
ගම්මන්පිල නිදොස් කොට නිදහස්
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා විසින් එම තීන්දුව ලබා දුන්නේය.
විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන හෙයින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වනදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරුන්ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
මෙම නඩුවේ විත්තිකාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර විත්තිකාර සිඩ්නි ජයසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යොහාන් අබේවික්‍රම මහතා පෙනී සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
