
සත්ව සංගණනයෙන් වඩාත්ම සතුටුවෙන පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි - යසස් ධර්මදාස
පසුගියදා නිමාවුන සත්ව සංගණනය පිළිබඳව ලංකා ලීඩර් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා හිටියේ සත්ව සංගණනය පිළිබඳව වඩාත්ම සතුටුවන පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතා විය හැකි බවයි. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.
"මැස්ලෝගේ අවශ්‍යතා පිරමීඩයට අනුව පුද්ගලයෙකුගේ හෝ සමාජයක අවශ්‍යතාවයන් තීරණය වන්නේ ඔහු හෝ සමාජය ඉන්නා ස්තරය අනුවයි. එනම්, අඩු මට්ටමේ අවශ්‍යතා පුරවා ගෙන මනෝභාවයේ ඉහළ මට්ටමක් අපේක්ෂා කළ හැකි බවයි. එහිදී පහලම මට්ටම ශාරීරික අවශ්‍යතාවයන්ද, ඊළඟ ඉහල මට්ටම ආරක්ෂාව සහ ආරක්ෂක අවශ්‍යතාද, තුන්වන ඉහළ මට්ටම සමාජීය අවශ්‍යතාද, හතරවන මට්ටම ගෞරවය පිළිබඳව අවශ්‍යතාවයද, පස්වන සහ ඉහලම මට්ටම වන්නේ අධ්‍යාත්මික අවශ්‍යතා ආදියද වෙයි".
"මෙහිදී ආරක්ෂාව පිළිබඳව අවශ්‍යතා සම්පූර්ණ නොමැතිනම් සාමාජීය අවශ්‍යතාවයන් පිළිබඳව සිතීමට කාලයක් නොලැබේ. ඒ අනුව සළකන විටදී සාමාජීය අවශ්‍යතාවයක් ලෙස සත්ව සංගණනය කිරීමට හැකිවූයේ ආරක්ෂාව පිළිබඳව අවශ්‍ය මූලික කටයුතු සියල්ල මැනවින් සපුරා තිබුණ බැවිනි. යම් හෙයකින් කොටි ත්‍රස්ථවාදී යුද්ධය මීට වසර පහළොවකට පෙර අවසන් නොකර තිබුනේනම් රජයට වඳුරන් නොව සුඩානයේ මෙන් පාර දෙපස මළමිනී ගනන් කිරීමට සිදුවන්නට ඉඩ තිබුණි. සමහර ඇමතිවරුන් සංගණනය කෙසේ වෙතත් විනාඩි කිහිපයක් සත්ව සන්දර්ශනය විඳිමින් ගතකරපු එම කාළය නොලැබෙන්නට බොහෝ දුරට ඉඩ තිබුණි. එසේනම්, රටේ ආරක්ෂාව ස්ථාඵනය කළා වූ ඒ අසහාය නායක තුමාට මෙසේ මැති ඇමතිවරු කෙළිදෙලෙන් යුක්තව සත්ව සංගණනයේ යෙදෙනවා දැකීම එතුමාගේ චිත්ත ප්‍රීතියට හේතු නොවන්නේ යැයි සිතිය නොහැක".
"එසේම වසර 15 කට පෙර යහපාලනයක් හෙවත් හතරවන මට්ටමේ ජීවිතයක් බලාපොරොත්තුඋන ජාතියකට අද මේ වනවිට එම පිරමීඩයේ පහළම මට්ටමේ අවශ්‍යතාවයක් වන ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජීවන අරගලයක යෙදීමට සිදුව ඇත. මීට හේතුව, විද්‍යාත්මක නොවන එහෙත් අවබෝධයෙන් යුක්තව ප්‍රකාශ කරන ලද කාරණා විය හැකියි".
"තව දුරටත් එම විනාෂකාරී ප්‍රපාතයට යෑමේ ප්‍රතිඵලයක් විය හැක්කේ අද සිරියාව මුහුණ දී ඇති තත්ත්වය දක්වා එය වර්ධනය වීම විය හැකියි. රෝහින්ගයා සරණාගතයින් වීසා ඉල්ලීම ආදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ගෝෂණයන්හි යෙදීමද එම පාරාජිකා ගමනේ තවත් අවස්ථාවක් විය හැක. එබැවින්, තවදුරටත් නවක රජයක් යැයි කල්මැරීමේ හා හුරතල්වීමේ ව්‍යාධියෙන් මිදී ආරක්ෂාව පිළිබඳව රටේ ඇතිවෙමින් පවතින්නාවූ ආරාජික බවින් මුදවා ගැනීමට වහා ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොමැතිව පෝය දෙකෙන් ඉවරකිරීම හා බංකු පුටු අරන් ටියුෂන් ලබා ගැනීමට ජනතාව පෝලිමේ පැමිනෙන්න යනාදී අපේක්ෂාවෙන් වහසිබස් දෙඩවීමෙන් රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය, ආදිය ආරක්ෂා කරගත නොහැක."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
