News Category
From Date
To Date
Maximum Number of Result

බටලන්ද ප්‍රමුඛ 88-89 වධකාගාර සමූහය තුළ වද බන්ධනයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන්නේ කෙසේද? ජාතික සංවිධාන පහදා දෙයි.

Mar 17, 2025 at 09:25 AM
|

2002 දී ව්‍යස්ථාවට පටහැනිව සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම සහ කොටි ත්‍රස්තවාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදී සූඩානයේදී සිදු කළ ආකාරයට රට බෙදා වෙන්කර අමු සොහොනක් කිරීමට උත්සාහ කිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා දේශද්‍රෝහී සහ රාජ්‍යද්‍රෝහී අපරාධයකට වරදකරුවෙකු වන බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කිරීම සහ ඉන්පසුව බටලන්ද වධකාගාරයට අදාළව එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට පවතින සංවාදය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ  අදහස ඔහුගේ වචනයෙන්.

‘‘ කාන්තාවක් දූෂණය කිරීමට තැත් කිරීම යනු දුෂණය කිරීම වැනිම වූ අපරාධ නීතිය යටතේ වරදක් බව මා සඳහන් කළා. එය රාජ්‍යයට ද්‍රෝහී වීමට අදාළව එසේ උත්සාහ කිරීම සහ එසේ වුවත් එය කළ නොහැකි වීම නිසා අදාළ පුද්ගලයාට දඬුවම් කළ හැකිද යන්න සොයා බැලිය යුතු බව මා සඳහන් කළා. නමුත් බටලන්ද කොමිෂන් වාර්තාවට අදාළව ගත්විට මා දන්නා තරමින් එම කොමිසම පත් කරන්නේ 1948 විශේෂ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ මිස 1978 ජනාධිපති විමර්ශන කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ නොවේ. ඒ නිසා එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනාවක් සම්මත කිරීම මගින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න නීතිමය ප්‍රතිපාදන නැහැ. 

 එසේ වුවත් එම කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කරලා එහි අඩංගු නිර්දේශ අනුව අනාගතයේදී එවැනි දේ සිදු නොවීම සඳහා නීතිමය සහ ආයතනමය ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.  දෙවැන්න නීතිපතිවරයාට යොමු කර අපරාධ නීතිය යටතේ චෝදනා ගොනු කරන්නත් පුළුවන්. එහෙත් අපේ රටේ අපරාධ නීතියට අදාළව මා දන්නා තරමින් අණදීමේ වගකීම පිළිබඳව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. 

 රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවන්නේ අපරාධවලට අදාළව නිසි නීතිමය බලයක් නොමැතිව ඒ සඳහා අණදීම පිළිබඳව චෝදනාවල්. ඒ නිසා ඔහු කළ අපරාධ වලින් ඔහුට නීතියෙන් ගැලවීම සඳහා වැඩි ඉඩක් ලැබෙනවා.  කෙසේ වෙතත් ඔහු විසින් පසුකාලීනව යහපාලන ආණ්ඩුව යටතේ සම්මත කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත සහ අතුරුදහන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත අනුව රණවිරුවන්ට එරෙහිව අතීතයට බලපාන පරිදි සහ සාක්ෂි ආඥ පනත අදාල නොවන ලෙස පරීක්ෂණ පවත්වා දඬුවම් කළ හැකියි. 

රනිල් වික්‍රමසිංහ මහතා 88-89  කාලයේදී අතුරුදහන් කිරීම් වලටත් අණදුන් බවට විවාදයක් නැතත් ඔහුට නීත්‍යානුකූල අණදීමේ බලයක් නොතිබූ බැවින් එම පනත් යටතේ එනම් ඔහුගේ පනත් යටතේ ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. නමුත් වද බන්ධනයන්ට ලක්වූවන්ට සහ ඝාතනයට ලක්වූවන්ට මෙන්ම බොහෝ කැප කිරීම් කළ එහෙත් ජීවිතය රැක ගැනීමට හැකි වූ සියලු මිනිසුන්ට සාධාරණය ඉටු කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා. ඒවා කෙටියෙන් මෙසේ දැක්විය හැකියි

1. වද බන්ධනයට ලක්වූවන් එසේ ලක්වීමට හේතු වූ දේශපාලන සාධකය එනම් ඔවුන්ගේ දේශපාලන අරමුණුවලට ගරු කිරීමය. ඒ අනුව ආණ්ඩුව ඔවුන්ගේ නාමයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුය. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක නොකරන බවට සහ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අදාල ප්‍රකාශිත හෝ සැඟවුණු කිසිදු ක්‍රියාවකට ඉඩ නොදන බවට මෙන්ම ඉන්දියානු ව්‍යාප්තවාදය හෙවත් මහාභාරත් න්‍යායට අනුව ඉන්දියාවෙන් එල්ල වන බලපෑම් වලට යටත් නොවන බවට ජනාධිපතිවරයා විසින් සහ ආණ්ඩුවේ ප්‍රබලයින් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම.

2. පරණගම කොමිසම හෙවත් අතුරුදහන්වීම් පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ වාර්තාව සහ එම කොමිසමේ දෙවන බළාධිකාරියේ යටතේ රණවිරුවන්ට එරෙහිව එල්ල වූ යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභා කිරීම මුල්කරගෙන කැඳවන ලද ජාත්‍යන්තර විශේෂඥ වාර්තා 6ක් පාර්ලිමේන්තුවේ සභාගත කර විවාදයට ලක් කිරීම.

3. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී විදේශ අමාත්‍යවරයා විසින් පොරොන්දු වූ පරිදි සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම මගින් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම දක්වා වන ගමනට පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය අත්හිටුවන බව සහ එය වැරදි  උපදේස් මත ඇති කරගත් එකඟතාවයක් බව ප්‍රකාශයට පත් කිරීම. 

4. ඊට සමගාමීව ස්වභාවික යුක්තිය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව  එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා පිළිබඳව විධිමත්ව  නීතිමය සහ කරුණුමය සාක්ෂි අනුව ප්‍රතිඋත්තර බැඳීමට අවස්ථාව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම සහ ඒ සදහා පරණගම කොමිසම යටතේ ලබාගත් ජාත්‍යන්තර විශේෂඥ වාර්තා යොදා ගැනීම. 

5. සියලු ඝාතනවල ප්‍රධාන සංකේතයක් වන අත්අඩංගුවට ගෙන සිටියදී රෝහණ විජේවීර මහතා වෙඩි තබා ඝාතනය කර පණපිටින් ආදාහනාගාරයට විසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාවක් පත් කිරීම.

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..
තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.