ලෙස සැලකූ අතර ණය මත පදනම් වූ එම ක‍්‍රියාවලිය තුළ කොමිස් ගැසීමේ මැණික් ඉල්ලමද පාදා ගනු ලැබීය. ඔවුන් යටිතල පහසුකම් සංවර්ධන සිහිනය තුළ ගිලී සිටිමින් මුදල් උපයන අතර තම හිතවාදී ආනයනකරුවන් පිනවීම සඳහා වෙළඳාම දිරිමත් කිරීමේ නාමයෙන් ආනයන බදු සහන ලබාදී බරපතළ බදු වංචාවලට ද මග පාදනු ලැබීය. එම ක‍්‍රියාවලිය තුළ දේශිය කර්මාන්ත පද්ධතිය ක‍්‍රමයෙන් බිඳ වැටුණු බව රහසක් නොවේ. 

නැවත වටයකින් ඩොනල්ට් ට‍්‍රම්ප්ගේ බදු ප‍්‍රතිපත්තිය පිළිබඳව කතා කිරීමේදී තේරුම් ගත යුතු කරුණ වන්නේ ඉහත සඳහන් කළා ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය තුළ 1990 දශකයේ ආර්ථික අර්බුද සමය දක්වා ධන වෙළඳ ශේෂයක් පවත්වාගෙන යාමට හෙවත් ආනයන අදායම් වලට වඩා අපනයන ආදායම පවත්වාගෙන යාමට ඇමරිකාව සමත් විය. ඇමෙරිකාවේ නිෂ්පාදන පද්ධතියේ කඩාවැටීම ආරම්භ වන්නේ  ‘‘වුල් වර්ත්” වැනි බිලියනපතියන්ගේ ඊනියා සුපර්මාකට් මාෆියාව විසින් සිල්ලර වෙළඳාම තුළ ආධිපත්‍ය අත්පත් කර ගැනීම තුළය. ඊනියා සුපර්මාකට් සංස්කෘතිය ප‍්‍රචලිත කිරීම මගින් බිලියනපතියන්ගේ සුපිරි වෙළඳසල් ජාල වලට සියයට 40% තරම් ඉහළ කොමිස් මුදල් ගෙවීමට සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට සිදු විය. එම තත්ත්වය තුළ 25% - 30%   පමණ ආයෝජනයට ප‍්‍රතිලාභ සහිත සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ජාලය බිඳ වැටුණු අතර චීනයේ නිෂ්පාදන වලට වෙළඳපළ විවෘත විය. නමුත් ගෝලීය බිලියනපතියන් එම මූලධාර්මික වරද වරද නිවැරදි කිරීමට ඉදිරිපත් නොවේ. එම තත්වය තුළ අදවන විට ඇමෙරිකාවේ වෙළඳ පරතරය ඩොලර් බිලියන 3000ක් පමණ මට්ටමට ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව ආණ්ඩුවේ ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 37000 ක් පමණ වන අතර එම ප‍්‍රමාණයෙන් 40%ක් මුදල් අච්චු ගැසීමෙන් ලබාගනී. එනම් ප්‍රෙට්රෝ ඩොලර් ආධිපත්‍යය යොදා ගනිමින් එසේ අච්චු ගසන මුදල් වලට වන්දි ගෙවීම සඳහා අප වැනි රටවල් යොදා ගනු ලැබේ. 

දැන් ඇමරිකාව එම වරද නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ ඉහත සඳහන් කළ ආකාරයට මූලධර්මික වරද නිවැරදි කිරීම මගින් නොවේ. එනම් එම වරද එසේම තිබියදී ආනයන අධෛර්යමත් කරන ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියක් නාමිකව හඳුන්වාදීම මගින් වරද නිවැරදි කිරීමට උත්සාහ කිරීමේ මුවාවෙන් සිදු කෙරෙන වෙනත් මෙහෙයුමකින් බව ඉතා පැහැදිළිය. ඒ තුළ සැඟවුණු අරමුණු ත‍්‍රිත්වයක් හඳුනාගත හැක. පළමුවැන්න චීනය මුල් කරගත් වෙළඳ යුද්ධයක් ආරම්භ කිරීම් මගින් ඇතිවන රාජ්‍ය තාන්ත‍්‍රික ආතතිය තුළින් චීනයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීමේ අවකාශය නිර්මාණය කිරීමය. දෙවැන්න ට‍්‍රම්ප් බලයට පත් කළ බිලියනපතියන්ගේ අවශ්‍යතාවයකි. එනම් ලෝකය නැවත පිහිටුවීම හෙවත් ඍෑීෑඔ කිරීම සඳහා ගෝලීය වෙළඳපොළ තුළ මහා අර්බුදයක් නිර්මාණය කිරීම සහ එම තත්ත්වය, 90 දශකයේ සිදු කළ ආකාරයට ගෝලීය ආර්ථික සහ මූල්‍ය අර්බුදයක් බවට පරිවර්තනය කිරීම.

තුන්වන අරමුණ ශ‍්‍රී ලංකාව වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් රටවල ඉතා බරපතල ආර්ථික අර්බුද නිර්මාණය කිරීමය. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවේ අපනයනවලින් 25%ක කොටසක් ඇමරිකාවේ අනුකම්පාවට යටත් වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා 44% ක ආනයන බද්ධක් පැනවීම මගින් අපනයන ප‍්‍රමාණයන් සහ ආදායම් බරපතළ ලෙස පහත වැටෙන බව ඉතා පැහැදිලිය. ඒ තුළ පළමුවෙන් අර්බුදයට ලක්වන්නේ ලක්ෂ 3ක පමණ රැකියා අවස්ථා නිර්මාණය කරන ඇඟලූම් කර්මාන්තය බවද ඉතා පැහැදිලිය. රබර් කිරි කර්මාන්තයේ නියැලෙන තවත් ලක්ෂ 2කකට ආසන්න පිරිසකට ද ඉතා කෙටි කළකදී ඊට මුහුණ දීමට සිදුවේ. 

ශ‍්‍රී ලංකාව දැනටමත් මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය තුළ එම තත්ත්වය ආණ්ඩුව දේශපාලන වශයෙන් දණ ගැස්සවීම දක්වා වර්ධනය කිරීමේ ඉඩක් විවර වන බව ඉතා පැහැදිළිය. ඒ සඳහා ඇමරිකානු තානාපතිනියගේ ශරීර ලක්ෂණ, මහජන සබඳතා කුසලතාවයන් මෙන්ම ආණ්ඩුවේ සාකච්ඡුාකරුවන්ගේ දුප්පත්කමද යොදාගන්නා බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට මෙම ඊනියා වෙළඳ යුද්ධය තුළ සැඟවුණු තුන්වන අරමුණ ඉන්දු පැසිෆික් කලාපයේ භූ දේශපාලන මෙහෙයුමට අදාළ වේ. එම ප‍්‍රවේශය ශ‍්‍රී ලංකාවට අදාළව ගත්විට මෙම තීරු බදු උපාංගය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ රජය ද්විපාර්ශික ගිවිසුම් වලට තල්ලූ කිරීමේ හැකියාවක් ලැබේ. මේ වන විට ඩොලර් බිලියන 4.5 ක ණය ලබාදීම මගින් ඉන්දියානු රජය නිර්මාණය කරගත් අවකාශය තුළ වර්තමාන ආණ්ඩුව හැසිරෙන අසරණ සහ දුප්පත් ආකාරය අනුව ඒ සඳහා ප‍්‍රභල ඉඩක් තිබෙන බව පැහැදිලි වේ. 

ඒ අනුව වෙළඳ යුද්ධය යුද්ධය තුළ සාමය හෙවත් සටන් විරාමය සඳහා ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ද්පාර්ශික වෙළඳ ගිවිසුමකට නව අවස්ථාවක් නිර්මාණය වේ. ඒ තුළ දීර්ඝ කාලීනව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පරාධීනව පවත්වාගෙන යාම සඳහා යොදාගන්න මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට නව කොන්දේසි එකතු කිරීමේ හැකියාවක් ලැබේ. ඊට අමතරව ඊට අදාළ පූර්ව කොන්දේසියක් ලෙස ..ීධත්‍්.. ගිවිසුමේ ඇමුණුව ‘බී”  සඳහා එකඟ වීමට ද බලපෑම් එල්ල වනු ඇත. මේවන විට ඉන්දියාව විසින් ණය උපාංග අඩුවක් ලෙස භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ රජය ආරක්ෂක ගිවිසුමක් ඇතුළු ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්වෛරීත්වය, බලශක්ති ස්වෛරීත්වය සහ දත්ත සහ තොරතුරු ස්වෛරීත්වය පමණක් නොව භූ දේශපාලන ස්වෛරීත්වය පාවාදෙන බරපතළ ගිවිසුම් ත‍්‍රිත්වයක් සඳහා ඉන්දියානු අගමැතිට එකඟවීම තුළ තත්ත්වය වඩා බරපතළ වේ.


සම්බන්ධිත පුවත් | Related News

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.