අල්ජසීරා, ඩයස්පෝරා - රනිල් ,අනුර නළුවන්ගේ බටලන්ද නාටකයේ අවසන් අරමුණ කුමක්ද? - ජාතික සංවිධාන එළිදරව්ව
බටලන්ද වාර්තාව මුල් කරගෙන විවිධ පාර්ශවය විසින් එකිනෙකට පරස්පර විවිධ මතවාදී පළ කිරීම් තුළ මෙම ක්‍රියාවලියේ අවසානය කුමක් විය හැකිද යන්න පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය නැවත වටයකින් විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්..
අල්ජසීරා මාධ්‍යවේදියා විසින් බටලන්ද බෝම්බය පත්තු කිරීමෙන් පසුව හදිසියේම අර්බුදයට ලක්වූ විවිධ පාර්ශ්ව විසින් හදිසි ප්‍රතිචාර ලෙස විවිධ ක්‍රියාමාර්ගවලට එළඹුණු ආකාරය සහ විවිධ ප්‍රකාශ සිදුකරන ආකාරය දැකගත හැකි විය. ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අපරාධකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සහ අපරාධ නීතිය යටතේ ඔහුට දඬුවම් කිරීමේ උවමනාව විවිධ පාර්ශ්වවලින් ද දැඩි ලෙස අවධාරණය විය. එහෙත් එම හැඟුම්බර ක්‍රියාමාර්ගවලට යම් පාර්ශව අවංකව එළඹුණාවිය හැකි වුවද ඔවුන් ප්‍රශ්නය ගැඹුරින් අධ්‍යයනය කළ බවක් නොපෙනුනි. ඒ පිළිබඳව අප මීට පෙර පැහැදිලි කළා. බටලන්ද කොමිසම පිහිටුවන ලද නීතිය යටතේ ප්‍රජා අයිතිය අහෝසි කළ නොහැකි බව සහ අණදීමේ වගකීමට අදාළව අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලු ආදී වශයෙන්.
දැන් බෝම්බයේ දුහුවිලි බිමට පතිත වී ඇති තත්ත්වයක් යටතේ සිහි බුද්ධිය ඇතිව, විවිධ සුවිශේෂී පාර්ශ්ව විසින් අවස්ථාව යොදා ගනිමින් කරනු ලබන ප්‍රකාශ විශ්ලේෂණය කළහොත් සමස්තය සැලසුම් සහගතව දියත් වූ මෙහෙයුමක් බව පැහැදිලි වේ. උදාහරණ ලෙස එක් පැත්තකින් කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව අවසාන යුක්තිය ඉල්ලා අවසන් සටනක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර ඩයස්පෝරාවේ සහ බෙදුම්වාදී බලවේගවල ප්‍රධාන නියාචාර්යවරයෙකු සහ ප්‍රකාශකයකු වන ජෙහාන් පෙරේරා සඳහන් කරන්නේ උතුරේ බෙදුම්වාදී ගැටුම්, පාස්කු ප්‍රහාරය වැනි ආගමික අන්තවාදී ගැටුම් සහ දකුණේ ආණ්ඩු විරෝධී ගැටුම් ආදී සියලු ගැටුම් වලින් සහ රාජ්‍යය ඊට ප්‍රතිචාර ලෙස ගනු ලැබූ ක්‍රියාමාර්ගවලින් සමාජය තුළ බරපතළ සහ දීර්ඝකාලීන මානසික පීඩාවක් ඇතිවී ඇති බවය.
ඊට පිළිතුරු ලෙස ඔහු ඉදිරිපත් කරන්නේ විජිත හේරත් ඇමතිවරයා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී පොරොන්දු වූ ආකාරයට සත්‍ය සෙවීමේ කොමිසම තවදුරටත් පුළුල් කර ක්‍රියාත්මක කිරීමය. ඊට සමගාමීව යම් විද්වතුන් විසින් පවසන්නේ පළිගැනීම, ප්‍රතිප්‍රහාරදීම, දඩුවම් කිරීම ආදිය වෙනුවට ප්‍රතිසන්ධානය මගින් සමාජය සුවපත් කළ යුතු බවය. ඒ අනුව සමස්තය අවසානයේ ලඝු වන්නේ කොතනටද යන්න පැහැදිලි වේ. එම තත්ත්වය තුළ පාර්ලිමේන්තු විවාද, විවිධ විද්වත් කතිකාවන් සහ විවිධ දේශපාලන බලවේග සහ සුවිශේෂී පුද්ගලයන් විසින් ඇතිකරනු ලබන බලපෑම් මෙන්ම ජාත්‍යන්තර බලපෑම් මගින් ද අවසාන විසඳුම සත්‍ය සෙවීමේ කොමිසම පුළුල් කර බල ගැන්වීම බවට සාධාරණීකරණය කිරීමේ හැකියාව ඇත. ඒ අනුව ආණ්ඩුවටද ගෞරවාන්විතව කුමන්ත්‍රණයට දායක වීමේ ඉඩ ලැබෙන අතර සත්‍ය සෙවීමේ කොමිසමට එරෙහිව පවතින සමාජ විරෝධය සමනය කිරීම හෝ නොසලකා කටයුතු කිරීම සඳහා අවස්ථාව නිර්මාණය වේ.
ඒ අනුව සත්‍ය සෙවීමේ කොමිසමට 83 ජාතිවාදී ගැටුම් , 88-89 සිවිල් ගැටුම්, බෙදුම්වාදී ගැටුම් සහ පාස්කු ප්‍රහාරය සහ ඊට පෙර ආගමික අන්තවාදී ගැටුම් ආදී සියල්ල ඇතුළත් වනු ඇත. අවසානයේදී බෙදුම්වාදීන්, ජාතිවාදීන්, යම් දේශපාලන පක්ෂවල මැර කණ්ඩායම්, රෝ සංවිධානය සහ ආගමික අන්තවාදීන් සිදුකළ සියලු අපරාධවලින් ඔවුන් නිදහස් කරමින් ආරක්ෂක හමුදාවලට එරෙහිව චෝදනා එල්ල කිරීමේ සහ එම ක්‍රියාවලිය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම මගින් ආරක්ෂක හමුදාවල ගෞරවය සහ මානසික ශක්තිය බිඳවැට්ටවීමේ ක්‍රියාවලිය දියත් වනු ඇත. ඔවුන්ගේ අවසාන අරමුණ වන්නේ ආරක්ෂක හමුදාවලට මහා පරිමාණයෙන් දඬුවම් කිරීමට වඩා තෝරා ගත් පිරිසකට දේශීයව සහ විදේශීය රටවල නඩු පැවරීමට සහ වරෙන්තු නිකුත් කිරීම, පිටුවහල් කිරීමේ නියෝග නිකුත් කිරීම, ආදිය මගින් ආරක්ෂක හමුදා බිඳවැට්ටවීමය. එය පළාත් සභා මැතිවරණයෙන් පසුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මකකිරීම මගින් ඊළාම් රාජ්‍යය නිර්මාණය කිරීම දක්වා වන බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම ගමන් කිරීම සඳහා පූර්ව කොන්දේසියකි. දැනටමත් ආරක්ෂක හමුදාවල ගෞරවයට හානිකර මාධ්‍ය මෙහෙයුමක් දියත් වී ඇති අතර ඒ සදහා ආණ්හාඩුවේ යම් පාර්ශ්වවල ආශිර්වාදය ද ලැබී ඇති බවද පෙනී යයි. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ආරක්ෂක හමුදා පිරිස් බලය අඩු කිරීමේ ක්‍රියාවලියද වර්තමාන රජය යටතේ දියත් වී ඇත. පසුගිය වසරේදී පමණක් 8000ක් හමුදා සාමාජිකයන් දැනුම් දීමෙන් තොරව හමුදාව අතහැර ගොස් ඇති අතර ඒ අතුරින් 150කට වැඩි පිරිසක් ඉහළ නිලධාරීන් වේ. අවසානයේදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ උසිගන්වනු ලබන ඊනියා මහජන ගැටුම් මගින් ආරක්ෂක හමුදාවලට උතුරේ කඳවුරු අතහැර යෑමට සිදුකෙරෙන බලපෑම් වලට යටත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්වයක් ඇති කිරීම ද බෙදුම්වාදී මාර්ග සිතියමේ පූර්ව කොන්දේසියකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි