
එක්සත් ජනපද ණය යනු ‘ආර්ථික හෘදයාබාධයක්’- බ්‍රිජ්වෝටර් ඇසෝසියේට්ස් හි නිර්මාතෘ බිලියනපති ආයෝජක රේ ඩාලියෝ අනතුරු අඟවයි
වොෂින්ටනය වහාම ආර්ථික හිඟය කපා හැරීමට හෝ ඉදිරි වසර තුන තුළ ප්‍රධාන ණය අර්බුදයක අවදානමට මුහුණ දීම යන කාරණා දෙකින් එකකට මුහුණ දෙන බව බ්‍රිජ්වෝටර් ඇසෝසියේට්ස් හි නිර්මාතෘ බිලියනපති ආයෝජක රේ ඩාලියෝ පසුගිය 03 2වනදා බ්ලූම්බර්ග් වෙත අදහස් දක්වමින් පැවසීය. 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ඩොලර් ට්‍රිලියන 1.8 දක්වා ඉහළ ගිය එක්සත් ජනපද ෆෙඩරල් රජයේ වලසෙකු වන් අයවැය හිඟයෙන් මෙම පහළ යාමේ අපේක්ෂාව කිරීම සිදුවේ.
2020 සහ 2021 වසර වලදී පිළිවෙලින් ඩොලර් ට්‍රිලියන 3.132 සහ ඩොලර් ට්‍රිලියන 2.772 ක වාර්තාගත වසංගත සහන මගින් මෙහෙයවනු ලැබුවාවූ අය වැය හිඟයන්ට පසුව, මෙම විශ්මයජනක අගය එක්සත් ජනපද ඉතිහාසයේ තුන්වන විශාලතම ෆෙඩරල් හිඟය ලෙස සනිටුහන් කරයි. වටහා ගැනීමේ පහසුව සඳහා ප්‍රංශයේ දළ දේශීය නිෂ්පාදිතය 2023 දී ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 3 ක් වීම සැලකිය හැක.
“ඔබ එය නොකළහොත්, ඔබ කරදරයට පත්වනු ඇත,” ප්‍රකෝටිපතියා බ්ලූම්බර්ග් පුවත් සේවයේ සතිපතා ‘ඔඩ් ලොට්ස්’ පොඩ්කාස්ට් විකාශනයක් වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
“මෙම අණතුර හරියටම කවදා එයිද කියලා මට කියන්න බෑ, නමුත් එය හරියට හෘදයාබාධයක් වගේ,” ඔහු අවධාරණය කළේය. “ඔබ ළං වෙමින් සිටිනවා, මගේ අනුමානය අවුරුදු තුනක් හෝ එයට ආසන්න කාලයක් ගතවේවි.”
රජයේ අය වැය හිඟය සහ ඉදිරියේදී ඇති විය හැකි ණය අර්බුදය විසඳීමට කළ හැකි “ විසඳුමක් ඇති” බව ප්‍රකෝටිපතියා අවධාරණය කළේය. භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව එක්සත් ජනපද ජාතික ණය දැනට ඩොලර් ට්‍රිලියන 36.2 ක් වේ. එය පසුගිය ගිම්හානයේදී පළමු වරට ඩොලර් ට්‍රිලියන 35 සීමාව ඉක්මවා ගියේය.
ඩාලියෝ මෙවැනි ප්‍රකාශයක් කරනු ලබන්නේ ආරක්ෂක සහ සංක්‍රමණ බලාත්මක කිරීම සඳහා වියදම් වැඩි කිරීම සඳහා අරමුදල් ද ඇතුළත් වන දැවැන්ත බදු කප්පාදු පනතක් සම්මත කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් පරිපාලනය කටයුතු කරමින් සිටියදීය.
පසුගිය සතියේ, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වියදම් ඩොලර් ට්‍රිලියන 2 දක්වා අඩු කිරීමට සහ ඉදිරි වසර 10 තුළ ඩොලර් ට්‍රිලියන 4.5 දක්වා බදු කප්පාදු කිරීමට ඉඩ සැලසීමට නිර්මාණය කර ඇති අයවැය රාමුවක් සියුම් ලෙස සම්මත කළේය. අයවැය සැලැස්ම මඟින් ව්‍යවස්ථාපිත ණය සීමාව ඩොලර් ට්‍රිලියන 4 කින් ද ඉහළ නංවනු ඇත.
ඩාලියෝට අනුව, ට්‍රම්ප්ගේ බදු කප්පාදු ක්‍රියාත්මක වූ පසු, ප්‍රක්ෂේපිත හිඟය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.5% ක් පමණ වනු ඇත. බිලියනපති ආයෝජකයා එය 3% දක්වා අඩු කරන ලෙස ඉල්ලා සිටි අතර, එයින් අදහස් වන්නේ "ආදායම්වලට සාපේක්ෂව ණය ඉහළ නොයන බවත්, එය සැපයුම සහ ඉල්ලුම බෙහෙවින් වැඩිදියුණු කරනු ඇති බවත්" පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
