
යුද්ධයෙන් වැසීගිය මඩකලපුවේ එකම සිංහල පාසලක්වත් විවෘත්ත කිරීමට හැකිවී නැහැ... පාසල් කැලේටම යටවෙලා
නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ පැවති යුද කාලවකවානුව තුළ වැසීගිය සිංහල පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට පැවැති කිසිදු රජයකට නොහැකිවීම කනගාටුවට කරුණක් බව මඩකළපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කරති.
යුද වකවානුව තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව විශාල වශයෙන් ගම්බිම් හැර ගියද යුද්ධය නිමාවෙන් පසු යළිත් ඔවුන්ගේ දරුවන් සමඟ තම නිජබිම් වලට පදිංචියට පැමිණියද ඉඩම් සම්බන්ධ ගැටලු රැසක් පවතින බවත් එලෙස පැමිණෙන සිංහල ජනතාව සඳහා සිංහල පාසලක් නොමැතිවීම විශාල ගැටලුවක් බවද දේවාලංකාර නාහිමියෝ සඳහන් කරති.
යුද්ධය නිමා කර, සාමය උදා වී වසර දාහතරක් ගත වුවද නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර පළාතේ එකම සිංහල පවුලක්වත් පදිංචි නොකිරීම කනගාටුවට කරුණක් බවත්, මෙම තත්වය යටතේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවගේ මෙන්ම දැන්ට සිටින පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, උන්වහන්සේ පෙන්වා දෙති.
තමන් ඇතුළු පරිත්‍යාගශීලීන්, දානපතින්, මැදිහත්වීමෙන් කල්කුඩා සිංහල පාසලක් සිදු කරගෙන යන බවත්, එමෙන්ම පුන්නකුඩා ගම්මානයේ පෙරපාසලක් පමණක් සිදුකරන බවත්, මෙම තත්වය අවබෝධ කරගෙන නැගෙනහිර පළාතේ වැසීගිය පාසල් 13 එකක්වත් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් ආරම්භක කිරීමට හෝ දැනට ජීවත්වන සිංහල ගම්වාසීන් උදෙසා කිසිදු සහන වැඩපිළිවෙළක් අයවැයෙන් ප්‍රකාශ නොවූ බවත් උන්වහන්සේ පවසති.
(තොරතුරු හා ඡායාරූප ලංකාදීප පුවත්පතිනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
