News Category
From Date
To Date
Maximum Number of Result

බටලන්ද ප්‍රමුඛ 88-89 වධකාගාර සමූහය තුළ වද බන්ධනයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන්නේ කෙසේද? ජාතික සංවිධාන පහදා දෙයි.

Mar 17, 2025 at 09:25 AM
|

2002 දී ව්‍යස්ථාවට පටහැනිව සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම සහ කොටි ත්‍රස්තවාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදී සූඩානයේදී සිදු කළ ආකාරයට රට බෙදා වෙන්කර අමු සොහොනක් කිරීමට උත්සාහ කිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා දේශද්‍රෝහී සහ රාජ්‍යද්‍රෝහී අපරාධයකට වරදකරුවෙකු වන බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කිරීම සහ ඉන්පසුව බටලන්ද වධකාගාරයට අදාළව එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට පවතින සංවාදය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ  අදහස ඔහුගේ වචනයෙන්.

‘‘ කාන්තාවක් දූෂණය කිරීමට තැත් කිරීම යනු දුෂණය කිරීම වැනිම වූ අපරාධ නීතිය යටතේ වරදක් බව මා සඳහන් කළා. එය රාජ්‍යයට ද්‍රෝහී වීමට අදාළව එසේ උත්සාහ කිරීම සහ එසේ වුවත් එය කළ නොහැකි වීම නිසා අදාළ පුද්ගලයාට දඬුවම් කළ හැකිද යන්න සොයා බැලිය යුතු බව මා සඳහන් කළා. නමුත් බටලන්ද කොමිෂන් වාර්තාවට අදාළව ගත්විට මා දන්නා තරමින් එම කොමිසම පත් කරන්නේ 1948 විශේෂ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ මිස 1978 ජනාධිපති විමර්ශන කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ නොවේ. ඒ නිසා එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනාවක් සම්මත කිරීම මගින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න නීතිමය ප්‍රතිපාදන නැහැ. 

 එසේ වුවත් එම කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කරලා එහි අඩංගු නිර්දේශ අනුව අනාගතයේදී එවැනි දේ සිදු නොවීම සඳහා නීතිමය සහ ආයතනමය ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.  දෙවැන්න නීතිපතිවරයාට යොමු කර අපරාධ නීතිය යටතේ චෝදනා ගොනු කරන්නත් පුළුවන්. එහෙත් අපේ රටේ අපරාධ නීතියට අදාළව මා දන්නා තරමින් අණදීමේ වගකීම පිළිබඳව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. 

 රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවන්නේ අපරාධවලට අදාළව නිසි නීතිමය බලයක් නොමැතිව ඒ සඳහා අණදීම පිළිබඳව චෝදනාවල්. ඒ නිසා ඔහු කළ අපරාධ වලින් ඔහුට නීතියෙන් ගැලවීම සඳහා වැඩි ඉඩක් ලැබෙනවා.  කෙසේ වෙතත් ඔහු විසින් පසුකාලීනව යහපාලන ආණ්ඩුව යටතේ සම්මත කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත සහ අතුරුදහන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත අනුව රණවිරුවන්ට එරෙහිව අතීතයට බලපාන පරිදි සහ සාක්ෂි ආඥ පනත අදාල නොවන ලෙස පරීක්ෂණ පවත්වා දඬුවම් කළ හැකියි. 

රනිල් වික්‍රමසිංහ මහතා 88-89  කාලයේදී අතුරුදහන් කිරීම් වලටත් අණදුන් බවට විවාදයක් නැතත් ඔහුට නීත්‍යානුකූල අණදීමේ බලයක් නොතිබූ බැවින් එම පනත් යටතේ එනම් ඔහුගේ පනත් යටතේ ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. නමුත් වද බන්ධනයන්ට ලක්වූවන්ට සහ ඝාතනයට ලක්වූවන්ට මෙන්ම බොහෝ කැප කිරීම් කළ එහෙත් ජීවිතය රැක ගැනීමට හැකි වූ සියලු මිනිසුන්ට සාධාරණය ඉටු කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා. ඒවා කෙටියෙන් මෙසේ දැක්විය හැකියි

1. වද බන්ධනයට ලක්වූවන් එසේ ලක්වීමට හේතු වූ දේශපාලන සාධකය එනම් ඔවුන්ගේ දේශපාලන අරමුණුවලට ගරු කිරීමය. ඒ අනුව ආණ්ඩුව ඔවුන්ගේ නාමයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුය. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක නොකරන බවට සහ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අදාල ප්‍රකාශිත හෝ සැඟවුණු කිසිදු ක්‍රියාවකට ඉඩ නොදන බවට මෙන්ම ඉන්දියානු ව්‍යාප්තවාදය හෙවත් මහාභාරත් න්‍යායට අනුව ඉන්දියාවෙන් එල්ල වන බලපෑම් වලට යටත් නොවන බවට ජනාධිපතිවරයා විසින් සහ ආණ්ඩුවේ ප්‍රබලයින් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම.

2. පරණගම කොමිසම හෙවත් අතුරුදහන්වීම් පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ වාර්තාව සහ එම කොමිසමේ දෙවන බළාධිකාරියේ යටතේ රණවිරුවන්ට එරෙහිව එල්ල වූ යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභා කිරීම මුල්කරගෙන කැඳවන ලද ජාත්‍යන්තර විශේෂඥ වාර්තා 6ක් පාර්ලිමේන්තුවේ සභාගත කර විවාදයට ලක් කිරීම.

3. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී විදේශ අමාත්‍යවරයා විසින් පොරොන්දු වූ පරිදි සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම මගින් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම දක්වා වන ගමනට පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය අත්හිටුවන බව සහ එය වැරදි  උපදේස් මත ඇති කරගත් එකඟතාවයක් බව ප්‍රකාශයට පත් කිරීම. 

4. ඊට සමගාමීව ස්වභාවික යුක්තිය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව  එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා පිළිබඳව විධිමත්ව  නීතිමය සහ කරුණුමය සාක්ෂි අනුව ප්‍රතිඋත්තර බැඳීමට අවස්ථාව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම සහ ඒ සදහා පරණගම කොමිසම යටතේ ලබාගත් ජාත්‍යන්තර විශේෂඥ වාර්තා යොදා ගැනීම. 

5. සියලු ඝාතනවල ප්‍රධාන සංකේතයක් වන අත්අඩංගුවට ගෙන සිටියදී රෝහණ විජේවීර මහතා වෙඩි තබා ඝාතනය කර පණපිටින් ආදාහනාගාරයට විසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාවක් පත් කිරීම.

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.