News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ හමුදා යුද්ධ කළේ මම අණ දුන් නිසයි! යුද්ධයට සහභාගි වූ සෙන්පතියන්ට සම්බාධක පැනවීම අර්ථ ශුන්‍යයයි!- හිටපු ජනපති බ්‍රිතාන්‍යය රජයට පවසයි

Mar 26, 2025 at 04:08 PM
|

බ්‍රිතාන්‍ය රජය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හිටපු සන්නද්ධ හමුදා සාමාජිකයන්ට එරෙහිව සම්බාධක පැනවීම කිසිදු තේරුමක් ඇති ක්‍රියාවක් නොවන බවයි. තමා එසේ පවසන්නේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකළ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ තමන් බවත්  ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කිරීම පමණක් බවයි. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...

මාධ්‍ය නිවේදනය

බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම


එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන අයට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම හා බ්‍රිතාන්‍යයේ දේපොළ අයිතිය තහනම් කිරීම් ඇතුළු සම්බාධක බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. අදාල චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බවද සැලකිය යුතුය. එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකළ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මමය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළහ.

2002 සටන් විරාම ගිවිසුම තිබියදීත්, 2002 පෙබරවාරි සිට 2005 සැප්තැම්බර් අවසානය වෙන විට එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතන 363 ක් සිදු කර තිබුණි. 2005 නොවැම්බර් මාසයේදී මා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, එල්ටීටීඊ ප්‍රහාර උත්සන්න විය. මගේ ජනධිපති ධුරයේ මුල් මාස කිහිපය ඇතුලත සිදු වූ බරපතලම ප්‍රහාර අතර 2005 දෙසැම්බර් 4 සහ 6 යන දිනවල යාපනයේදී ක්ලේමෝ බෝම්බ දෙකකින් සොල්දාදුවන් දහතුන් දෙනෙකු මිය යෑම, 2006 ජනවාරි 5 වන දින නාවික යාත්‍රාවකට එල්ල වූ කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් නාවික භටයින් 15 දෙනෙකු මිය යෑම, සහ 2006 අප්‍රේල් මාසයේදී හමුදා මූලස්ථානය තුළ හමුදාපතිවරයාට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය වැනි සිද්ධීන් වේ.

මේ සියල්ල සිදු වී තිබියදීත්, සාමය පවත්වාගෙන යෑම සඳහා මගේ රජය 2006 ජනවාරි සහ ජුනි මාසවලදී ජිනීවා සහ ඔස්ලෝහිදී සාම සාකච්ඡා වට දෙකක් පැවැත්වූ අතර ඒ සාකච්චා වට දෙකම එල්ටීටීඊය විසින් ඒකපාර්ශ්විකව නතර කරන ලදී. යුද්ධය නැවත ආරම්භ කිරීමට මට සිදු වුයේ 2006 ජුනි මාසයේදී කැබිතිගොල්ලාවේදී සාමාන්‍ය සිවිල් වැසියන් ගමන් කළ බස් රථයකට එල්ල වූ එල්ටීටීඊ බිම් බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනෙකු මිය ගොස් 86 දෙනෙකුට බරපතල තුවාල සිදු වූ පසුවය. ඒ සිද්ධියෙන් මිය ගිය බොහෝ දෙනෙක් ළමයින් වූහ. 2006 ජූලි මාසයේදී එල්ටීටීඊය මාවිල්ආරු සොරොව්ව වසා දමා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට වාරි ජලය සැපයීම නතර කළ අවස්ථාවේ සිට හමුදා මෙහෙයුම් ආරම්භ වූ අතර 2009 මැයි 19 වන දින එල්ටීටීඊය සම්පූර්ණයෙන්ම පරාජය කරන තෙක් එම මෙහෙයුම් නතර නොවීය.

යුද්ධය අතරතුර මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වූ බවට බ්‍රිතාන්‍යයේ රජය කරන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරමි. 2017 ඔක්තෝබර් 12 වන දින නේස්බි සාමි වරයා, බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ කළ දේශනයකදී, එවකට කොළඹ සිටි බ්‍රිතාන්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳ තානාපති නිලධාරියා වූ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් ශ්‍රී ලංකා හමුදාවේ විනය ඉහළින් අගය කළ බවත් සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක හමුදාව කිසිසේත්ම නොසිටි බවත් තමාට පැවසූ ආකාරය සිහිපත් කර සිටියේය. ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් යුද කාලයේ ලන්ඩන් වලට යැවූ වාර්තා වල අන්තර්ගතය, බ්‍රිතාන්‍යයේ දේශපාලන බලධාරීන් ප්‍රවර්ධනය කරමින් සිටින මතයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන නිසා, එම වාර්තාවල දැඩි ලෙස සංස්කරණය කරන ලද අනුවාදයක් පමණක් ප්‍රසිද්ධ කර ඇත. අපි යුද්ධ කළේ දෙමළ ජනතාවට එරෙහිව නොව එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පමණක් බව මම අවධාරණය කරමි.

යුද්ධය අවසන් වී මාස කිහිපයකට පසු, යුද කාලීන හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ  පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ විට, දෙමළ ජාතික සන්ධානය 2010 ජනවාරි 6 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු හමුදාපතිවරයාට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවට ආයාචනා කළ අතර ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60% කට වඩා දිනා ගත්තේය, බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින්ද නිෂ්ප්‍රභා වේ. 2004 දී කොටි සංවිධානයෙන් ඉවත් වී පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට සම්බාධක පැනවීම එල්ටීටීඊ විරෝධී දෙමළ ජාතිකයන්ට දඬුවම් කිරීම තුළින්  එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව පිනවීමට ගත්  පියවරක් බව පැහැදිලිය.

2009 අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස බල කර සිටි අවස්ථාවේදී මම එය එකහෙළාම ප්‍රතික්ෂේප කළෙමි. පසුව, විකිලීක්ස් විසින් ප්‍රසිද්ධ කරන ලද රහස් ලියවිලි උපුටා දක්වමින් ලන්ඩනයේ ද ටෙලිග්‍රාෆ් පුවත්පත හෙළි කළේ මිලිබෑන්ඩ් මහතා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට දෙමළ ඡන්ද දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ යුද්ධයට මැදිහත් වීමට උත්සාහ කළ බවයි. අද දක්වාම, එල්ටීටීඊයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආණ්ඩු වල ස්ථාවරය මේ ඡන්ද කුට්ටි දේශපාලනයෙන්  තීරණය වෙන බව කණගාටුවෙන් වුවත් කිව යුතුය.

දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27,965 දෙනෙකුගේ ජීවිත පමණක් නොව දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් තවත් දහස් ගණනකගේද ජීවිත නැති විය. 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008 දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානයයි. විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ල වෙන නීතිමය පීඩාවලින් තමන්ගේ සන්නද්ධ හමුදාවන් ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය 2021දී සහ 2023 දී විශේෂ නීති සම්පාදනය කළ බවද අප මෙහිදී සිහිපත් කළ යුතුය.

එබැවින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධාන වලින් එල්ල වෙන තාඩන පීඩන වලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි මම අපේක්ෂා කරමි.

මහින්ද රාජපක්ෂ

නායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.