
විමල්‌ගේ '' සඳේ ගින්දර" ගින්දර නිවන්න කැත උත්සාහයක්
ජාතික නිදහස් පිටමුණේ නායක විමල් වීරවංශ මහතාට ආණ්ඩුවට සම්බන්ධ ආයතනයකින් සිදුවී ඇතැයි කියන බරපතල අසාධාරණයක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා.
විමල් වීරවංශ මහතා විසින් රචිත ” සඳේ ගින්දර ” නම් නවකතාව එළිදැක්වීමේ උත්සවය වෙනුවෙන් එළඹෙන 07 වෙනිදා ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය වෙන් කිරීමට අදාළ සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.
වාර්තාවන අන්දමට ඒ සඳහා අත්තිකාරම් මුදලක්ද ඔවුන් විසින් ගෙවා ඇති අතර උත්සවයට අදාළ ආරාධනා පත්‍ර ද මුද්‍රණය කර බෙදා හැර තිබෙනවා.
කෙසේ වෙතත් අද (04) පෙරවරුවේ ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරයේ නිලධාරීන් විසින් දන්වා තිබෙන්නේ මෙම උත්සවය පැවැත්වීමට අවසර ලබා දිය නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් උත්සව සංවිධායකයින් සහ අදාළ නිලධාරින් අතර උණුසුම් සංවාදයක් ද නිර්මාණය වී ඇති අතර උත්සවය පැවැත්වීම සඳහා අත්තිකාර මුදලක් ලබා ගෙන අවසන් මොහොතේ නිශ්චිත හේතුවක් නොදක්වා එය පැවැත්වීමට අවසර ලබාදිය නොහැකි බවට පැවසීම විමතියට කරුණක් බවයි උත්සව සංවිධායකයින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සංවිධායක කමිටුව අදාළ උත්සවය සඳහා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරය වෙන් කරවාගෙන තිබෙනවා.
මතු වූ ව්‍යාකූල තත්ත්වය පිළිබඳව දැනුවත් කරමින් නව ආරාධනා පත්‍රයක්ද නැවත බෙදා හැරීමටයි ඔවුන් පියවර ගෙන තිබෙන්නේ.
එමෙන්ම අත්තිකාරම් මුදලක් ලබා ගනිමින් අදාළ වෙන් කිරීම සිදුකොට අවසන් මොහොතේ උත්සවය පැවැත්වීමට ඉඩ ලබා විය නොහැකි බව පැවසූ නිලධාරින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බවද වාර්තාවනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
