අදානි ගියාට රනිල් දුකෙන්
ශ්‍රී ලංකාවට මහාපරිමාණ විදේශ ආයෝජන නොලැබෙන බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කනස්සල්ල පළකර තිබේ.
එමෙන්ම ඔහු අනතුරු අඟවන්නේ, ඩොලර් මිලියන 700 ක වටිනාකමකින් යුත් අදානි (Adani) ව්‍යාපෘතිය ඇණහිටීම හේතුවෙන් රටේ ආර්ථික ප්‍රකෘතියට විශාල පසුබෑමක් සිදුවනු ඇති බවයි.
“අදානි ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් පමණ වනවා. එය විහිළුවක් නෙමෙයි. අපට යථා තත්ත්වයට පත් වීමට එම මුදල් අවශ්‍යයි,” යනුවෙන් පැවසූ රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ, ත්‍රිකුණාමලයේ අතිරේක සංවර්ධන ව්‍යාපෘති මගින් තවත් ඩොලර් මිලියන 400-500ක් පමණ ගෙන ඒමට හැකිව තිබූ බවයි.
“නිකමට සිතන්න – ඩොලර් බිලියනයකට වඩා වැඩි ආයෝජන නතර කරලා තිබෙනවා” යනුවෙන් දෙරණ නාලිකාවේ විකාශය වූ ‘@Hydepark’ වැඩසටහන සමග එක්වෙමින් පැවසූ රනිල් වික්‍රමසිංහ, වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන අවිනිශ්චිත ස්ථාවරය පිළිබඳව, විශේෂයෙන්ම 2023 ඉන්දු-ශ්‍රී ලංකා දැක්ම ලේඛනය යටතේ සිය කැපවීම් සම්බන්ධයෙන් කලකිරීමක් පවතින බවයි.
“මට මෑතකදී මුණගැසුණා බොහෝ ඉන්දියානුවන්, එය මට ලැජ්ජාවක් වුණා. මෙම ව්‍යාපෘති සළකා බලමින් පවතින බව මම ඔවුන්ට පැවසුවා. නමුත් සත්‍යය නම්, ඔවුන් තවමත් සළකා බලනවාද නැතහොත් ප්‍රතික්ෂේප කර තිබේද යන්න මම දන්නේ නෑ,” යනුවෙන් ද ඔහු එහිදී පැවසුවේය.
මෙම ආයෝජනවල ප්‍රමාදයන් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතාවලට හානි කළ හැකි අතර, අනෙකුත් ආයෝජකයන්ගේ පැමිණීම වළක්වනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීය.
“ඉන්දියාව අපේ රට තුළ ආයෝජනය කළ පසු ඒක අනෙක් අය අනුගමනය කරයි. 2050 වන විට ඉන්දියාව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වෙන්න පුලුවන්. අපට වර්ධනය අවශ්‍ය වන අතර එය සාක්ෂාත් කරගැනීමට ඇති එකම ක්‍රමය වෙනත් රටවල් සමඟ වැඩකිරීම සහ විදේශ ආයෝජන සඳහා ආකර්ශනීය පරිසරයක් නිර්මාණය කිරීමයි” ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයකට පැමිණ ඇති බව පිළිගත් රනිල් වික්‍රමසිංහ පැවසුවේ දිගුකාලීන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පවතින බවයි.
“මේ වන විට, අපි ස්ථාවර වෙමින් සිටිනවා, තවත් කිසිවක් නැහැ ඉදිරියට යාමට, අපට විශාල වෙනස්කම් අවශ්‍ය වෙනවා. අපි දුප්පත් වීමට අවශ්‍ය නැහැ. අපට ඩොලර් ට්‍රිලියන ආර්ථිකයක් ගොඩනගා ගත හැකිය, අපි ඒ සඳහා යා යුතුයි,” ඔහු සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..