News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාවේ විරල පාංශු පාෂාණ (Rear Earth Minerals ) නිධිවල ආයෝජනයට ඇමෙරිකාව ප්‍රමුඛ රටවලට පුටින්ගේ ආරාධනය... දැකිය යුත්තේ කෙලෙසද? වෛද්‍ය සුමිත් වන්නිආරච්චිගෙන් පැහැදිලි කිරීමක්

Mar 6, 2025 at 02:38 PM
|

ඇමරිකානු ජනාධිපති ටෘම්ප් මහතාගේ සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා අතර ඇති වූ සජීව සාකච්ඡාවෙන් පසුව රුසියානු ජනාධිපති පූටින් මහතා විසින් පුවත්පත් සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් පැවසුවේ රුසියාවේ ඇති විරල පාංශු පාෂාණ නිධිවල  ආයෝජනයට ඇමෙරිකාව ප්‍රමුඛ රටවල සමාගම් වලට ආරාධනා කරන බවයි. සතුරු පාර්ශව දෙකක් එකිනෙකට මුහුණ ලා සටන් කරන මොහොතක මෙම ප්‍රකාශනයේ  ආන්දෝලනාත්මක සහ රුසියාවට ලැදි අයට ප්‍රශ්නයක් නොවන්නේ කෙලෙසකද? මේ පිළිබදව අප ශ්‍රී ලංකාවේ අධිරාජ විරෝධී ජාතික සංසදයේ කැදවුම්කරු වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතාගෙන් ප්‍රශ්න කළ අතර මේ ඔහු අපට ලබාදුන් දීර්ඝ පිළිතුරයි. 


ඔව් ඔබ විසින් අසන ලද ප්‍රශ්නය මතුපිටින්  බලන කල ඉතා සාධාරණයි.

රුසියාවට සහ පූටින්ට  ආදරය කරන ලද ඕනෑම සාමාන්‍ය පුරවැසියෙකුට ඔහුගේ මෙම ප්‍රකාශය ඔහු නැවත කියවා ගන්නා තෙක් ප්‍රශ්නාර්ථයක් විය හැකිය .

එහෙත් ඔබ පූටින් ජනාධිපති වරයාගේ කෘතහස්ත  රාජ්‍ය  පාලනය හරි හැටි නැවත කියවා ගන්නේ නම් ඔබට සියල්ල පැහැදිලි වනු ඇත.

පසුගිය සතිය තුළ ලෝකය තුළ ප්‍රචලිත වූ ටෘම්ප්- සෙලෙන්ස්කි  හමුවත් සමග යුක්‍රේන  යුද්ධයේ තිත්ත පරාජය බාර ගැනීමට සෙලෙන්ස්කිට තම ස්වාමියා විසින් කරනලද බලපෑම මුලු ලෝකයම දකින්නට ඇත. එය සෙලෙන්ස්කිගේ පරාජය කට වඩා ඇමෙරිකානු අධිරාජ්‍යයේ පරාජයක් බවට ටෘම්ප් මහතාට ද වක්‍රෝතියෙන් පිළිගන්නට වින.

එපමණක් නොව එම පරාජය ප්‍රසිද්ධියේ භාර ගැනීමත් සමඟ යුද්ධයේ මුවාවෙන් යුක්‍රේන ප්‍රොක්සි යුද්ධය තුළින් රුසියාව ආක්‍රමණය කළ නොහැකි බවත්, අතීතයේ මෙන්ම අනාගතයේදීද රුසියානුවන් යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකි බව ටෘම්ප් ජනාධිපතිවරයා ගේ හැසිරීම් තුලින් ඔප්පු වූවේ යැයි ඔබ පිළිගන්නවා ද?

පරාජිත යුද්ධයේ අවසානයේ  සෙලෙන්ස්කි නමැති ඔවුන්ගේ රූකඩ පාලකයා බිය වද්දා සහ ලැජ්ජාවට  පත් කොට, යුක්‍රේන යුද්ධය සදහා ඇමරිකාව වියදම් කල මුදලට අමතරව පොලී ද එකතු කොට එම මුදලට යුක්‍රේනය  මුදලට හිලව් කර ගැනීමට සහ යුක්‍රේනයේ  විරල පාංශු ඛනිජ ද්‍රව්‍ය (Rear Earth Minerals ) නිධි අත්පත් කර ගැනීමට කල අවසන් උත්සාහය ඔබ නොදැක්කේද?

දියුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ සැබෑ ලෝක සාමය ප්‍රාර්ථනා කරණ සහ ඒ වෙනුවෙන් ඉතා පරිස්සමින් සැලසුම් සහගතව කටයුතු කරන ලෝක නායකයකු ලෙස පූටින් ජනාධිපතිවරයා යුද්ධය අවසානයේ සාමය සදහා ඇමරිකාවට, බටහිරට සහ සමස්ත ලෝක ජනතාවට ඔහු දෙන පණිවිඩය ඔබ නොදුටුවේද?


අවශ්‍ය නම් මෙම ටෘම්ප් සෙලෙන්ස්කි නාඩගම උපයෝගී කරගෙන ඔවුන් දෙදෙනා ම හාස්‍යයට ලක් කරමින් තම ජයග්‍රාහී ක්‍රියාන්විතය ගැන උදම් අනමින් පම්පෝරි ගැසීමට ඔහුට මේ අවස්ථාව උපයෝගී කර ගැනීමට නොතිබුනේද?

එසේ ක්‍රියා කලේ නම් පූටින් - රුසියානු හිතවතුන් හුරේ නො දමනවා යැයි ඔබ සිතන්නේ ද?

එහෙත් ඒ වෙනුවට මෙම කෙටි ප්‍රකාශය තුලින් පූටින් ජනාධිපතිවරයා අතීතය සහ අනාගතය විශ්ලේශණය කරමින් අනාගත ලෝක නීරවි කරනයේ සේයාවත්, සාමය සහ සංවර්ධනය කරා සමස්ත ලෝකයට පාර කැපීමේ පලමු පස් පිඩැල්ල ලෙස මෙම කෙටි පැහැදිලි කිරීමේ වචන තුල ගැබ් වී ඇති බව ඔබට නොහැගේද?


ඔහුගේ වචන තුල පහත සදහන් සියල්ල ගැබ් වී ඇති බව ඔබට එම ප්‍රකාශයට නැවත සවන් දීමේ දී පැහදිලිවනු ඇත.

1. බටහිර පාලකයිනි, අපගේ මහත්මා ගති උපයෝගී කර ගනිමින් ඔබට ටික දිනකට අප රැවටිය හැක. එහෙත් එය තාවකාලිකය.

2. නුඹලාට කිසි දිනක මේ ශ්‍රේෂ්ඨ ජාතිය යුදමය වශයෙන්  පරාජය කල නොහැක. එමෙන්ම යටත් කල නොහැක.

3. ඕනෑම අසීරු අවස්ථාවකට මුහුනදීමට රුසියානු ජනතාව වෙනස් වනු ඇත. මම එයට නායකත්වය දෙමි.

4. තවදුරටත් නුඹලා විසින් රුසියාව යටත් කිරීමට කරන නිශ්පල උත්සාහය නවත්තපල්ලා. සියළු යුදමය සහ යුදමය නොවන බල ඇනි විසුරුවා පල්ලා.

5. නුඹලා විසින් ලෝක ජනතාවගේ මනස් තුල පැල පැදියන් කිරීමට නිරන්තරයෙන් උත්සාහ කල රුසියානු භීතිකාව (rusphobhia) නිරවි යුද්ධය තව දුරටත් වලංගු නැති බැවින්  එය අත් හැරපල්ලා.

6. ඇමරිකානු පාලකයිනි ! සමස්ත යුරෝපීය ඇමරිකානු ගැත්තන් වන යුරෝපීය පාලකයිනි ! නුඹලාගේ රුසියාව යටත් කොට එහි වස්තුව ලබාගැනීමට ශත වර්ෂ ගණනක් නුඹලාගේ මුතුත් මිත්තන්න්ගේ නායකයින් ද කල අසාර්ථක උත්සාහය දැන් වත් නතර කරපල්ලා!

7. රුසියානු  බිල්ලා පෙන්වා යුක්‍රේන කුලී යුද්ධය(proxy  war) තුලින් අත්පත් කර ගැනීමට උත්සාහ කල යුක්‍රේන -රුසියානු භූමීන් තුල ඇති විරල පාංශු ඛනිජ නිධි වල ඇති අයිතිය ලබාගැනීමෙ සිහිනය සිහිනයක් ම පමනක් බව මතක් කර ගනිල්ලා.

8. නුඹලා යුක්‍රේනය ආක්‍රමණය කලේ එහි ඇති වස්තුව සදහා වුවද, අප අකමැත්තෙන් වුවද යුද්ධය සදහා පෙලඹුණේ අප දේශයේ සහ ජාතියේ ආරක්ෂාව සහ රුසියානු ජනතාවගේ  අභිමානය සඳහායි.

9. නුඹලාට යුක්‍රේනයේ විරල පාංශු ඛනිජ වටිනා දෙයක් වුවද , අපිට එහි සාපේක්ෂ වටිනා කමක් මිස. ඒ සදහා  රටවල් ආක්‍රමණය කිරීමට අපට අවශ්‍යතාවයක් ඇත්තේම නැත.

10. ඔබ සොයන ඔය විරල පාංශු ඛනිජ ඕනෑ තරම් අප දේශයේ උතුරු කරයේ  Murmansk වලත් Caucasus,Irkutsk,Yakutia, සහ Tuva ප්‍රදේශවල  ඕන තරම් ඇත. එම නිසා යුක්‍රේනයේ ඇති කුඩා නිධියක් නුඹලාට මරා ගෙන මැරී අත්පත් කර ගැනීමට  අවශ්‍ය වූවාට, රුසියානු අපිට එවා එතරම් වටින දේවල් නොවන්නේය.

11. කොටින් ම නුඹලාට ඒවා විරල පාංශු ඛනිජ වූවාට අපට ඒවා බහුලය. පෘතුවි පෘෂ්ඨයේ මෙම මූල ද්‍රව්‍ය බොහෝ ප්‍රදේශවල ඇත. එහෙත් ඒවා නිස්සාරණය කර ලබා ගැනීමට අධි තාක්ශනය සහ වියදම් සහිත කාර්‍යය කි. තාක්ෂණය තුල අද නොහැකි දේ හෙට සාමාන්‍ය දෙයකි. නැතහොත් විරල දෙය බහුල වන්නේය. මිල අධික  තාක්ශණයේ උපකාරයෙන් සරල බහුල ලාබ දෙයක් බවට පත්වන්නේය.

උදාහරණ ලෙස ඇලුමිනියම් සොයා ගත් කල එය විරල මූලද්‍රව්‍යයක් විය. එදා ඇලුමීනියම් රිදී වලටත් වඩා මිලෙන් අධික  විය. එහෙත් තාක්ෂණය විසින් බොක්සයිට් නිස්සාරණය දියුණු කළ පසු ඇලුමීනියම් යනු අද දවසේ මිලෙන් අඩු බහු භාවිතයන් සඳහා යොදා ගන්නා සරල ප්‍රධාන මූල ද්‍රව්‍යයක් බවට පත්වී ඇත.

අද දවසේ කතා කරණ විරල පාංශු මූලද්‍රව්‍ය වල කතාවද මෙසේ ම වන්නේය.

ටෘම්ප් මහතාට මෙම සරල  අවබෝධය  නො තිබුනත් පූටින් මහතාගේ තීක්ෂණ බුද්ධියට මෙම තාක්ෂණය සහ කාලය අතර ප්‍රශ්නයක් බව ඔහු හොඳින් දන්නේ ය.

තම රටේ ම තියෙන විරල  පාංශු ඛනිජ නිධි, ඉදිරි ලෝක අවශ්‍යතාවයට උපරිමයෙන් ලබා ගැනීමට නම් එය අද දවසේ භාවිතයෙන් ලබන සාපේක්ෂ වාසියක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. එසේ නොවුනහොත් ඒවායේ වටිනාකම පහළ යන්නේ ය. මේ බව දියුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා කළමනාකරුවෙකු වන පූටින්  ජනාධිපති වරයාගේ දියුණු  මනසට වැටහී ඇත. 

ඔහු තම  රටෙහි ඇති විරල පාංශු ඛනිජ නිධි වෙත ආයෝජනයට ඇමරිකාව ඇතුළු සමස්ත ලෝකයටම ආරාධනා කරන්නේ එම නිසා බව ඔබට වැටහෙනු  ඇත. මන්ද මෙම ක්ෂේත්‍රයේ ආයෝජනයට මූල්‍ය ශක්තිය සහ කාර්මික  අවශ්‍යතා ඇත්තේ දියුණු කාර්මීකරණය වූ රටවලට ය.  මෙම විරල පාංශු ඛනිජ සදහා ඉල්ලුම ඇත්තේ ද ඇමෙරිකාව ඇතුලු යුරෝපීය කර්මාන්ත කරුවන් හට වන්නේය .

ජනාධිපති  පූටින්  මහතාගේ කතාවේ දී ඔහු තව දුරත් තහවුරු කර පවසන්නේ රුසියානු භූමියේ ඇති ඛනිජ සම්පත් පමනක් නොව 2022 න් පසු යුක්‍රේන යුද්ධයෙන් අත්පත් කරගත් ප්‍රදේශය වල පවතින විරල පාංශු නිධි වලට ද ඔහුගේ ප්‍රකාශය වලංගු වන බවයි.

මින් ගම්‍ය වන්නේ කුමක් ද?

අපගේ ප්‍රතිපත්ති අපගේ සමස්ත භූමියට ම  අදාළ වන්නේය. යුක්‍රේන  යුද්ධයෙන් පසු නිදහස් කර ගන්නා භූමියද රුසියානු භූමියයි. දේශයේ ස්වයිරීත්වය ත් භෞමික අඛන්ඩත්වයත් ගැන අපට අපේ ම ප්‍රතිපත්ති සහ ක්‍රමවේද ඇත. එම නිසා නුඹලා නුඹලාගේ වැඩක් බලා ගනිල්ලා. නුඹලාගේ රුසියානු භීතිය සහ රුසියාව යටත් කර ගැනීමේ සිහිනය අත් හැරපල්ලා.

අපත් සමග එකතුව යුද්ධය වෙනුවට සාමයෙන් වැඩ කිරීමට අත්වැල් බැද ගනිල්ලා.

ඒ තුලින් සමස්ත ලෝක වාසීන්ට මෙන්ම සතා සීපාවුන්ටද අපගේ  පෘතුවිය දියුණු  ආරක්ෂිත  ස්තානයක්  බවට පත් කිරීමට අපිත් සමග අත් වැල් බැද ගනිල්ලා!!!

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.