මුස්ලිම්වරුන් මතවාදී අරගලයකට සූදානම් විය යුතු යැයි මුහුණුපොතේ මත පළ කළ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා... වන්දි ගෙවන්නැයි රජයට නියෝග
මුස්ලිම්වරුන් මතවාදී අරගලයකට වහාම සූදානම් විය යුතු බවට සිය මුහුණු පොත ඔස්සේ මතයක් පළකළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි නමැත්තා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එයට වන්දියක් ලෙස එම පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවන ලෙසට රජයට නියම කළේය.
එයට අමතරව පෙත්සම්කරුට සිය පෞද්ගලික මුදලින් මාසයක් ඇතුළත රපියල් තිස්දහස බැගින් වන්දි ගෙවන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතාට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
පසුගිය කොරෝනා සමයේදී එනම් 2020.04.02 වැනිදා එම පෙත්සම්කරු සිය මුහුණු පොතේ සටහනක් තබමින් ජාතිවාදී කල්ලි ඉතාමත් සූක්ෂ්ම ආකාරයට දියත් කරනු ලබන මුස්ලිවරුන්ට එරෙහි බුද්ධි මෙහෙයුමට මුහුණදීම සඳහා මුස්ලිම්වරුන් මතවාදී අරගලයකට සූදානම් විය යුතුය යන මතය සිංහල භාෂාවෙන් පළකිරීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලනඥ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි චෝදනා කරමින් එම පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එලෙස අත්අඩංගුවට ගෙන පුරා මාස පහකට අධික කාලයක් රැඳවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නිගමනය කරන ලෙස ඉල්ලා, නීතිඥ මුස්තාපා කමල් බැඩා රම්සීන් මහතා මගින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ බුවනෙක අලුවිහාරේ, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරු එම නියෝග කළහ.
පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් හා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් පෙත්සම්කරුට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතීන් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල මෙවැනි අසාධාරණ ක්‍රියා මින්මතු නොවීමට අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කර පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙසට ද නීතිපතිවරයාට නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..