සතොස සභාපතිට සහ සමාගම් දෙකකට බරපතළ දූෂණ චෝදනා - බෙල්ලටම හිරවෙයි
රටට ආදරය කරන සහ නීතිගරුක සතොස ආයතනයේ සේවය කරන නිලධාරී මහතෙකු විසින් සාක්ෂි සහිතව ලංකා ලීඩර් වෙත ලබා දී ඇති තොරතුරු අනුව සතොස ආයතනයේ සභාපතිවරයාට බරපතළ දූෂණ චෝදනාවක් එල්ල වන අතර මහා සමාගම් දෙකකට ඊට අනුබලදීමේ සහ පෙළඹවීමේ චෝදනාව එල්ල වේ. ඊට අනුව සතොස සභාපතිවරයාගේ නියෝග මත එම ආයතනයේ අලෙවි ප්‍රධානී සවන් කාරියවසම් මහතා විසින් මහා සමාගම් දෙකක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව තම ශාඛාවලට ලිපියක් යවා ඇත. එම ලිපිය අනුව අවුරුදු සමයේ අදාළ සමාගම් වල ඉලක්ක සපුරාදෙන කළමනාකරුවන්ට සතොස ආයතනය හරහා රුපියල් 30,000 සිට 40,000 දක්වා අතුරුදිරි දීමනාවක් ලබාදේ.
සතොස ආයතනය වෙනත් දේශීය සමාගම්වල භාණ්ඩ විකිණීමේදී 20% - 25% අතර කොමිස් මුදලක් අය කරන අතර මෙම දූෂණ ක්‍රියාවට ආයතනය පොළඹවන සමාගම් වලින් අය කරනු ලබන්නේ 12%-15% කොමිස් මුදලිකි. මෙම ආකාරයට සතොස ආයතනයට ලැබිය යුතු ආදායම් සමාගම් වලට ඉතිරිකර ගැනීමට අවස්ථාව සලසමින් සමාගම් සමග එක්ව කළමනාකරුවන්ට ලබා දෙන “ පගාවන්“ නිසා ආයතනයට අවුරුදු සමයේදී අහිමිවන ආදායම රුපියල් මිලියන 50 සිට 100 දක්වා ප්‍රමාණයක් විය හැකි බවට අදාළ නිලධාරියා තක්සේරු කර ඇත. ඒ අනුව මෙම ක්‍රියාව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ දූෂණයට අදාළ බරපතළ වරදක් වේ. (පිටු අංක 116, 117)
අදාළ ලිපි සහ වගන්ති පහතින්




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..