News Category
From Date
To Date
Maximum Number of Result

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්‍රහයක්

Apr 6, 2025 at 02:03 PM
|

ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාලනය විසින් හඳුන්වා දෙන නව තීරු බදු ප‍්‍රතිපත්තිය මගින් ශ‍්‍රී ලංකාවට ඇතිවන බලපෑම පිළිබඳව විවිධ දේශපාලන නායකයින් සහ විද්වතුන් විසින් විවිධ මත පළ කරන තත්ත්වයක් තුළ ජාතික සංවිධානවල මතය දැන ගැනීම සඳහා ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් විමසුවෙමු. මේ ඔහුගේ අදහස ඔහුගේ වචනයෙන්.

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය පිටුපස සිටින ගෝලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සඳහා ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකවාදී ප‍්‍රධාන ප‍්‍රතිපත්තියේ හැඩතලයක් වුයේ නැගී එන චීනයේ ආර්ථික බලය බිඳ දමමින් නැවත වටයකින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථික බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි. ඊට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ඇමරිකානුවන් විසින් 90 දශකයේ මුල් භාගයේදී ලෝක වෙළෙඳ සංවිධානය හරහා ලෝකය මත පැටවූ වෙළඳාම සහ ආයෝජන ප‍්‍රචලිත කිරීමේ ප‍්‍රතිපත්තියට ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිපත්තිය හෙවත් ඇමරිකාව ආර්ථික බලවතෙකු බවට පත්වීම සඳහා 50 දශකයේ යොදාගත් ආරක්ෂණවාදය නැමැති උපාය මාර්ගික ප‍්‍රවේශයයි. එනම් ආනයන බදු පැනිවීම මගින් ආනයන අධෛර්මත් කර දේශිය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීමය. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක කළ සහ ඊට පෙර සිට ආරම්භ කළ ඇමරිකාව විසින් අනුගමනය කළ එම ආරක්ෂණවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය තුළ තම රටේ කර්මාන්ත පද්ධති ආරක්ෂා කිරීම සඳහා විශාල වශයෙන් ආනයන අධෛර්යමත් කිරීමේ බදු සහ බදු නොවන ක‍්‍රියාමාර්ග පනවනු ලැබීය. ඒ ආකරයට දෙවන ලෝක යුද්ධයට පසුව එම ප‍්‍රතිපත්තියට අනුකූලව ලෝකය හැඩගැස්වීම සඳහා ණය උපාංග යොදා ගැනීම මුල් කරගෙන ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල පිහිට වුවද, ලෝක වෙළඳ සංවිධානය පිහිටුවන්නේ 90 දශකයේදී ය. ඊට හේතුව ඊනියා නිදහස් වෙළඳාම ලෝකය මත පටවන්නේ ඇමරිකානු නිෂ්පාදන පද්ධතිය ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය යටතේ ශක්තිමත් කරගැනීමෙන් පසුව වීමය.

ඇමරිකාව තම නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා සහ ලෝක වෙළෙඳ සංවිධානය හරහා ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන පද්ධති බිඳ වැටීටවීමට පෙර අනුගමනය කළ ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය පිළිබඳව ඉතා විචිත‍්‍රවත් විද්වත් විග‍්‍රහයක් මහාචාර්ය හෝ ජුන් චැන්ග් විසින් තම ‘‘ඉනිමගට පයින් ගැසීම‘‘ නමැති කෘතිය මගින් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත. ඊට අනුව ඇමෙරිකාව සෙසු රටවලට ආනයන බදු පැනවීම මගින් දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කළ ආකාරය සහ ශක්තිමත් කළ ආකාරය පැහැදිලිවේ. ඇමරිකාව මහා යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනගන්නේ එසේ ශක්තිමත් කළ නිෂ්පාදන පද්ධතියේ ශක්තිය සහ බලය යොදා ගනිමිණි. 

පසුකාලීනව ඇමරිකාවට සංක‍්‍රමණය වී පසුව ශ‍්‍රී ලංකාවට වින කැටීම සඳහා ආපසු පැමිණි බැසිල් රාජපක්ෂ වැනි පුද්ගලයින් එම යටිතල පහසුකම් දැක ‘‘ගිණිකන වැටී” බරපතල න්‍යායාත්මක පටලැවිල්ලකට ගොදුරු විය. ඒ අනුව ඔවුන් කල්පනා කළේ ඇමෙරිකාව දියුණු වූයේ එම යටිතල පහසුකම් නිසා බවටය.  ඔවුන් ශ‍්‍රී  ලංකාව දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් හෙවත් අධිවේගී මාර්ග පූර්ව කොන්දේසියක් ලෙස සැලකූ අතර ණය මත පදනම් වූ එම ක‍්‍රියාවලිය තුළ කොමිස් ගැසීමේ මැණික් ඉල්ලමද පාදා ගනු ලැබීය. ඔවුන් යටිතල පහසුකම් සංවර්ධන සිහිනය තුළ ගිලී සිටිමින් මුදල් උපයන අතර තම හිතවාදී ආනයනකරුවන් පිනවීම සඳහා වෙළඳාම දිරිමත් කිරීමේ නාමයෙන් ආනයන බදු සහන ලබාදී බරපතළ බදු වංචාවලට ද මග පාදනු ලැබීය. එම ක‍්‍රියාවලිය තුළ දේශිය කර්මාන්ත පද්ධතිය ක‍්‍රමයෙන් බිඳ වැටුණු බව රහසක් නොවේ. 

නැවත වටයකින් ඩොනල්ට් ට‍්‍රම්ප්ගේ බදු ප‍්‍රතිපත්තිය පිළිබඳව කතා කිරීමේදී තේරුම් ගත යුතු කරුණ වන්නේ ඉහත සඳහන් කළා ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය තුළ 1990 දශකයේ ආර්ථික අර්බුද සමය දක්වා ධන වෙළඳ ශේෂයක් පවත්වාගෙන යාමට හෙවත් ආනයන අදායම් වලට වඩා අපනයන ආදායම පවත්වාගෙන යාමට ඇමරිකාව සමත් විය. ඇමෙරිකාවේ නිෂ්පාදන පද්ධතියේ කඩාවැටීම ආරම්භ වන්නේ  ‘‘වුල් වර්ත්” වැනි බිලියනපතියන්ගේ ඊනියා සුපර්මාකට් මාෆියාව විසින් සිල්ලර වෙළඳාම තුළ ආධිපත්‍ය අත්පත් කර ගැනීම තුළය. ඊනියා සුපර්මාකට් සංස්කෘතිය ප‍්‍රචලිත කිරීම මගින් බිලියනපතියන්ගේ සුපිරි වෙළඳසල් ජාල වලට සියයට 40% තරම් ඉහළ කොමිස් මුදල් ගෙවීමට සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට සිදු විය. එම තත්ත්වය තුළ 25% - 30%   පමණ ආයෝජනයට ප‍්‍රතිලාභ සහිත සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ජාලය බිඳ වැටුණු අතර චීනයේ නිෂ්පාදන වලට වෙළඳපළ විවෘත විය. නමුත් ගෝලීය බිලියනපතියන් එම මූලධාර්මික වරද වරද නිවැරදි කිරීමට ඉදිරිපත් නොවේ. එම තත්වය තුළ අදවන විට ඇමෙරිකාවේ වෙළඳ පරතරය ඩොලර් බිලියන 3000ක් පමණ මට්ටමට ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව ආණ්ඩුවේ ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 37000 ක් පමණ වන අතර එම ප‍්‍රමාණයෙන් 40%ක් මුදල් අච්චු ගැසීමෙන් ලබාගනී. එනම් ප්‍රෙට්රෝ ඩොලර් ආධිපත්‍යය යොදා ගනිමින් එසේ අච්චු ගසන මුදල් වලට වන්දි ගෙවීම සඳහා අප වැනි රටවල් යොදා ගනු ලැබේ. 

දැන් ඇමරිකාව එම වරද නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ ඉහත සඳහන් කළ ආකාරයට මූලධර්මික වරද නිවැරදි කිරීම මගින් නොවේ. එනම් එම වරද එසේම තිබියදී ආනයන අධෛර්යමත් කරන ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියක් නාමිකව හඳුන්වාදීම මගින් වරද නිවැරදි කිරීමට උත්සාහ කිරීමේ මුවාවෙන් සිදු කෙරෙන වෙනත් මෙහෙයුමකින් බව ඉතා පැහැදිළිය. ඒ තුළ සැඟවුණු අරමුණු ත‍්‍රිත්වයක් හඳුනාගත හැක. පළමුවැන්න චීනය මුල් කරගත් වෙළඳ යුද්ධයක් ආරම්භ කිරීම් මගින් ඇතිවන රාජ්‍ය තාන්ත‍්‍රික ආතතිය තුළින් චීනයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීමේ අවකාශය නිර්මාණය කිරීමය. දෙවැන්න ට‍්‍රම්ප් බලයට පත් කළ බිලියනපතියන්ගේ අවශ්‍යතාවයකි. එනම් ලෝකය නැවත පිහිටුවීම හෙවත් ඍෑීෑඔ කිරීම සඳහා ගෝලීය වෙළඳපොළ තුළ මහා අර්බුදයක් නිර්මාණය කිරීම සහ එම තත්ත්වය, 90 දශකයේ සිදු කළ ආකාරයට ගෝලීය ආර්ථික සහ මූල්‍ය අර්බුදයක් බවට පරිවර්තනය කිරීම.

තුන්වන අරමුණ ශ‍්‍රී ලංකාව වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් රටවල ඉතා බරපතල ආර්ථික අර්බුද නිර්මාණය කිරීමය. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවේ අපනයනවලින් 25%ක කොටසක් ඇමරිකාවේ අනුකම්පාවට යටත් වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා 44% ක ආනයන බද්ධක් පැනවීම මගින් අපනයන ප‍්‍රමාණයන් සහ ආදායම් බරපතළ ලෙස පහත වැටෙන බව ඉතා පැහැදිලිය. ඒ තුළ පළමුවෙන් අර්බුදයට ලක්වන්නේ ලක්ෂ 3ක පමණ රැකියා අවස්ථා නිර්මාණය කරන ඇඟලූම් කර්මාන්තය බවද ඉතා පැහැදිලිය. රබර් කිරි කර්මාන්තයේ නියැලෙන තවත් ලක්ෂ 2කකට ආසන්න පිරිසකට ද ඉතා කෙටි කළකදී ඊට මුහුණ දීමට සිදුවේ. 

ශ‍්‍රී ලංකාව දැනටමත් මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය තුළ එම තත්ත්වය ආණ්ඩුව දේශපාලන වශයෙන් දණ ගැස්සවීම දක්වා වර්ධනය කිරීමේ ඉඩක් විවර වන බව ඉතා පැහැදිළිය. ඒ සඳහා ඇමරිකානු තානාපතිනියගේ ශරීර ලක්ෂණ, මහජන සබඳතා කුසලතාවයන් මෙන්ම ආණ්ඩුවේ සාකච්ඡුාකරුවන්ගේ දුප්පත්කමද යොදාගන්නා බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට මෙම ඊනියා වෙළඳ යුද්ධය තුළ සැඟවුණු තුන්වන අරමුණ ඉන්දු පැසිෆික් කලාපයේ භූ දේශපාලන මෙහෙයුමට අදාළ වේ. එම ප‍්‍රවේශය ශ‍්‍රී ලංකාවට අදාළව ගත්විට මෙම තීරු බදු උපාංගය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ රජය ද්විපාර්ශික ගිවිසුම් වලට තල්ලූ කිරීමේ හැකියාවක් ලැබේ. මේ වන විට ඩොලර් බිලියන 4.5 ක ණය ලබාදීම මගින් ඉන්දියානු රජය නිර්මාණය කරගත් අවකාශය තුළ වර්තමාන ආණ්ඩුව හැසිරෙන අසරණ සහ දුප්පත් ආකාරය අනුව ඒ සඳහා ප‍්‍රභල ඉඩක් තිබෙන බව පැහැදිලි වේ. 

ඒ අනුව වෙළඳ යුද්ධය යුද්ධය තුළ සාමය හෙවත් සටන් විරාමය සඳහා ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ද්පාර්ශික වෙළඳ ගිවිසුමකට නව අවස්ථාවක් නිර්මාණය වේ. ඒ තුළ දීර්ඝ කාලීනව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පරාධීනව පවත්වාගෙන යාම සඳහා යොදාගන්න මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට නව කොන්දේසි එකතු කිරීමේ හැකියාවක් ලැබේ. ඊට අමතරව ඊට අදාළ පූර්ව කොන්දේසියක් ලෙස ..ීධත්‍්.. ගිවිසුමේ ඇමුණුව ‘බී”  සඳහා එකඟ වීමට ද බලපෑම් එල්ල වනු ඇත. මේවන විට ඉන්දියාව විසින් ණය උපාංග අඩුවක් ලෙස භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ රජය ආරක්ෂක ගිවිසුමක් ඇතුළු ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්වෛරීත්වය, බලශක්ති ස්වෛරීත්වය සහ දත්ත සහ තොරතුරු ස්වෛරීත්වය පමණක් නොව භූ දේශපාලන ස්වෛරීත්වය පාවාදෙන බරපතළ ගිවිසුම් ත‍්‍රිත්වයක් සඳහා ඉන්දියානු අගමැතිට එකඟවීම තුළ තත්ත්වය වඩා බරපතළ වේ.


සම්බන්ධිත පුවත් | Related News

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.
කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.