News Category
From Date
To Date
Maximum Number of Result

අල්ජසීරා, ඩයස්පෝරා - රනිල් ,අනුර නළුවන්ගේ බටලන්ද නාටකයේ අවසන් අරමුණ කුමක්ද? - ජාතික සංවිධාන එළිදරව්ව

Mar 18, 2025 at 01:04 PM
|

බටලන්ද වාර්තාව මුල් කරගෙන විවිධ පාර්ශවය විසින් එකිනෙකට පරස්පර විවිධ මතවාදී පළ කිරීම් තුළ මෙම ක්‍රියාවලියේ අවසානය කුමක් විය හැකිද යන්න පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය නැවත වටයකින් විමසන ලදී.  මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්..

අල්ජසීරා මාධ්‍යවේදියා විසින් බටලන්ද බෝම්බය පත්තු කිරීමෙන් පසුව හදිසියේම අර්බුදයට ලක්වූ විවිධ පාර්ශ්ව විසින් හදිසි ප්‍රතිචාර ලෙස විවිධ ක්‍රියාමාර්ගවලට එළඹුණු ආකාරය සහ විවිධ ප්‍රකාශ සිදුකරන ආකාරය දැකගත හැකි විය. ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අපරාධකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සහ අපරාධ නීතිය යටතේ  ඔහුට දඬුවම් කිරීමේ උවමනාව විවිධ පාර්ශ්වවලින් ද දැඩි ලෙස අවධාරණය විය. එහෙත් එම හැඟුම්බර ක්‍රියාමාර්ගවලට යම් පාර්ශව අවංකව එළඹුණාවිය හැකි වුවද ඔවුන් ප්‍රශ්නය ගැඹුරින් අධ්‍යයනය කළ බවක් නොපෙනුනි. ඒ පිළිබඳව අප මීට පෙර පැහැදිලි කළා. බටලන්ද කොමිසම පිහිටුවන ලද නීතිය යටතේ ප්‍රජා අයිතිය අහෝසි කළ නොහැකි බව සහ අණදීමේ වගකීමට අදාළව අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලු ආදී වශයෙන්.

දැන් බෝම්බයේ දුහුවිලි බිමට පතිත වී ඇති තත්ත්වයක් යටතේ සිහි බුද්ධිය ඇතිව, විවිධ සුවිශේෂී පාර්ශ්ව විසින් අවස්ථාව යොදා ගනිමින් කරනු ලබන ප්‍රකාශ විශ්ලේෂණය කළහොත් සමස්තය සැලසුම් සහගතව දියත් වූ මෙහෙයුමක් බව පැහැදිලි වේ. උදාහරණ ලෙස එක් පැත්තකින් කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව අවසාන යුක්තිය ඉල්ලා අවසන් සටනක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර ඩයස්පෝරාවේ සහ බෙදුම්වාදී බලවේගවල ප්‍රධාන නියාචාර්යවරයෙකු සහ ප්‍රකාශකයකු වන ජෙහාන් පෙරේරා සඳහන් කරන්නේ උතුරේ බෙදුම්වාදී ගැටුම්, පාස්කු ප්‍රහාරය වැනි ආගමික අන්තවාදී ගැටුම් සහ  දකුණේ  ආණ්ඩු විරෝධී ගැටුම් ආදී සියලු ගැටුම් වලින් සහ රාජ්‍යය ඊට ප්‍රතිචාර ලෙස ගනු ලැබූ ක්‍රියාමාර්ගවලින් සමාජය තුළ බරපතළ සහ දීර්ඝකාලීන මානසික පීඩාවක් ඇතිවී ඇති බවය.

ඊට පිළිතුරු ලෙස ඔහු ඉදිරිපත් කරන්නේ විජිත හේරත් ඇමතිවරයා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී පොරොන්දු වූ ආකාරයට සත්‍ය සෙවීමේ කොමිසම තවදුරටත් පුළුල් කර ක්‍රියාත්මක කිරීමය. ඊට සමගාමීව යම් විද්වතුන් විසින් පවසන්නේ පළිගැනීම, ප්‍රතිප්‍රහාරදීම, දඩුවම් කිරීම ආදිය වෙනුවට ප්‍රතිසන්ධානය මගින් සමාජය සුවපත් කළ යුතු බවය. ඒ අනුව සමස්තය අවසානයේ ලඝු වන්නේ කොතනටද යන්න පැහැදිලි වේ. එම තත්ත්වය තුළ පාර්ලිමේන්තු විවාද, විවිධ විද්වත් කතිකාවන් සහ විවිධ දේශපාලන බලවේග සහ සුවිශේෂී පුද්ගලයන් විසින් ඇතිකරනු ලබන බලපෑම් මෙන්ම ජාත්‍යන්තර බලපෑම් මගින් ද අවසාන විසඳුම සත්‍ය සෙවීමේ කොමිසම පුළුල් කර බල ගැන්වීම බවට සාධාරණීකරණය කිරීමේ හැකියාව ඇත. ඒ අනුව ආණ්ඩුවටද ගෞරවාන්විතව කුමන්ත්‍රණයට දායක වීමේ ඉඩ ලැබෙන අතර සත්‍ය සෙවීමේ කොමිසමට එරෙහිව පවතින සමාජ විරෝධය සමනය කිරීම හෝ නොසලකා කටයුතු කිරීම සඳහා අවස්ථාව නිර්මාණය වේ.

 ඒ අනුව සත්‍ය සෙවීමේ කොමිසමට 83 ජාතිවාදී ගැටුම් , 88-89 සිවිල් ගැටුම්, බෙදුම්වාදී ගැටුම් සහ පාස්කු ප්‍රහාරය සහ ඊට පෙර ආගමික අන්තවාදී ගැටුම් ආදී සියල්ල ඇතුළත් වනු ඇත. අවසානයේදී බෙදුම්වාදීන්, ජාතිවාදීන්, යම් දේශපාලන පක්ෂවල මැර කණ්ඩායම්, රෝ සංවිධානය සහ ආගමික අන්තවාදීන් සිදුකළ සියලු අපරාධවලින්  ඔවුන් නිදහස් කරමින් ආරක්ෂක හමුදාවලට එරෙහිව චෝදනා එල්ල කිරීමේ සහ  එම ක්‍රියාවලිය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම මගින් ආරක්ෂක හමුදාවල ගෞරවය සහ මානසික ශක්තිය බිඳවැට්ටවීමේ ක්‍රියාවලිය දියත් වනු ඇත. ඔවුන්ගේ අවසාන අරමුණ වන්නේ ආරක්ෂක හමුදාවලට මහා පරිමාණයෙන් දඬුවම් කිරීමට වඩා තෝරා ගත් පිරිසකට දේශීයව  සහ විදේශීය රටවල නඩු පැවරීමට සහ වරෙන්තු නිකුත් කිරීම, පිටුවහල් කිරීමේ නියෝග නිකුත් කිරීම, ආදිය මගින් ආරක්ෂක හමුදා බිඳවැට්ටවීමය.  එය පළාත් සභා මැතිවරණයෙන් පසුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මකකිරීම මගින් ඊළාම් රාජ්‍යය නිර්මාණය කිරීම දක්වා වන  බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම ගමන් කිරීම සඳහා පූර්ව කොන්දේසියකි. දැනටමත් ආරක්ෂක හමුදාවල ගෞරවයට හානිකර මාධ්‍ය මෙහෙයුමක් දියත් වී ඇති අතර ඒ සදහා ආණ්හාඩුවේ යම් පාර්ශ්වවල  ආශිර්වාදය ද ලැබී ඇති බවද පෙනී යයි. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ආරක්ෂක හමුදා පිරිස් බලය අඩු කිරීමේ ක්‍රියාවලියද වර්තමාන රජය යටතේ දියත් වී ඇත. පසුගිය වසරේදී පමණක් 8000ක් හමුදා සාමාජිකයන් දැනුම් දීමෙන් තොරව හමුදාව අතහැර ගොස් ඇති අතර ඒ අතුරින් 150කට වැඩි පිරිසක් ඉහළ නිලධාරීන් වේ. අවසානයේදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ උසිගන්වනු ලබන ඊනියා මහජන ගැටුම් මගින් ආරක්ෂක හමුදාවලට උතුරේ කඳවුරු අතහැර යෑමට සිදුකෙරෙන බලපෑම් වලට යටත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්වයක් ඇති කිරීම ද බෙදුම්වාදී මාර්ග සිතියමේ පූර්ව කොන්දේසියකි. 

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.