News Category
From Date
To Date
Maximum Number of Result

දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව තහවුරු කිරීමට කැනඩාවේ ව්‍යවස්ථාදායකයට ගෙනා පනත කැනඩා නීතියට පටහැනියි- කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Mar 29, 2025 at 11:14 AM
|

ඔන්ටාරියෝ අභියාචනාධිකරණය තීරණය කළ 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA)  ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බවත් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද අනුමත කරනු ලැබීය. ඒ අනුව අදාළ පනත සම්බන්ධයෙන් කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුර විමර්ශන කිරිම අවශ්‍ය නොවන බව 2025 මාර්තු 27 වන දින තීරණය කළ බව අදාළ පනත සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පවසන  ලදී.

ඒ අනුව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය  සහ ඔන්ටාරියෝ අභියාචනාධිකරණය යන අධිකරණ ද්විත්වයම ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වී ඇතැයි යන්න තීරණය කර නොමැත. ඒ අනුව කැනඩාවේ ඉහළම තලයේ අධිකරණ ලබා දුන් තීන්දුව බලාත්මකව පවතින බැවින් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊනියා ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව වන චෝදනාව තවදුරටත් විමසීමක් නොකරනු ඇත.

දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායමක් වන එල්ටීටීඊය කැනඩාවේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගනු ලබයි.

ඔන්ටාරියෝ අභියාචනාධිකරණයේදී ආචාර්ය නෙවිල් හේවගේ විනිසුරු අක්බරාලිගේ තීන්දුවට එරෙහිව සාර්ථකව කරුණු ඉදිරිපත් කරනු ලැබුවේය . ඔන්ටාරියෝ අභියාචනාධිකරණය 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති  පනත් කෙටුම්පතට (104 Tamil Genocide Education Week Act-TGEWA) අධ්‍යාපනික අරමුණු නොමැති බවද තීරණය කළේය.

ඔන්ටාරියෝ අභියාචනාධිකරණය සිය ඓතිහාසික  තීන්දුව ප්‍රකාශයට පත් කරමින්,104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත් (TGEWA)  කෙටුම්පත  සම්බන්ධයෙන් ඔන්ටාරියෝ උසස් අධිකරණයේ විනිසුරු අක්බරාලිගේ තීන්දුව ප්‍රතික්ෂේප කළේය.

1867 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ, 93 වන වගන්තියේ "අධ්‍යාපනය" සම්බන්ධයෙන් දක්වා ඇති පරිදි TGEWA පනත් කෙටුම්පත පළාත් අධිකරණ බලය තුළ නොමැති  විෂයක් බව අභියාචනාධිකරණය නිගමනය කළේය.

තීන්දුවේ (9) ඡේදයේ සඳහන් වන්නේ  "අක්බරාලි විනිසිරුවරිය පනත (TGEWA ) “අධ්‍යාපනික” කාණ්ඩයට ඇතුලත් කර විස්තර කිරීම සමඟ අපි එකඟ නොවෙමු." ලෙසයි.

කැනඩා අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව වැඩිදුර විශ්ලේෂණය කිරීමේදී එහි 54  ඡේදය මෙසේ නිගමනය කර ඇති බව තහවුරු වේ: “අපගේ මතය අනුව, අයදුම්පත සලකා බැලූ පළාත් අධිකරණ විනිසුරුවරිය TGEWA හි ඇතුලත්ව ඇති ප්‍රශ්නය සහ එහි සාරය සංලක්ෂිත කිරීමේදී වැරද්දක් කර ඇති බව තහවුරු වේ. ඒ වෙනුවට විශ්ලේෂණයේ ලක්ෂණ සහ වර්ගීකරණය පැහැදිලිව තබා ගැනීමට සහ ප්‍රමාණවත් නිරවද්‍යතාවයකින් නීතිය සංලක්ෂිත කිරීමට ඇය අපොහොසත් වි තිබේ.

වඩාත්ම වැදගත් කාරණය නම්, තීන්දුවේ 76 ඡේදය මගින්, අභියාචනාධිකරණය ඔන්ටාරියෝ නීතිපතිවරයාගේ තර්කය ප්‍රතික්ෂේප කිරීමයි. එම ඡේදය මෙසේ පවසයි: TGEWA හි ප්‍රමුඛ අරමුණ හුදෙක් ජන සංහාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම බව ඔන්ටාරියෝ ඉදිරිපත් කිරීම ද අපි ප්‍රතික්ෂේප කරමු.

නීති විශාරදයින්ට අනුව මෙම තීන්දුව විශ්ව විද්‍යාල, විද්‍යාල සහ පාසල් මණ්ඩලවල විද්වතුන් සහ අධ්‍යාපනඥයින් සඳහා ඓතිහාසික ජයග්‍රහණයකි.

දෙමළ ඊලම් විමුක්ති කොටි (LTTE) යනු ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඒක-වාර්ගික රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව සටන් කළ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායමකි. ශ්‍රී ලංකාවේ හමුදාව 2009 මැයි 18 වන දින එම සංවිධානයේ නායකයා සහ එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකන් විනාශ කර දැමීමෙන් දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළේය.

එතැන් සිට, ශ්‍රී ලංකාවේ සියලුම ජනවාර්ගික කණ්ඩායම් සාමයෙන් හා සමගියෙන් ජීවත් වෙති.

ඔන්ටාරියෝ හි අධ්‍යාපනය සඳහා 104 පනත් කෙටුම්පත භාවිතා කළ නොහැක. එය ස්වයං දැනුවත්භාවය සහ අනුස්මරණ අරමුණු සඳහා පමණක් භාවිතා කළ හැකිය.


(කැනඩාවේ දෙමළ ඩයස්පෝරාව විසින්  104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත නමින් එරට ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත් කරන ලද පනත් කෙරුම්පත එරට අධිකරණ හමුවේ අභියෝගයට ලක් කරන්නට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ පිරිසක් කටයුතු කර තිබුණි. කැනඩාවේ ඔන්ටාරියෝ පළාතේ ඉහළ අධිකරණය අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දු තීන්දුව වැරදිසහගත තීන්දුවක් බව  ඔන්ටාරියෝ පළාතේ අභියාචනාධිකරණය සහ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබීය. එම නඩු තීන්දුව සම්බන්ධයෙන් Ontario Centre for Policy Research වෙබ් අඩවියේ 2025 මාර්තු මස 28 වන දි පලවූ මාධ්‍ය වාර්තාවේ සිංහල අනුවර්තනය මෙසේ පල කරමු )

https://policy-research.ca/

සම්බන්ධිත පුවත් | Related News

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.