දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව තහවුරු කිරීමට කැනඩාවේ ව්‍යවස්ථාදායකයට ගෙනා පනත කැනඩා නීතියට පටහැනියි- කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
ඔන්ටාරියෝ අභියාචනාධිකරණය තීරණය කළ 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA) ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බවත් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද අනුමත කරනු ලැබීය. ඒ අනුව අදාළ පනත සම්බන්ධයෙන් කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුර විමර්ශන කිරිම අවශ්‍ය නොවන බව 2025 මාර්තු 27 වන දින තීරණය කළ බව අදාළ පනත සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පවසන ලදී.
ඒ අනුව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ඔන්ටාරියෝ අභියාචනාධිකරණය යන අධිකරණ ද්විත්වයම ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වී ඇතැයි යන්න තීරණය කර නොමැත. ඒ අනුව කැනඩාවේ ඉහළම තලයේ අධිකරණ ලබා දුන් තීන්දුව බලාත්මකව පවතින බැවින් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊනියා ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව වන චෝදනාව තවදුරටත් විමසීමක් නොකරනු ඇත.
දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායමක් වන එල්ටීටීඊය කැනඩාවේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගනු ලබයි.
ඔන්ටාරියෝ අභියාචනාධිකරණයේදී ආචාර්ය නෙවිල් හේවගේ විනිසුරු අක්බරාලිගේ තීන්දුවට එරෙහිව සාර්ථකව කරුණු ඉදිරිපත් කරනු ලැබුවේය . ඔන්ටාරියෝ අභියාචනාධිකරණය 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත් කෙටුම්පතට (104 Tamil Genocide Education Week Act-TGEWA) අධ්‍යාපනික අරමුණු නොමැති බවද තීරණය කළේය.
ඔන්ටාරියෝ අභියාචනාධිකරණය සිය ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරමින්,104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත් (TGEWA) කෙටුම්පත සම්බන්ධයෙන් ඔන්ටාරියෝ උසස් අධිකරණයේ විනිසුරු අක්බරාලිගේ තීන්දුව ප්‍රතික්ෂේප කළේය.
1867 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ, 93 වන වගන්තියේ "අධ්‍යාපනය" සම්බන්ධයෙන් දක්වා ඇති පරිදි TGEWA පනත් කෙටුම්පත පළාත් අධිකරණ බලය තුළ නොමැති විෂයක් බව අභියාචනාධිකරණය නිගමනය කළේය.
තීන්දුවේ (9) ඡේදයේ සඳහන් වන්නේ "අක්බරාලි විනිසිරුවරිය පනත (TGEWA ) “අධ්‍යාපනික” කාණ්ඩයට ඇතුලත් කර විස්තර කිරීම සමඟ අපි එකඟ නොවෙමු." ලෙසයි.
කැනඩා අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව වැඩිදුර විශ්ලේෂණය කිරීමේදී එහි 54 ඡේදය මෙසේ නිගමනය කර ඇති බව තහවුරු වේ: “අපගේ මතය අනුව, අයදුම්පත සලකා බැලූ පළාත් අධිකරණ විනිසුරුවරිය TGEWA හි ඇතුලත්ව ඇති ප්‍රශ්නය සහ එහි සාරය සංලක්ෂිත කිරීමේදී වැරද්දක් කර ඇති බව තහවුරු වේ. ඒ වෙනුවට විශ්ලේෂණයේ ලක්ෂණ සහ වර්ගීකරණය පැහැදිලිව තබා ගැනීමට සහ ප්‍රමාණවත් නිරවද්‍යතාවයකින් නීතිය සංලක්ෂිත කිරීමට ඇය අපොහොසත් වි තිබේ.
වඩාත්ම වැදගත් කාරණය නම්, තීන්දුවේ 76 ඡේදය මගින්, අභියාචනාධිකරණය ඔන්ටාරියෝ නීතිපතිවරයාගේ තර්කය ප්‍රතික්ෂේප කිරීමයි. එම ඡේදය මෙසේ පවසයි: TGEWA හි ප්‍රමුඛ අරමුණ හුදෙක් ජන සංහාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම බව ඔන්ටාරියෝ ඉදිරිපත් කිරීම ද අපි ප්‍රතික්ෂේප කරමු.
නීති විශාරදයින්ට අනුව මෙම තීන්දුව විශ්ව විද්‍යාල, විද්‍යාල සහ පාසල් මණ්ඩලවල විද්වතුන් සහ අධ්‍යාපනඥයින් සඳහා ඓතිහාසික ජයග්‍රහණයකි.
දෙමළ ඊලම් විමුක්ති කොටි (LTTE) යනු ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඒක-වාර්ගික රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව සටන් කළ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායමකි. ශ්‍රී ලංකාවේ හමුදාව 2009 මැයි 18 වන දින එම සංවිධානයේ නායකයා සහ එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකන් විනාශ කර දැමීමෙන් දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළේය.
එතැන් සිට, ශ්‍රී ලංකාවේ සියලුම ජනවාර්ගික කණ්ඩායම් සාමයෙන් හා සමගියෙන් ජීවත් වෙති.
ඔන්ටාරියෝ හි අධ්‍යාපනය සඳහා 104 පනත් කෙටුම්පත භාවිතා කළ නොහැක. එය ස්වයං දැනුවත්භාවය සහ අනුස්මරණ අරමුණු සඳහා පමණක් භාවිතා කළ හැකිය.
(කැනඩාවේ දෙමළ ඩයස්පෝරාව විසින් 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත නමින් එරට ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත් කරන ලද පනත් කෙරුම්පත එරට අධිකරණ හමුවේ අභියෝගයට ලක් කරන්නට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ පිරිසක් කටයුතු කර තිබුණි. කැනඩාවේ ඔන්ටාරියෝ පළාතේ ඉහළ අධිකරණය අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දු තීන්දුව වැරදිසහගත තීන්දුවක් බව ඔන්ටාරියෝ පළාතේ අභියාචනාධිකරණය සහ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබීය. එම නඩු තීන්දුව සම්බන්ධයෙන් Ontario Centre for Policy Research වෙබ් අඩවියේ 2025 මාර්තු මස 28 වන දි පලවූ මාධ්‍ය වාර්තාවේ සිංහල අනුවර්තනය මෙසේ පල කරමු )
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..